lakbima.lk

නවින් දිසානායක මැතිතුමාගේ සංකල්පයකට අනුව 2018 වර්ශයේ ආසියානු දැල් පන්දු තරගාවලිය‍ේ ශූරියන් වූ ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම සඳහා ලෝක කුසලාන තරඟාවලියේදී සිලෝන් ටී සන්නාමය ප්‍රචලිත කිරීම වෙනුවෙන් ප්‍රධාන අනුග්‍රාහකත්වය ගෙන ශ්‍රී ලංකා තේ මණ්ඩලය රුපියල් මිලියන 05ක මුදලක් අදියරෙන් අදියරට ලබා දීමට කටයුතු සැලසුම් කර ඇත.


ඒ අනුව දැල් පන්දු කණ්ඩායමට ලෝක කුසලාන තරඟාවලියට අවශ්‍ය ඉදිරි කටයුතු වෙනුවෙන් 2 වන අදියර ලෙස ලබා දීමට සැලසුම් කල රුපියල් මිලියන 02 ක මුදල ප්‍රධානය කිරීම වැවිලි කර්මාන්ත අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදු විය.


චීනයේ ඉමෙයිෂාන් නුවරදී  පැවැත්වෙන 08 වන ලෝක කුංග්ෆු ශූරතා තරගාවලියේදී රන් පදක්කම් දෙකක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ පැතුම් පූර්ණ වැන්කියුලන්බර්ග් සමත්වූහ. මෙම රන් පදක්කම් දෙකත් ඇතුළුව තරගාවලියේ පළමු දින දෙකේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනාගත් පදක්කම් සංඛ්‍යාව 7 කි.

චීනයේ පැවැත්වෙන ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙ‍ලේදී රිදී පදක්කම් දිනා ගැනීමට නදීෂා රාමනායක සහ නිමාලි ලියනආරච්චි සමත් වූහ.

මී. 400 ඉසව්ව නියෝජනය කළ නදීෂා ඉසව්ව තත්. 53.24 කින් අවසන් කරමින් රිදී පදක්කම දිනා ගත්තේය.

මී. 800 ඉසව්ව නියෝජනය කළ ජඉසව්ව වි.2 තත් 03. 17 කින් ඉසව්ව නිම කරමින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දුන්නාය.

මී. 800 ඉසව්වට සහභාගීවූ ගයන්තිකා අබේරත්න ඉසව්ව වි.2 තත්.03. 59 කින් නිම කරමින් ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය.

හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගීවූ සුමේධ රණසිංහ මී. 76.92 ක් දුර හෙල්ල විසි කරමින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.


2019-20 අන්තර් ක්‍රීඩා සමාජ රග්බි තරගාවලියේදී වත්මන් ලීග් ශූරයන් වන මහනුවර ක්‍රීඩා සමාජ පිල මෙහෙයවීමට නයිජල් රත්වත්ත තෝරා ගෙන තිබේ.

පසුගියදා පැවති මහනුවර ක්‍රීඩා සමාජයේ මහ සභා රැස්වීමේදී නයිජල් නායකත්වයටත් හිටපු නායකයෙකු වන ෆාසිල් මරීජා පුහුණුකාර තනතුරටත් පත් කර තිබේ.

 මහනුවර ත්‍රිත්ව විදුහලෙන් රග්බි පිටියට පිවිසි නයිජල් රත්වත්ත සී.ආර්. ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් අන්.තර් ක්‍රීඩා සමාජ රග්බි පිටියට පිවිසුණි.

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පි‍ලේ සාමාජිකයකු වන නයිජල් මහනුවර ක්‍රීඩා සමාජයේ ප්‍රබල ක්‍රීඩකයෙකි.

මේ අතර මහනුවර කිංග්ස්වුඩ් විදුහලෙන් රග්බි පිටියට පිවිස මහනුවර නායකයා මෙන්ම ශ්‍රී ලංකා රග්බි නායකත්වයට පත්වූ ෆාසිල් මරීජා මේ වන විට ශ්‍රී ලංකා ජාතික පි‍ලේ ද සහය පුහුණුකරුවකු ලෙස කටයුතු කරයි.

ලබන ජූනි 1 දා ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය යළිත් දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

පූර්ණ ආරක්ෂාව සහිතව සුගතදාස පිටියේදී තරග පැවැත්විමට සැලසුම් කර තිබුණද පාසල් බලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී වෙනත් ගැටලූ පැන නැගීමෙන් යළිත් තරගාවලිය කල් දැමීමට සිදුවී තිබේ.

කෙසේ වුවද සැලසුම් කළ පරිදි බ්‍රැඩ්බි පළිහ වෙනුවෙන් පැවැත්වෙන රාජකීය-ත්‍රිත්ව තරග පැවැත්වීමට එම විදුහල් බලධාරීන් තීරණය කර තිබේ.

මේ අනුව බ්‍රැඩ්බි පළිහ පළමු අදියර ලබන 1 දා පල්ලෙකැ‍ලේදීත් දෙවැනි අදියර ලබන 15 දා රාජකීය විදුහල් පිටියේදීත් පැවැත්වේ.

 තායි විවෘත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ ෂ්‍යාමා දුලානි මී.100 කඩුලු පැනීමේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

මෙම තරගයේදී පැපුවා නිව්ගිනියා සහ තායිලන්ත ක්‍රීඩිකාවන් පරාජය කරමින් දුලානි මෙම දස්කම දක්වා තිබේ.
දුලානි තත්.62.49 කින් මී.100 කඩුලු පැනීමේ ඉසව්ව නිම කර තිබේ.

මේ අතර මී.400 කඩුලු පැනීමේ ඉසව්වට සහභාගීවූ අසංක රත්නායක ඉසව්ව තත්. 52.6 කින් නිම කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වී තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් ලෝකඩ පදක්කමක් දිනා ගත් දුර පැනීමේ ක්‍රීඩිකා සාරංගි සිල්වා මී.6.12 ක් දුර පනිමින් ලෝකඩ පදක්කමක් දිනා ගෙන තිබේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.