lakbima.lk

ඊයේ (01) ලෝකයේ ප්‍රථම වරට පැවති මිශ්‍ර ජෝඩු  ‘හොප්මන් ශූරතා ටෙනිස් තරඟාවලියේ’ විශිෂ්ට ජයක් ලබා ගැනීම‍‍ට රොජර් ෆෙඩරර් හා බෙලින්ඩා බෙනික් ගේ කණ්ඩායම සමත් විය. ප්‍රතිවාදී පි‍ළෙන් තරඟ බිමට අවතීර්ණ වූයේ සෙරීනා විලියම්ස්  හා ෆැන්සස් ටියාෆෝ ය.

මෙහිදී 4-2 ක්, 4-3ක් හා අවසානයේ 5-3 ක් ලෙස මුලු තරඟාවලිය ම ජය ගනු ලැබුවේ බෙලින්ඩා හා රොජර් ය. මෙම තරඟයේ සුවිශේෂත්වය වනුයේ ලෝකයේ අතිවිශිෂ්ට ටෙනිස් ක්‍රීඩිකාවකගේ හා ක්‍රීඩකයෙකුගේ අපූරු තරඟ විලාස දැක බලා ගැනීමේ අපූරු අවස්ථාව ලොවට හිමිවීමයි.

මෙම තරඟයෙන් අනතුරුව සුප්‍රකට ටෙනිස් ශූරයින් දෙදෙනා  එකිනෙකාගේ ජය පරාජය සමව විඳ ගැනීම හා සුබ පැතීම  එකවර සිදුවීම සුවිශේෂී විය. 

උත්පලා ප්‍රබුද්ධිකා

රුහුණු රුවල් යාත්‍රා සාමාජය මගින් සංවිධානය කරනු ලබන ‘ආචාර්ය නිහාල් ඡිනසේන රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය 15 වන දින කප්පරතොට, මිරිස්ස මුහුදු තීරයේදී ඉතා සාර්ථක අයුරින් පවත්වන ලද අතර, මෙවර තරඟාවලිය සඳහා  නාවික හමුදා රුවල් යාත්‍රා ක්‍රිඩා සංචිතය, සිලෝන් මෝටර් රුවල් යාත්‍රා සමාජය (CMYC) සහ කොළඹ රාජකීය විද්‍යාලය (Royal College) ඇතුළුව රුවල් යාත්‍රා ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රිඩකයින් 67 දෙනෙකු රුවල් යාත්‍රා 50 ක් සමඟින් සහභාගී වන ලදී.

නාවික හමුදා කණ්ඩායම සිය දක්‍ෂතා දක්වමින් විවිධ ඉසව්වලින් ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන හිමිකර ගනිමින් සියළුම රුවල් ඔරු සමාජ අභිබවා ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට සමත් විය.

බෙල්ජියම විසින් නෙදර්ලන්තය පරදා 3–2 ක් ලෙස ‍පැනල්ටි බලා ගනිමින් ලෝක හොකී කුසලාන තරඟය 2018 ජයග්‍රහණය කිරීමට  ඉකුත් 16 දා සමත් විය. මෙම ලෝක කුසලාන තරඟය පැවැත්වූයේ ඉන්දියාවේ  Bhubaneswar හි  කාලිංග නම් ක්‍රීඩාංගණයේ දී ය.

මෙම තරඟයේ කාර්තු 4  තුළදී ම කණ්ඩායම් ද්විත්වයටම ගෝලයක් වාර්තා කිරීමට නොහැකි වීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව පැනල්ටි ප්‍රදානය කිරීම් හරහා කණ්ඩායම් දෙක ලබා ගත් ගෝල ගණන 2-2 කි. කෙසේවෙතත් ජයග්‍රාහී ‍අවසන් ගෝලය වාර්තා කිරීමට සමත් වූයේ බෙල්ජියම් හොකී කණ්ඩායමයි.

මෙම තරඟාවලිය නොවැම්බර්  28 සිට  දෙසැම්බර් 16 දක්වා ඉන්දියාවේ දී පැවැත් වූ අතර තරඟාවලියේ ශූරතාවය බෙල්ජියමටත් , අනු ශූරතාවය නෙදර්ලන්ත පිළට හා  තෙවෙනි ස්ථානය ඕස්ට්‍රේලියානු පිළටත්  දිනා ගැනීමට හැකි විය.

 

උත්පලා ප්‍රබුද්ධිකා

 

එල්ලේ සම්මේලනයේ සභාපති සම්මේලන ව්‍යවස්ථාවන්ට පයින් ගසා තමන්ගේ දේශපාලන අරමුණු සඳහා සම්මේලනය අවභාවිතා කරනවා. ක්‍රීඩාව එල්ලේ වුණත් සම්මේලන සභාපතිවරයාට එල්ලයක් නොමැති විම මත එල්ලේ ක්‍රීඩාව ලොකු අනතුරකට මුහුණපා තිබෙනවා.

මෙවර පැවැත්වෙන ජාතික එල්ලේ තරඟාවලියේ සිදුවන අකටයුතුකම් හෙලිකිරීමට සහ ජාතික එල්ලේ සම්මේලනයේ සභාපතිවරයාගේ පක්ෂග්‍රාහී ක්‍රියා කළාපයට විරෝධය පල කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවක දී එසේ ප්‍රකාශ කරන ලද්දේ සම්මේලන උපසභාපති ජූඩ් පෙරේරා මහතාය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ උපසභාපතිවරයා මෙසේ ද කීය.

 ‘‘ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාප මහතා අපිට කිව්වා තරගාවලිය පවත්වන්න සහයෝගය දෙන්නම් කියලා. අවසන් තරගය සුගතදාස ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රී තරගයක් ලෙස පවත්වන්නත් අවශ්‍ය පහසුකම් දෙන්නම් කියලා. තරගාවලිය සඳහා ඇස්තමෙන්තු කළ මුදල ලක්ෂ 84ක්. ඒකෙන් හතරෙන් තුනක්ම දෙන්න ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා පොරොන්දු වුණා. ඒ වගේම කොළඹ එල්ලේ ක්‍රීඩාංගණ තුනක් හොඳින් එල්ලේ ක්‍රීඩා කරන්න පුලුවන් තත්ත්වයට නවීකරණය කරල දෙන්නම් කියලාත් ක්‍රීඩා අමාත්‍යවරයා අපට පොරොන්දුවණා. එහෙම අවස්ථාවක තමයි සභාපතිවරයා මාධ්‍යයට කියන්නේ ක්‍රීඩා ඇමතිවරයා එල්ලේ ක්‍රීඩාවට සහය දෙන්නේ නැහැ කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක්‘‘

එහිදී අදහස් දැක්වූ ජා-ඇල සික්ස්ටීන් බ්‍රදර්ස් ක්‍රීඩා සමාජයේ ලේකම් ධම්මික ප්‍රසන්න සිල්වා මහතා මෙසේ කීය.

 ‘‘අපි ශුරතාවලියේ දෙවැනි‍ වටයේ තරගයකින් ජයග්‍රහණය කරලා සිටින විට සභාපති තුමා කිව්වා නැවතත් දෙවැනි ඉනිමේ තරඟයක් ලෙස එම තරගයම පවත්වන්න කියල. අපි ඇහුවා ඇයි එහෙම කියන්නේ කියල. ජාතික එල්ලේ සම්මේලනයේ තීරණය තමයි අවසන් තීරණය. ඔවුන් අපිට ජයග්‍රහණය දීලයි තිබුණේ. එහෙම තියෙද්දි ඇයි මෙහෙම කියන්නේ කියල තේරුම් ගන්න බැහැ. ඒ තරඟය සම්මන්ධයෙන් ගැටළු තිබුණා නම් ඒක ඉදිරිපත් කරන්න ඕන එල්ලේ සංගමයට පැය භාගයක් ඇතුලත රුපියල් 1000ක ඇප මුදලක් සමග. එහෙම තමයි එල්ලේ සම්මේලනයේ විනය නීති මාලාව අනුව තියෙන්නේ. නමුත් එහෙම දෙයක් වුණේ නැහැ. දවස්දෙකකකට පස්සේ තමයි මේ ආකාරයට නැවත තරඟ කරන්න කියලා සභාපතිවරයා කියන්නේ. නමුත් තරඟ කමිටුව කියනව එහෙම නැවතතරගයක් පවත්වන්න චෝදනාවක් අපිට නැහැ කියලා.

අපිට පේන්නේ සභාපතිතුමාගේ උවමනාව මත තමයි මෙහෙම යෝජනාවක් එන්නේ. අපි ක්‍රීඩාං අමාත්‍යාංශයේ ලේකම්තුමාගෙන් මේ සම්බන්ධව නිසි පියවර ගන්නයි කියල ඉල්ලා සිටිනවා. එල්ලේ සංගමයට සම්බන්ධ ක්‍රීඩා සමාජ 178ක් ඉන්නවා. දිගින් දිගටම මේ ආකාරයට සිදුවුනොත් ඒ සියලුම කණ්ඩායම් එකතු කරලා අපි මාධ්‍ය හමුවක් කැඳවලා සභාපතිවරයාගේ මේ අත්තනෝමතික ක්‍රියාවන්ට ප්‍රසිද්ධියේ විරුද්ධව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා‘‘

එල්ලේ සම්මේලනයේ ජාතික සංවිධායක චාමර සේරසිංහ මහතා මෙහිදී අදහස් දක්වමින් මෙසේ කීය.

‘‘එල්ලේ ක්‍රීඩාවෙන් සමුගන්න තරමටම මම කලකිරිල ඉන්නේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපය නිසා. පසුගිය කාලයේදී ඇතැම් ක්‍රීඩා සමාජවලට වාසිදායක වෙන ආකාරයට එතුමා කටයුතු කරන්න කියලා මට කිව්වා. විශේෂයෙන්ම තොටළඟ අරුණ සහ වැලිවේරිය කාන්ති කණ්ඩායම් අතර තරඟය කාන්ති කණ්ඩායමට වාසිදායක ක්‍රීඩාංගණයක පවත්වන්න කියලා සභාපතිවරයා මට කිව්වා. මම ඊට එකඟ වුණේ නැහැ. ඒ අවස්ථාවේදී කිව්වා සභාපති ලෙස එතුමා කියන දේට මම එකඟ වෙන්න ඕන කියල. මම කිව්වා හරි දෙයකට නම් මම එකඟ වෙන්නම් කියලා. ඊට පස්සේ සභාපතිතුමා කිව්වා එයාගේ තීන්දුවලට එකඟවෙන්න බැරිනම් සම්මේලනයෙන් ඉවත්වෙන්න කියලා. මීට කලින් සම්මේලනයේ හිටපු ලේකම් වරයාටත් එහෙම පරුෂ වචනයෙන් බැනලා එලෙව්වා. දැන් එල්ලේ සංගමය ලේකම් වරයෙක් නැතුවයි කටයුතු කරන්නේ. දැනට මේ විධියට නිලධාරීන් 13 දෙනෙක් ඉවත් වෙලා තියෙනවා.

ඒ වගේම ජාතික එල්ලේ ශූරතාවලිය දැන් පවත්වන්නේ නැතුව එතුමාගේ මැතිවරණ ප්‍රචාරක කාලයේදී පවත්වමු කියල යෝජනා කළා මම ඒකට එකඟ වුණේ නැහැ. මම කිව්වා දැන් කණ්ඩායම් ඔක්කොම තරගාවලියට සූදානම් වෙලා බලාගෙන ඉන්නේ, ඒ නිසා තරගාවලිය ආරම්භ කරලා අපි අවසාන කණ්ඩායම් 4 දක්වා තරගාවලිය ඉදිරියට ගෙන එමු කියලා. ඒකටත් එතුමා මට දෝෂාරෝපනය කළා. දැන් මටත් ඉහළින් තරග කමිටුව තියාගෙන මට දන්වන්නෙවත් නැතුව කමිටු රැස්වීම් පවත්වනවා.

පසුගිය සම්මේලනය එකතුකරල තිබුණ රැපියල් ලක්ෂ පහක මුදල තමයි දැන් වියදම් කරන්නේ. එල්ලේ විනිසුරුවරුන්ට තරගයක් සඳහා ගෙවන්න ඕන මුදලවත් හරියට ගෙවන්නේ නැහැ. එල්ලෙ ක්‍රීඩකයන් සඳහා සකස්කරන්න ඕන හැඳුනුම්පත සකස් කරන්නත් නියමිත ටෙන්ඩර් පටිපාටියට නෙමෙයි ඔහු කටයුතු කෙරුවේ. ඒක තමන්ගේ මිතුරෙකුට දුන්නා. සභාපතිවරයාගේ යාළු මිත්‍රකමට ඒ යාළුවා පවත්වාගෙන යන කණ්ඩායමට උදව් කරන්න ඕන නිසා. ඔවුන් කලින් තරගය පරාජය වෙලා තරගාවලියෙන් ඉවත්වෙලා තිබියදීත් නැවත ඔවුන්ට දළුපොත සමනල කණ්ඩායම සමග තරගයක් දීල තියෙනවා. ඒක සමනල කණ්ඩායමට කරන විශාල අසාධාරණයක්‘‘

මෙම මාධ්‍ය හමුව අවසානයේදී ඔවුන් ප්‍රකාශකර සිටියේ තම දේශපාලන අරමුණු පසෙකලා එල්ලේ සම්මේලනයේ කටයුතු නැවතත් නිසියාකාරව සහ විධිමත්ව කිරීමට සභාපතිවරයා සූදානම් වන්නේ නම් පමණක් තමන් සියලු දෙනාම ඔහුට සහය දැක්වීමට සූදානම් බවයි. එසේ නොකළ හොත් යුක්තිය සහ සාධාරනත්වය වෙනුවෙන් තම සටන ඉදිරියට ගෙන යන බවද මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරිණ.

 

1956 වසරේ සිට ප්‍රංශ පාපන්දු සම්මේලනය මඟින් පිරිනැමෙන 'බ්ලොන් ඩි ඕර්' සම්මානය ලෝකයේ ඉහළතම හා පැරණිතම පා පන්දු සම්මානයකි.

මෙවර එම සම්මානය ක්‍රොඒෂියානු සුපිරි පා පන්දු ක්‍රීඩක ලුකා මොඩ්රික් දිනා ගැනීමට සමත් විය. ඔහු වත්මන් ක්‍රොඒෂියානු පා පන්දු කණ්ඩායම් නායකයා ය.  

මෙම ජයග්‍රහණයේ  විශේෂත්වය වන්නේ මෙම සම්මානය පිට පිට දිනා ගනු ලැබුවේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හා ලයනල් මෙසී විසින් වීමයි.  ඔවුන් දෙදෙනා මේ වන විට පස් වතාව බැගින් බ්ලොන් ඩී ඕර් සම්මානය දිනා ගෙන ඇත.

කෙසේවෙතත් වසර 10කට පසු වෙනත් රටකට මෙම සම්මානය ලැබුණේ ප්‍රථම වතාවට ය. එමෙන්ම ක්‍රොඒෂියාවට බ්තෑන්ඩි ඕර් සම්මානය ලැබී ඇත්තේ ද ප්‍රථම වතාවට වීම සුවිශේෂී ය.

 

උත්පලා ප්‍රබුද්ධිකා

ජාතික මල්ලවපොර සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික මල්ලවපොර තරඟාවලිය පසුගිය දෙසැම්බර් 01 වන දින සිට 04 වන දින දක්වා මීගමුව, කඩොල් කැලේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී පැවති අතර, එහිදී සුවිශේෂි දක්‍ෂතා දක්වමින් 2018 වර්ෂයේ ජාතික මල්ලවපොර ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය. ඒ අනුව අඛණ්ඩව 18 වන වරටත් එම ශූරතාවය දිනාගත් කණ්ඩායම ලෙස නාවික හමුදා මල්ලවපොර කණ්ඩායම ඉතිහාසයට එක්විය.

යුද හමුදා, ගුවන් හමුදා සහ පොලිස් ඇතුළුව දිවයිනේ ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් මල්ලවපොර කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් මෙම තරඟාවලිය සඳහා සහභාගී වූ අතර, එම කණ්ඩායම් සියල්ල අභිබවමින් රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 5 ක් සමඟින් තරඟාවලියේ සමස්ථ ජයග්‍රහණය ලබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණි.

ත්‍යාග ප්‍රධාන උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මැතිතුමන් සහභාගී විය. තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ක්‍රීඩා, කොමදෝරු ජයන්ත ගමගේ මහතා, ජාතික මල්ලවපොර සංගමයේ සාමාජිකයින් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගීවි සිටියහ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.