lakbima.lk

ඕල්කට් පාසල් සහය දිවිමේ තරගාවලිය

ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ ඇති ප්‍රමුඛ පාසල් අතර තුන්වැනි වරටත් පැවැත්වෙන සහාය දිවීමේ ක්‍රීඩා තරගාවලිය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

ඕල්කට් ශ්‍රීමතාණන් විසින් පිහිට වූ, මහනුවර ධර්මරාජ, කොළඹ ආනන්ද, කුරුණෑගල මලියදේව, ගාල්ල මහින්ද, කොළඹ මියුසියස් හා විශාඛා විද්‍යාල ඇතුළු තවත් පාසල් රාශියක බාලක බාලිකාවන් මේ සඳහා සහභාගී වූහ.
පසුගිය වසරේ මෙම තරගාවලිය මහනුවර ධර්මරාජ විද්‍යාලයේ මෙහෙයවීමෙන් පවත්වන ලද අතර 2019 වසරේ මෙම තරගාවලිය සංවිධානය කුරුණෑගල මලියදේව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය හා එම විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුඛව විද්‍යාලයේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි.

මෙම ක්‍රීඩා තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී හා සභාපති වූයේ නියෝජ්‍ය මහ ‍ලේකම් ධුරය හොබවන නීල් ඉද්දවෙලය.

පාසල් අවධියේ මාණ්ඩලික, දිස්ත්‍රික්, පළාත්, සමස්ත ලංකා හා ජාතික මට්ටමේ වාර්තා රැසක් හිමිකර ගත් මලල ක්‍රීඩකයෙකු වූ ඉද්දවෙල මහතා කොළඹ විශ්වවිද්‍යාලයේදී මලල ක්‍රීඩාව හා රගර් ක්‍රීඩාව සඳහා ද වර්ණ දිනා ගත්තෙකි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.