lakbima.lk

ආසියානු කායවර්ධන ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් පස් දෙනෙක්

චීනයේ හර්බින් නුවර දී මෙම 26 වැනිදා ආරම්භ වන 53 වැනි ආසියානු කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා (වාර්ෂික) ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තරගාවලියට සහභාගිවීමයි.
 
වසර 2015 න් පසුව ශ්‍රී ලංකාව ඒ සඳහා සහභාගි වී නොමැති අතර ඊට ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ දිගින් දිගටම උද්ගත වූ පරිපාලන අර්බුද ඊට  හේතු විය.
 

මේ වනවිට දේශීය කායවර්ධන පරිපාලනය ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පත් කරන ලද අතුරු කමිටුවක් මගින් පාලනය කරයි. 
 
රාජ් කුමාර් (කිලෝග්‍රෑම් 60 බර පංතිය), කොලින් හෙට්ටිආරච්චි (කිලෝග්‍රෑම් 55 බර පංතිය), පියල් ලක්මිණ (කිලෝග්‍රෑම් 75 බර පංතිය කනිෂ්ඨ), නුවන් ගුණසේකර (ශාරීරික යෝග්‍යතා ඉසව්ව), නිෂාන්ත පෙරේරා (වයස 55න් ඉහළ ප්‍රවීණයන්ගේ කාණ්ඩය) මෙවර ආසියානු ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් නිර්දේශ වී සිටියි.
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.