lakbima.lk

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කරගත් ලකුණූ සංඛ්‍යාව 338කි.
 
කොදෙව් ක්‍රීඩකයින්ට පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණූ 315 ක් පමණි.
 
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 23 ක ජයක් වාර්තා කිරීමට හැකිවිය.
 

ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් අතර එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රීට් හි අද (01) පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් හොඳ ආරම්භයක් ලබා දුන් කුසල් ජනිත් පෙරේරා හා නායක දිමුත් කරුණාරත්න මුල් කඩුල්ල වෙනුවෙන් ලකුණු 93ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් විය. ලකුණු 32ක් ලබා සිටි දිමුත් කරුණාතිලක ජේසන් හෝල්ඩර්ගේ පන්දුවක් හමුවේ දැවී යන විට කුසල් ජනිත් ලකුණු 58ක් ලබා දක්ෂ ලෙස පන්දුවට පහර දෙමින් සිටි.

ලෝක කුසලාන තරගාවලියේ පාකිස්ථානය හා නවසීලන්තය අතර තරගයෙන් කඩුලු 6 ක ජයක් ලබාගැනීමට පාකිස්තානය සමත්විය. තරඟයේ මුලින් පන්දුවට පහරදුන් නවසීලන්තය සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 237ක් ලබා ගත්තේය.

පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 49.1 තුළදී කඩුලු 04ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.
පාකිස්ථාන ඉනිම වෙනුවෙන් බාබ අසාම් නොදැවී ලකුණු 101ක් ලබා ගැනිමට සමත් වුණි.
නවසීලන්ත පිතිකරු ජේම්ස් නීෂම් හට මංගල ශතකය හිමිකර ගැනීමට නොහැකිවූවද නවසීලන්ත ඉනිමේ අවසන් පන්දුවේදී හයේ පහරක් එල්ල කරමින් ලකුණු 97 ක් දක්වා සිය පෞද්ගලික ලකුණු මට්ටම ඉහළ නංවා ගැනීමට සමත්විය.
ඒ අනුව ප්‍රසාද ලකුණු 7 ක් හිමිකරගෙන සිටින පාකිස්තානය ප්‍රසාද ලකුණු සටහනේ හයවැනි ස්ථානය දක්වා ඉහළ පැමිණියේය.


 

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය දිනා ගනු ඇතැයි අනාවැකි පළ කර තිබූ කණ්ඩායම් අතර සිටි දකුණු අපි‍්‍රකාවට මෙවර තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමට ඊයේ (23) සිදුවිය.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 07කට ලකුණු 308ක් රැස් කළා. පන්දුවාර 50 අවසානයේ දකුණු අප්‍රිකාවට කඩුළු 9ක් දැවි රැස් කරගත හැකි වූයේ ලකුණු 259ක් පමණයි.

ඒ අනුව දකුණු අපි‍්‍රකාව සමග ඊයේ පැවැති තරගයෙන් පාකිස්තානය ජය ගත්තේ ලකුණු 49කින්.

මේ වන විට මෙවර තරගාවලියේදී පළමු වටයෙන්ම ඇෆ්ගනිස්තානය සහ දකුණු අප්‍රිකාව ඉවත් වී අවසන්.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවති තරගය  ලකුණු 20කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දු වාර 50 අවසානයේදී කඩුළු 9ක් දැවී ලකුණු 232ක් ලබාගත් අතර එංගලන්තය පන්දුවාර 47කදී සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 212ක් පමණි.

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ බර්මින්හැම්හිදී පැවති දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 04ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය පන්දුවාර 49කට සීමා විය. පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 49දී කඩුලූ 06ක් දැවී ලකුණු 245ක් රැස් කළේය.

ලකුණු 242ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම සිය ජයග‍්‍රහණය තහවුරු කළේ අවසන් පන්දුවාරයේදී වීම කැපි පෙනෙයි.

අපරාජිතව ප‍්‍රසාද ලකුණු 09ක් ලබා ගනිමින් නවසීලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට මෙම ජයත් සමග හැකිවිය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.