lakbima.lk

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී බැංගලෝර් පිලට එරෙහිව ආරම්භක පිතිකරුවන් ලෙස පැමිණ ශතක වාර්තා කිරීමට සන්රයිසස් පි‍ලේ ඩේවිඩ් වෝනර් සහ ජොනී බේස්ටෝව් සමත් විය.

මීට පෙර 2016 දී විරාත් කෝලි සහ ඩිවිලියර්ස් එකම තරගයකදී ශතක වාර්තා කර තිබුණි.

වෝනර් සහ බේස්ටෝව් මුල් කඩුල්ල වෙනුවෙන් ලකුණු 185 ක සම්බන්ධතාවයක් තබමින් නව වාර්තාවක් පිහිටවු අතර මීට පෙර ගාම්බිර් සහ ක්‍රිස් ලින් පලමු කඩුල්ලට ලකුණු 184 ලබා තිබුණි.

මෙය වෝනර්ගේ 4 වැනි අයි.පී. එල් ශතකය වන අතර ක්‍රිස් ගේල් (6) ශතක ලැයිස්තුවේ පෙරමුණේ පසුවෙයි. කෝලි සහ වොට්සන්ද ශතක 4 බැගින් ලබා තිබේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ හයේ පහර 300 ඉක්මවූ පලමු ක්‍රීඩකයා බවට පත්වීමට කිංග්ස් පංජාබ් පි‍ලේ සුපිරි ප්‍රහාරක පිතිකරු ක්‍රිස් ගේල් සමත් විය.

මේ වන විට තරග 113 කදී හයේ පහර 302 ක් වාර්තා කිරීමට ගේල් සමත්වී සිටින අතර ඔහුට පසුපසින් දෙවැනි ස්ථානයේ සිටින ඒ.බි. ඩිවිලියර්ස් හයේ පහර 192 ක්ද තෙවැනි තැන සිටින මහේන්ද්‍රසිං දෝනි හයේ පහර 191 ක් එල්ල කර තිබේ.

මේ අතර අයි.පී.එල් ලකුණු 4000 ඉක්මවූ දෙවැනි විදෙස් ක්‍රීඩකයා බවට පත්වීමටද ගේල් සමත් විය. මීට ලෙර ඩේවිඩ් වෝනර් ලකුණු 4000 සීමාව පසුකර තිබුණි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නායකයා සහ කණ්ඩායම තෝරා ගැනීමේ අවසන් අවස්ථාව හිමිවන සුපිරි අන්තර් පළාත් පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය ලබන 4 දා ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

කොළඹ, මහනුවර, ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් මේ වන විට නම් කර ඇති අතර නායකයන්ද නම් කර තිබේ.

කොළඹ නායකයා ලෙස දිනේෂ් චන්දිමාල්ද මහනුවර නායකයා ලෙස දිමුත් කරුණාරත්නද ගාල්ල නායකයා ලෙස ලසිත් මාලිංගද දඹුල්ල නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස්ද නම් කර තිබුණි.

එහෙත් ලසිත් මාලිංගට අයි.පී.එල්. තරගාවලියට යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවසරය හිමිවී තිබේ. ඔහු ක්‍රීඩා නොකරන තරග සඳහා වැඩබලන නායකයෙකු පත් කිරීමට නියමිතව තිබේ.

මාලිංග ක්‍රීඩා කරන මුම්බායි ඉන්දියන්ස් බලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සහ තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් සමග පැවැති සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

මාලිංගට ලෝක කුසලාන සංචිතයේ ස්ථානය පිළිබඳව ප්‍රශ්නයක් නොමැති බවත් ලොව සුපිරි ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කිරීමට ලැබෙන මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට වාසිදායක බව තේරීම් කමිටු සභාපතිවරයා පවසා තිබේ.

ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්ව සටනට පිවිසී සිටින දිමුත් කරුණාරත්න එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ හැම්ප්ෂයර් ප්‍රාන්තයට ක්‍රීඩා කිරීමට හිමිවූ අවස්ථාවද අත්හැර අන්තර් පළාත් තරගාවලියට ක්‍රීඩා කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දිගින් දිගටම අසාර්ථකවීම නිසා දිමුත් එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට එක්වීම සිදුවනු ඇතැයි වාර්තාවේ.

හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ආරම්භ කළ මෙම තරගාවලියේ මෙවර තරග අප්‍රේල් 4 දා සිට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ පල්ලෙකැ‍ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර අවසන් මහ තරගය 11 දා දඹුල්‍ලේදී පැවැත්වේ.

මෙම තරගාවලියේදී නායකයන්ට මෙන්ම සියලුම ක්‍රීඩකයන්ට සිය සුපිරි දක්ෂතා පෙන්වා ලෝක කුසලාන සංචිතයට ඇතුළුවීමේ අවස්ථාව හිමිවී ඇති බැවින් තියුණු තරගාවලියක් දැක බලා ගැනීමේ අවස්ථාව උදාවී තිබේ.

මේ අතර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පි‍ලේ නායකත්වය පිළිබදව සාකච්ඡා කිරීමට තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් සහ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් අතර හමුවක්ද පසුගියදා පැවැත්වුණි.

මේ අතර ශ්‍රී ලංකාවට කැඳවූ පුහුණුකරු චන්දික හතුරුසිංහ ක්‍රිකට් බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසු නිවාඩුවක් සඳහා ඕස්ට්‍රේලියා බලා පිටත්ව ගොස් තිබේ. හතුරුසිංහ එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේද පුහුණුකරු ලෙස කටයුතු කිරීමට මෙම සාකච්ඡාවලදී එකඟවී ඇති අතර ලෝක කුසලාන කණ්ඩායමේ කළමනාකරු ලෙස තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් කටයුතු කරනු ඇතැයි වාර්තා පළවේ.

මංගල ධර්මප්‍රේම

 

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම අතර බැංග්ලෝර්හිදී ඊයේ (28) පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 7 වැනි තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් අත්කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බාහි ඉන්දියන්ස් කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 187ක් රැස්කර ගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 188 ක ඉලක්කයක් හඹාගිය බැංග්ලෝර් පිලට පන්දු වාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 181 ක් පමණි.

බැංග්ලෝර් පිල වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ ඒ.බී.ඩිවිලියස් පන්දු 41කදී හ‍යේ පහර 6ක් සහ හතරේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 70ක් රැස් කළද කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට ඔහුට ‍නොහැකි විය. 

බැංග්ලෝර් පිතිකරුවන්ට තරඟය ජය ගැනීමට අවසන් පන්දුවාරය තුළ ලකුණු 17ක් රැස්කර ගැනීමට අවශ්‍ය වුවද එම පන්දුවාරය ලසිත් මාලිංග විසින් යැවූ අතර ඔවුනට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 10ක් පමණි.    

මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 187
(ක්වින්ටින් ඩි’කොක් 23, රෝහිත් ශර්මා 48, සූර්යකුමාර් යාදව් 38, යුවරාජ් සිං 23, හර්දීක් පාණ්ඩ්‍යා නොදැවී 32, යුස්වේන්ද්‍ර චාහල් 38/4, යුමේෂ් යාදව් 26/2, මොහොමඞ් සිරාජ් 38/2)

රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 181
(පාර්තිව් පටේල් 31, විරාට් කෝලි 46, ඒ.බී. ඩිවිලියස් නොදැවී 76, ජස්ප්‍රීට් බුම්රා 20/3)

 

ඕස්ට්‍රේලියාව හා පාකිස්ථානය අතර සාජාහිදී පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයෙන් ලකුණු 80ක ජයක් ලබා ගැනීමට ඕස‍්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (28) සමත් විය. දෙරට අතර පැවැත්වෙන තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලියෙන් 3-0ක් ලෙස ජය ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායමට හැකි විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 266 ක් ලබාගැනීමට සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 267ක ඉලක්කයක් හඹාගිය පාකිස්ථාන කණ්ඩායම පන්දු වාර 44.4ක් අවසානයේ සියළු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 186ක් පමණි.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඒරන් ෆින්ච් පන්දු 136 කදී ලකුණු 90ක් රැස්ගත් අතර එයට හයේ පහරක් සහ හතරේ පහර 5 අන්තරගත විය.  ග්ලේන් මැක්ස්වෙල් පන්දු 55 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 71 රැස්කරමින් ඕස්ට්‍රේලියානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායක විය.

පාකිස්තානය වෙනුවෙන් ඉමාම් උල්හක් පන්දු 72 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 46 ක් ලබාගත් අතර ඉමාඞ් වසීම් පන්දු 53 කදී ලකුණු 43 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.

ඕස්ට්‍රේලියාව - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 266
(ඒරන් ෆින්ච් 90, පීටර් හෑන්ඞ්කෝම්බ් 47, ග්ලේන් මැක්ස්වෙල් 71, ඇලෙක්ස් කේරි නොදැවී 25)

පාකිස්තානය - ඕවර 44.4 කදී සියලු දෙනා දැවී 186  
(ඉමාම් උල්හක් 46, ෂොයිබ් මලික් 32, උමාර් අක්මාල් 36, ඉමාඞ් වසීම් 43, ඇඩම් සම්පා 43/4, පැට් කමින්ස් 24/3) 

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රාජස්තාන් රෝයල්ස් සහ කිංග්ස් පංජාබ් අතර තරගයේදී එංගලන්ත ක්‍රිඩක ජොස් බට්ලර්ව මන්කාඩ් ක්‍රමයට දවා ගැනීම සම්බන්ෂයෙන් රවිචන්ද්‍රන් අෂ්වින්ට දසතින් දැඩි විරෝධයක් එල්ලවී තිබේ.

මෙම තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් පංජාබ් කඩුලු 4 ට ලකුණු 184 ක් ලබාගත් අතර රාජස්තාන්ට ලබාගත හැකිවූයේ කඩුලු 9 ට ලකුණු 170 ක් පමණි.

ලකුණු හඹා යාමේදී රාජස්තාන් එක් කඩුල්ලකට ලකුණු 108 ක් ලබා සිටියදී ලකුණු 69 ක් ලබාසිටි බට්ලර් මන්කාඩ් ක්‍රමයට දැවී ගියේය.

පන්දු යවන්නා පන්දුව යැවීමට පෙර සීමා ඉරෙන් ඉදිරියට ගිය බට්ලර්ව එම අන්තයේ කඩුල්ල බිඳ දමමින් මන්කාඩ් ක්‍රමයට දවා ගැනීමට අෂ්වින් ක්‍රීයා කළේය.

එය කීත්‍යානුකූල දවා ගැනීමක් වුවද පිතිකරුවාට පලමු වරට අවවාද කර දෙවැනි වර එම වරද කළහොත් දවා ගැනීම ක්‍රීඩාවේ ජීව ගුණය වෙනුවෙන් සිදුකරන බව ක්‍රිකට් විචාරකයෝ පවසති.

වත්මන් සහ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් මෙම සිදුවීම පිළිබඳව ඇෂ්වින්ට විරෝධය පළ කර තිබේ.

මෙය අයි.පී.එල්. ඉලූහාසයේ මන්කාඩ් ක්‍රමයට පිතිකරුවකු දවාගත් පළමු අවස්ථාව ලෙස වාර්තා ‍පොතට එක්වෙයි.

මීට පෙර ශ්‍රී ලංකාවේ සචිත්‍ර සේනානායකද ජොස් බට්ලර් මන්කාඩ් ක්‍රමයට දවා ගැනීමෙන් දැඩි විවේචනයට ලක්විය.

පන්දු 47 කදී ලකුණු 79 ක් ලබාගත් ක්‍රිස් ගේල් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.