lakbima.lk

ශ්‍රී ලංකාවේදී ආරම්භ කිරීමට නියමිතව තිබූ වයස 19 න් පහළ පාකිස්තානු තරඟ සංචාරය බෝම්බ පිපිරීමේ සිද්ධීන් හේතුවෙන් කල්දැමීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
 

ලෝක කුසලාන ඉන්දීය සංචිතය නම් කිරීම පිළිබඳවද දැඩි විවේචන එල්ල වෙමින් පවතින අතර අම්බති රයිදු සහ රිෂාබ් පාන්ට් ඉවත් කිරීම ගැන දැඩි කතා බහක් ඇතිවී තිබේ.

අම්බති රයිදු වෙනුවට විජේ ශංකර්ද රිෂාබ් පාන්ට් වෙනුවට දිනේෂ් කාර්තික්ද නම් කිරීමට ඉන්දීය තේරීම් කමිටුව පියවර ගත්තේය.

විජේ ශංකර් ඔනෑම ස්ථානයක පිතිකරණයේ යෙදිය හැකි බැවින් රයිදුට වඩා ප්‍රයෝජනවත් බවත් දානේෂ් කාර්තික්ගේ අත්දැකීම් හේතුවෙන් පාන්ට් වෙනුවට ඔහු නම් කළ බවත් තේරීම් කමිටුව ප්‍රකාශ කළේය.

එහෙත් හිටපු ඉන්දීය සුපිරි තරු රැසක් මෙම තේරීම් පිළිබඳව දැඩි විවේචන එල්ල කර තිබුණි.

 

 

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත් කර තිබේ. ඒ අනුව එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇති.

මෙම පත් වීමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

 

දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයද උසුලයි.

 

 

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පිල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වී ඇත. පැවති තරඟ 6යෙන් 5ක් ජය ගැනීමට චෙන්නායි පිල සමත් වී තිබේ.

 23 වැනි තරගය ලෙස ඊයේ(09) පැවති චෙන්නායි සුපර් කිංග්ස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම් අතර චෙන්නායිහිදී පැවැති තරගය කඩුලු 7 කින් ජයගැනීමට චෙන්නායි පිල සමත්විය.

කාසියේ වාසිය දිනූ චෙන්නායි කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනී පළමුව පන්දුවට පහරදීමට කොල්කටා පිලට ආරාධනා කළ අතර ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 108 ක් පමණි.

ජයග්‍රහණය සඳහා ලකුණු 109 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි පිල ඕවර 17.2 කදී කඩුලු 3 ක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

කොල්කටා නයිට්රයිඩර්ස් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 108
(ඇන්ඩි්‍ර රසල් නොදැවී 50, දීපක් චහර් 20/3, හර්බජන් සිං 15/2, ඉම්රාන් තහීර් 21/2)

චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 17.2 කදී කඩුලු 3 ක් දැවී 113
(ෆෆ් ඩු‘ප්ලෙසීස් නොදැවී 43, අම්බති රයිදු 21, සුනිල් නරේන් 24/2

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් පළාත් පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබිමට කොළඹ සහ ගාල්ල කණ්ඩායම් සමත් විය.

මෙම කණ්ඩායම් දෙකම දඹුල්ල සහ මහනුවර පරාජය කරමින් ලකුණු සටහනේ පෙරමුණට පැමිණි අතර කොළඹ සහ ගාල්ල අතර මූලික වටයේ තරගය පැවැත්වෙමින් තිබුණි.

කොළඹ කණ්ඩායම දිනේෂ් චන්දිමාල් විසින් මෙහෙයවනු ලබන අතර ගාල්ල කණ්ඩායම ලසිත් මාලිංග විසින් මෙහෙයවනු ලබයි. මෙම අවසන් මහ තරගය ලබන 11 දා දඹුල්ල‍ලේදී පැවැත්වේ.

මෙම තරගාවලියේ දක්ෂතා අනුව 2019 ලෝක කුසලානට සහභාගී වන කණ්ඩායම තෝරා ගැනීමට නියමිතව තිබේ. 

අයි.පී.එල් තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් පිල නියෝජනය කරන ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග නැවත ශ්‍රී ලංකාවට පැමිණීම නිසා ස්ථානය හිමිවූ කොදෙව් නවක වේග පන්දු යවන්නා වන අල්සාරි ජෝසප් අයි.පී.එල්. ඉතිහාසයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් විය.

මුම්බායි සහ හයිද්‍රාබාද් අතර තරගයේදී ලකුණු 12 ට කඩුලු 6 ක් බිඳ දැමීමට ජෝසප් සමත්වූ අතර මුම්බායි පිලට ලකුණු 40 ක ජයක් හිමිවිය.

මීට පෙර 2008 වසරේ රාජාස්තාන් රෝයල්ස් පි‍ලේ සොහේල් තන්වීර් චෙන්නායිට එරෙහිව ලකුණු 14 ට කඩුලු 6 ක් බිඳ හෙළා තිබුණි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.