lakbima.lk

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්කොට්ලන්ත තරග සංචාරයේ තරඟ කාල සටහන නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර මෙම තරගාවලියට එක්දින තරග 2ක් ඇතුළත්ව ඇත.

ඊට සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 16 වන දා එංගලන්තයේ සිට ස්කොට්ලන්තය බලා පිටත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටී.  

තරගාවලියේ පළමු තරගය ලබන 18 වැනිදා එඩින්බරෝහිදී ආරම්භ වන අතර දෙවැනි තරගය පැවැත්වෙන්නේ ලබන 21 වැනිදායි.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පුහුණු සැසියකට සහ පුහුණු තරග 2 කට සහභාගීවීම සඳහා එංගලන්තය බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලංකා පිල දින 10 ක පුහුණුවකින් පසු ස්කොට්ලන්තය සමග පුහුණු තරග දෙකකට සභභාගී විය.

ඉන් පසු ලෝක කුසලාන පුහුණු තරග 2 කින් පසු ජූනි 1 දා කාඩිෆ්හිදී නවසීලන්තයට එරෙහිව පළමු තරගයට සහභාගී වෙයි.

එංගලන්තයේ පැවැත්වීමට නියමිත 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලබන 7 දා එංගලන්තය බලා පිටත්ව යයි.

ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට එංගලන්තයේදී පුහුණුවීමට අවස්ථාවක් ලබාදී ඇති අතර ඉන් පසු ස්කොට්ලන්තය සමග එක්දින තරගාවලියකට සහභාගිවීමේ අවස්ථාවද හිමිවී තිබේ.

හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ කාල සීමාවේදී වත්මන් පුහුණුකරු චන්දික හතුරුසිංහ බඳවා ගැනීමේදී ලෝක කුසලාන සඳහා කළ සැලසුම්වලට අනුව ශ්‍රී ලංකා පිලට මෙම එංගලන්තයේ පුහුණුව ලැබි තිබේ.
මෙහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එංගලන්ත තණතීරුවලට හුරුවීම මෙන්ම සති තුනක පමණ කාලයක් එංගලන්ත දේශගුණයට හුරුවීමේ වටිනා අවස්ථාව හිමිවී තිබේ.

ශ්‍රී ලංකාවට එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් පසුගියදා පල්ලෙකැ‍ලේදී පැවැත්වීමට සැලසුම් කර තිබූ පුහුණු සැසියද අවලංගු කිරීමට සිදුවිය.

මේ අතර ඇතිවී තිබෙන තත්ත්වය අනුව එංගලන්තයේදී ශ්‍රී ලංකාවට විශේෂ ආරක්ෂාවක් ලබා ගැනීමට ක්‍රිකට් බලධාරීන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය සමග සාකච්ඡා පවත්වා තිබේ.

මේ අනුව එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබි ඇති බවද වාර්තා වන අතර ඉදිරි තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි විමසිල්ලෙන් පසුවෙයි.

ශ්‍රී ලංකා පිල ලෝක කුසලාන සටන ආරම්භ කරමින් ලබන ජූනි 1 දා නවසීලන්තය සමග කාඩිෆ්හිදී තරග වැදීමට නියමිතව තිබේ.

ඉන් පසු සෙසු කණ්ඩායම් නවය සමග තරග වදින අතර පළමු වටයේ අවසන් තරගය ඉන්දියාවට එරෙහිව ලීඩ්ස්හිදී පැවැත්වේ.


ශ්‍රී ලංකා සංචිතය

දිමුත් කරුණාරත්න (නායක) ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත්, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, මිලින්ද සිරිවර්ධන, තිසර පෙරේරා, ඉසුරු උදාන, ජීවන් මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩසේ, ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්


ශ්‍රී ලංකා ලෝක කුසලාන තරග සටහන

ජුනි 1 දා- ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාඩිෆ්හිදී
ජුනි 4 දා- ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර කාඩිෆ්හිදී
ජුනි 7 දා- ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර බ්‍රිස්ටල්හිදී
ජුනි 11 දා- ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර බ්‍රිස්ටල්හිදී
ජුනි 15 දා- ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඕවල්හිදී
ජුනි 21 දා- ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලීඩ්ස්හිදී
ජුනි 28 දා- ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර චෙස්ටර්ලීහිදී
ජූලි 1 දා-  ශ්‍රී ලංකාව සහ කොදෙව් අතර චෙස්ටර්ලීහිදී
ජූලි 6 දා-  ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලීඩ්ස්හිදී

මංගල ධර්මප්‍රේම

එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණි ගත කිරීමේදී ශ්‍රී ලංකාව 09වන ස්ථානය දක්වා පසු බැස තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ වාර්ෂික වාර්තාවට අනුව ශ්‍රී ලංකාව අභිබවා යමින් 08වන ස්ථානයට පැමිණ ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. පළමු ස්ථානයේ පසුවන්නේ එංගලන්ත කණ්ඩායමයි.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පසුවන්නේ 06 වැනි ස්ථානයේය. එහි පළමු ස්ථානයේ පසුවන්නේ ඉන්දීය කණ්ඩායමයි.

20/20 කණ්ඩායම් අතරින් 08 වැනි ස්ථානය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමටය. පළමු ස්ථානය පාකිස්ථාන කණ්ඩායමට හිමිව ඇත.


ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයකු වන කුමාර් සංගක්කාර එංගලන්තයේ එම්.සී.සී. ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබේ.
පසුගියදා ලෝඩ්ස්හිදී පැවති එම්.සී.සී. වාර්ෂික මහ සභා රැස්වීමේදී සංගක්කාර නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ.
එම ක්‍රීඩා සමාජයේ සභාපති ධූරයට පත් පළමු විදෙස් ජාතිකයා ලෙසද සංගක්කාර වාර්තා ‍පොතට එක්වෙයි.
එම්.සී.සී. ක්‍රීඩා සමාජයේ වත්මන් සභාපති ඇන්තනි වේෆෝර්ඩ් මහතා මහ සභා රැස්වීමේදී සංගක්කාරගේ නම යෝජනා කර ඇති අතර එයට ඒකමතික අනුමැතිය හිමිවී තිබේ.
නව පත්වීම පිළිබඳව අදහස් දක්වා ඇති සංගක්කාර පවසන්නේ මෙම තනතුර තමාට පැබුණු ඉශළ ගෞරවයක් ලෙස සලකන බවයි.
එම්.සී.සී. කියන්නේ ලෝකයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩා සමාජය. මෙම තනතුර ලැබිම විශාල ගෞරවයක්. 2020 ක්‍රිකට් වලට වැදගත් වසරක්. ඒ සඳහා සේවය කරන්න ලැබිම සතුටක්. යැයි සංගක්කාර පවසයි.
2011 වසරේදී එම්.සී.සී. කොලින් කවුඩ්රි දේශනය සඳහා ඇරියුම් ලැබූ සංගක්කාර එහිදී කළ කතාවට ක්‍රිකට් ලෝවේම ගෞරවාදරය හිමිවිය. එම දේශනයෙන් පසු සංගක්කාරට 2012 දී එම්.සී.සී. යාවජීව ගෞරවනීය සාමාජිකත්වයද හිමිවිය.
සංගක්කාරගේ නම දෙවරක් ලෝඩ්ස් නාම පුවරුවේ සටහන්ව ඇති අතර 2104 ලෝඩ්ස් ටෙස්ට් තරගයේදී ලකුණු 147 ක් ලබා පළමු වරටත් එම තරගාවලියේදීම එක්දින තරගයේදී ලකුණු 112 ක් ලබා දෙවැනි වරටත් සිය නම සටහන් කර ගත්තේය.
සංගක්කාර 2019 ඔක්තෝබර් 1 දා සිට සිය තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතව තිබේ. එම ධූර කාලය වසරකි.

මංගල ධර්මප්‍රේම

 

 
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් දඬුවමක් පනවා තිබේ.
 
ඒ කණ්ඩායම් ජර්සියෙන් සැරසී නොසිට ඉමෝජි කලිසමක් හෙවත් හාස්‍යජනක රූප ඇතුළත් කලිසමක් ඇද සිටීම හේතුවෙනි.
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.