lakbima.lk


 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවති අවසන් එක්දින තරගාවලිය තරග 4-0 කින් ජය ගැනීමට එංගලන්ත පිල සමත් විය.

මෙවර ලෝක කුසලාන දිනාගනු ඇතැයි විචාරකයන් අනාවැකි පළ කරන එවයින් මෝගන්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත පිල කිසිදු අපහසුවකින් තොරව පකිස්තානය පරාජය කිරීම කැපී පෙණුනි.

 සියලුම එංගලන්ත පිතිකරුවන් විශිෂ්ට පිතිහරඹයක නිරකවූ අතර සියලුම තරගවලදී පහසුවෙන් ලකුණු 325 සීමාව පසුකර යාම විශේෂත්වයකි.

 අවසන් එක්දින තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 50 දී කඩුලු 9 ට ලකුණු 351 ක් ලබාගත් අතර පකිස්තානයට පන්දුවාර 46.5 දී ලබාගත හැකිවූයේ ලකුණු 297 ක් පමණි.

 එංගලන්තය වෙනුවෙන් ජෝ රූට් (84) මෝගන් (76) ද පකිස්තානය වෙනුවෙන් සෆ්රාස් අහමඩ් (97) බාබර් අසාම් (80) පිත්තෙන් දස්කම් දැක්වූහ.

 පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 54 ට කඩුලු 5 ක් බිඳ දැමූ ක්‍රිස් වෝක්ස් තරගයේ වීරයාවූ අතර ජේසන් රෝයි තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේය.

සේවයෙන් ඉවත් කළ ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් පි‍ලේ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධනගේ තනතුරට චමින්ද වාස් පත් කර තිබේ.

මේ අනුව එළඹෙන නැගී එන පි‍ලේ දකුණු අප්‍රිකානු සංචාරයේදී ශ්‍රී ලංකා පි‍ලේ පුහුණුකරු ලෙස චමින්ද වාස් කටයුතු කරයි.

2007 දී ඩුබායිහි පැවැති පන්දුවාර 10 ලීග් ක්‍රිකට් තරගාවලියේදී සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් අවිශ්ක ගුණවර්ධනට අයි.සී.සී.යෙන් චෝදනා එල්ල කිරීමත් සමගම ඔහු තනතුරින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.

මේ පිළිබඳව මාධ්‍ය හමුවක් පැවැත්වූ අවිශ්ක සිය නීතීඥයා සමග පැමිණ පැවැසුවේ තමා තනතුරින් පහ කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මෙම සිදුවීමේදී තොරතුරු නොදැන්වීම පිළිබඳව අයි.සී.සී.ය තමන්ට චෝදනා නගා ඇති බවද අවිශ්ක පවසයි.
වයස අවුරුදු 11 සිට ක්‍රිකට් ක්‍රීඩා කළ තමන් කිසිදු අවස්ථාවකදී නීති විරෝධී කටයුතුවල නිරතවී නොමැති බවත් ක්‍රීඩකයකු සහ පුහුණුකරුවකු ලෙස නිවැරදිව ක්‍රීඩා කළ බවත් අවිශ්ක පැවැසීය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගයක් ලෙස එංගලන්තය සහ පකිස්තානය අතර පසුගිය දා පැවැති තරගයේදී  එංගලන්ත නායක ඔයින් මෝගන්ට නියමිත කාලය තුළ  පන්දුවාර සංඛ්‍යාව යැවීමට නොහැකිවීම නිසා ඔහුට එක්දින ජාත්‍යන්තර තරගයක් තහනම් කර ඇති අතර තරග ගාස්තුවෙන් 40% ක මුදලක් දඩ ද නියම කර ඇත.

ඒ අනුව මෝගන්ට පකිස්තාන එංගලන්ත සිව්වැනි එක්දින ක්‍රිකට් තරගය අහිමි වේ.

පාකිස්තානු ක්‍රිකට් බලධාරීන් 1996 වසරේදී බොරු කියා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයද නොමග යැවූ බව දැන් හෙළි වී තිබේ. ඒ පාකිස්තානයේ හිටපු ප්‍රහාරාත්මක පිතිකරුවෙකු, පා දඟ පන්දු යවන්නෙකු මෙන්ම කණ්ඩායම් නායකයෙකු හැටියටද කටයුතු කළ “සයිඩ් අෆ්රිඩි” ලියූ සිය ස්වයං චරිතාපදානය වන Game Changer කෘතිය නිකුත් වීමත් සමගිනි.


1996 වසරේ කෙන්යාවේ නයිරෝබි නුවර දී ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානය අතර පැවැති එක්දින තරගයේදි සයිඩ් අෆ්රිඩි හයේ පහර හයක් හා හතරේ පහර එකොළහක් සමග පන්දු තිස් හතකදී ශතකයක් වාර්තා කළේය.

එය එවකට අඩුම පන්දු ගණනකදී වාර්තා කළ ජාත්‍යන්තර එක්දින ශතකය විය. එහිදී පාකිස්තානු ක්‍රිකට් බලධාරීන් කියා සිටියේ ඒවන විට අෆ්රිඩිගේ වයස අවුරුදු දහසයක් හා දින දෙසිය දාහතක් බවය. ඒ අනුව අඩුම වයසකින් ලොව වේගවත්ම ශතකය වාර්තා කළ ක්‍රීඩකයා යන ගෞරවය අෆ්රිඩිගේ නම ඉදිරියෙන් ලියැවිණි.


ඒත් පසුගියදා සිය ස්වයං චරිතාපදානය Game Changer නිකුත් කරමින් අෆ්රිඩි කියා ඇත්තේ එවකට තමාගේ වයස අවුරුදු 19ක් බවය. එසේම තමාගේ උපන්දිනය 1980 හැටියට එදා කීවත් නියම උපන් වසර 1975 බවද ඔහු ඒ කෘතියේ සඳහන් කර ඇත.
මේ අනුව ඉහත වාර්තාව ඉදිරියෙන් අෆ්රිඩිගේ නම කපා දැමිය යුතු බව දැන් බොහෝ දෙනා කියති.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (12) සමත් විය.

හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි අන්තර් ජාතික ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණුක තියුණු ජයක් වාර්තා කරමින් මෙම ජයක්ග්‍රහණය ලබා ගැනීමට මුම්බායි ක්‍රීඩකයන් සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 149 ක් ලබාගත් අතර මුම්බායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කරන් පොලාඞ් පන්දු 25 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 41 ක් රැස්කළේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 150 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි කණ්ඩායමට මුම්බායි පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 148 ක් පමණි.

ලසිත් මාලිංග යැවූ අවසන් ඕවරයේදී චෙන්නායි ක්‍රීඩකයන්ට ලකුණු 9 ක ඉලක්කයක් හිමි විය. පළමු පන්දු 3දී ලකුණු 4ක් රැස් කර ගැනීමට සමත් වූ චෙන්නායි ක්‍රීඩකයෝ ලකුණු අතර සිටි ෂේන් වොට්සන් 4වෙනි පන්දුවේදී දුවද්දී දැවී යාමට හසු විමට නිසා කණ්ඩායමට එය විශාල පාඩුවක් විය. අවසන් පන්දු දෙකේදී ලකුණු 4 ක් රැස් කර ගැනීටම තිබූ අතර 5වන පන්දුවේදී ලකුණු දෙකක් ලබා ගැනීමට ශර්දුල් ඨාකූර් සමත් වූ අතර මාලිංග ගේ අවසන් පන්දුවට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීමේන් ඨාකුර් දැවී යාමත් සමඟ මුබ්බායි ක්‍රීඩකයන් තරඟය ජය ගැනීමට සමත් විය.

මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 149
(ක්වින්ටි ඩි’කොක් 29, රෝහිත් ශර්මා 15, සූර්යකුමාර් යාදව් 15, ඉෂාන් කිෂන් 23, කරන් පොලාඞ් නොදැවී 41, හර්දීක් පාණ්ඩ්‍යා 16, දීපක් චාහර් 26/3, ඉම්රාන් තාහීර් 23/2, ශර්දුල් ඨාකූර් 37/2)

චෙන්නායි සුපර්කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 148
(ෆෆ් ඩුප්ලෙසි 26, ෂේන් වොට්සන් 80, ඞ්වේන් බ්‍රාවෝ 15, ජස්ප්‍රීට් බුම්රා 14/2)

තරගාවලියේ විශේෂ සම්මාන

අවසන් තරගයේ වීරයා - ජස්ප්‍රීට් බුම්රා (මුම්බායි ඉන්දියන්ස්)
නැගී එන ක්‍රීඩකයා - ශුබ්මන් ගිල් (කොල්කටා නයිට්රයිඩර්ස්)
විශිෂ්ඨතම උඩපන්දුව - කරන් පොලාඞ් (මුම්බායි ඉන්දියන්ස්)
හොඳම පන්දුවට පහරදීමේ වේගය - ඔන්ඩි්‍ර රසල් (කොල්කටා නයිට්රයිඩර්ස්)
වැඩිම ලකුණු ලාභියා - ඬේවිඞ් වෝනර් (සන්රයිසස් හයිද්‍රාබාද්)
වැඩිම කඩුලු ලාභියා - ඉම්රාන් තාහිර් (චෙන්නායි සුපර්කිංග්ස්)
තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා - ඔන්ඩ්්‍ර රසල් (කොල්කටා නයිට්රයිඩර්ස්)

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන පනත උල්ලංඝනය කිරීම හේතුවෙන් පුහුණුකරුවන් වන  නුවන් සොයිසාට සහ අවිශ්ක ගුණවර්ධනට තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇත.

පසුගිය දෙසැම්බර් මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති T10 Cricket League තරඟාවලිය සම්බන්ධයෙන් විනය නීති උල්ලංගණය කළ බවට චෝදනා ගොනු වී තිබේ.

ඒ අනුව සොයිසාට සහ අවිශ්කට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම කටයුතුවලට සම්බන්ධ වීම අත්හිටුවා ඇත.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.