lakbima.lk

 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද (30 දා) ලන්ඩන්හි ඕවල් පිටියේදී පැවැත්වේ.
 
 එංගලන්ත පිල එවයින් මෝගන් විසින් මෙහෙයවනු ලබන අතර දකුණු අප්‍රිකාව ෆැෆ් ඩුප්ලෙසිස් විසින් මෙහෙයවනු ලබයි.
 
 මෙවර ලෝක කුසලාන දිනා ගනිතැයි අනාවැකි පලවී ඇති ප්‍රබල එංගලන්ත පිලට පළමු තරගයේදීම ප්‍රබල ප්‍රතිවාදියකු මුණ ගැසී තිබිම කැපී පෙනෙයි.
 
 එංගලන්තය මෙන්ම දකුණු අප්‍රිකාවද ප්‍රබල ක්‍රිඩකයන්ගෙන් සමන්විත වන අතර දෙපි‍ලේම පන්දු යැවීමේ මෙන්ම පිතිකරණ අංශයද ප්‍රබල තත්ත්වයක පසුවෙයි.
 
 දකුණු අප්‍රිකානු අත්දැකීම් පිරි වේග පන්දු යවන්නා වන ඩේල් ස්ටේන් අද තරගයට ක්‍රීඩා නොකරන බව එංගලන්තයෙන් වාර්තා වෙයි.
 
 මේ අතර පසුගියදා පුහුණු තරගයේදී ආබාධයකට ගොදුරුවූ මාක් වුඩ්ද අද ක්‍රීඩා කිරීම සැක සහිතවී තිබේ.
 මේ අනුව එංගලන්ත පිතිකරුවන් ලෙස ජේසන් රෝයි, බේස්ටෝව්, රූට්, මෝගන්, බට්ලර්, මොයින් අලී සහ බෙන් ස්ටෝක්ස් ක්‍රිඩා කරති.
 
 වේග පන්දු යවන්නන් ලෙස ආචර්, ප්ලන්කට් හෝ ටොම් කරන්  සහ වෝක්ස් ක්‍රීඩා කරන අතර දඟ පන්දු යවන්නා ලෙස අදිල් රෂීඩි ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.
 
 දකුණු අප්‍රිකානු පිතිකරුවන් ලෙස මාක්රම්, අම්ලා, කොක්, ඩුප්ලෙසිස්, වැන්ඩර් ඩුසන්, ඩුමිනි සහ මිලර් ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.
 
 වේග පන්දු යවන්නන් ලෙස පෙස්ලුක්වායෝ, රබාඩා සහ එන්ගිඩි ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර දඟ පන්දු යවන්නා ලෙස ඉම්රාන් තහීර් ක්‍රීඩා කරයි.
 
 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග 48 ක් පැවැත්වෙන අතර ලකුණු සටහනේ ඉහළින්ම සිටින කණ්ඩායම් අතර අවසන් පූර්ව තරග පවත්වා අවසන් මහ තරගය පැවැත්වේ.
 
 මෙවර ලෝක ශූරයන්ට ඩොලර් මිලියන 4 ක්ද අනු ශූරයන්ට ඩොලර් මිලියන 2 ක්ද අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් වලට ඩොලර් ලක්ෂ 8 ක්ද හිමිවේ.
 
 එංගලන්ත සංචිතය
 
 එවයින් මෝගන් (නායක) ජේසන් රෝයි, ජොනී බේස්ටෝව්, ජෝ රූට්, ජොස් බට්ලර්, මොයින් අලී, බෙන් ස්ටෝක්ස්, ක්‍රිස් වෝක්ස්, ලියම් ප්ලන්කට්, ජොෆ්රා ආචර්, අදිල් රෂීඩ්, ජේම්ස් වින්ස්, ලියම් ඩෝසන්, මාක් වුඩ්, ටොම් කරන්
 
 දකුණු අප්‍රිකානු සංචිතය
 
 ෆැෆ් ඩුප්ලෙසිස් (නායක) හෂීම් අම්ලා, ඒඩ්‍රියන් මාක්රම්, ක්වින්ටන් ඩි කොක්, වැන්ඩර් ඩුසන්, ජේ.පී.ඩුමිනි, ඩේවිඩ් මිලර්, පෙස්ලුක්වායෝ, කගිසෝ රබාඩා, ලුන්ගි එන්ගිඩි, ඉම්රාන් තහීර්, ටබ්රේෂ් ෂම්සි, ඩේන් ප්‍රිටෝරියස්, නොට්ජේ, ක්‍රිස් මොරිස්

ලෝක කුසලාන ක්‍රිකට් පුහුණු තරග යටතේ පැවති නවසීලන්තය සහ කොදෙව් අතර තරගයේදී ලකුණු 421 ක් රැස් කිරිමට කොදෙව් පිතිකරුවෝ සමත් වූහ.
 
 මෙවර ලෝක කුසලාන තරගාවලියේ ප්‍රබලතම පන්දු යැවීමේ බලඇණිය සතුවන නවසීලන්තයට එල්ලවූ මෙම ප්‍රහාරය කොදෙව් පිලෙන් සෙසු කණ්්ඩායම් වලට කළ අනතුරු ඇඟවීමක් බව ක්‍රිකට් විචාරකයෝ පවසති.
 
 ප්‍රබල ප්‍රහාරක පිතිකරුවන්ලෙන් සමන්විත කොදෙව් පිතිකරු ලැයිස්තුව මෙම තරගයේ පළමු පන්දුවේ සිට අවසානය දක්වා ප්‍රහාරයක් දියත් කිරිම කැපී පෙනෙයි.
 
 මෙම තරගයේදී ෂායි හෝප් ශතකයක් ලබා ගත් අතර ලුවිස් සහ රසල් අර්ධ ශතක වාර්තා කළහ.
 නවසීලන්තය වෙනුවෙන් නවක ක්‍රීඩක ටොම් බ්ලන්ඩෙල් ලකුණු 101 ක්ද විලියම්සන් ලකුණු 85 ක්ද රැස්කළ අතර තරගයෙන් කොදෙව් පිලට ජය හිමිවිය.
 
 ලකුණු තත්ත්වය
 
 කොදෙව් පන්දුවාර49.2 දී 421 යි
 
 ගේල් 36 ලුවිස් 50 හෝප් 101 බ්‍රාවෝ 25 හෙට්මයර් 27 හෝල්ඩර් 47 රසල් 54 බ්‍රාත්වේට් 24 නර්ස් නොදැවී 21 ටේ‍රන්ට් බෝල්ට් 50-4 යි
 
 නවසීලන්තය පන්දුවාර 47.2 දී 330 යි
 
 ටොම් බ්ලන්ඩේල් 106 කේන් විලියම්සන් 85 ඉෂ් සෝඩි 39 බ්‍රාත්වේට් 75-3 යි ෆේබියන් ඇලන් 47-2 යි   

 
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රටේ ඇතිවූ ව්‍යාකූල තත්ත්වය යටතේ පකිස්තානු අවුරුදු 19 න් පහළ ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවට එවීම පිළිබඳව හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් සහ ක්‍රිකට් ආයතනයට සිය ස්තූතිය පිරිනමා තිබේ.
 
එම තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගීවූ සුමතිපාල මහතා පැවසුවේ ශ්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවක සහයදීමට ඉම්රාන් ඛාන් සූදානමින් පසුවන බවයි.
 

ක්‍රිඩකයන්ට අවශ්‍ය පූර්ණ ආරක්ෂාව ලබා දෙන බවත් එම කණ්ඩායම හොඳින් බලා ගැනීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත් සුමතිපාල මහතා පවසයි.
 
පකිස්තානයේ ලාහෝර් නුවර ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් පිලක් පකිස්තානයට යැවීමට තිලංග සුමතිපාල මහතා මීට පෙර කටයුතු කර තිබුණි.

 
ලෝක කුසලාන ක්‍රිකට් පුහුණු තරග යටතේ පැවති එංගලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය.
 
 මෙම තරගයේදී ඇෆ්ගනිස්තානය ලකුණු 160 කට දැවී ගිය අතර එංගලන්තය පන්දුවාර 17.3 දී එක් කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය පසු කිරීම කැපී පෙණුනි.
 
 එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ජේසන් රෝයි පන්දු 46 දී හතරේ පහර 11 ක් සහ හයේ පහර 4 ක් සහිතව කොදැවී ලකුණු 89 ක් වාර්තා කළේය.
 
 එංගලන්තය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ජොෆ්රා ආචර් සහ ජෝ රූට් කඩුලු 3 බැගින් බිඳ හෙලූහ.

ශ්‍රී ලංකා ඒ සහ ඉන්දීය ඒ අතර ඉන්දියාවේ පැවැත්වෙන පළමු සිව්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා ඒ පිතිකරුවන් දුර්වල පිතිහරඹයක නිරතවෙද්දී හුදෙකලා සටනක නිරතවෙමින් ශතකයක් වාර්තා කිරිමට නිරෝෂන් දික්වැල්ල සමත් විය.

 මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය ඒ පිල කඩුලු 5 ට ලකුණු 622 ක් ලබා ගැනීමට සමත් විය.

ඉන්දියාව වෙනුවෙන් ඒ.ඊස්වරන් ලකුණු 233 ක්ද ආර්.පංචාල් ලකුණු 160 ක්ද අමොල්ප්‍රීට් සිං නොදැවී ලකුණු 116 ක්ද වාර්තා කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.

ශ්‍රී ලංකාවේ පෙර පෙළ බිඳ වැටුණු අතර නායක අශාන් ප්‍රියන්ජන් සමග එක්වූ දික්වැල්ල ඉනිම ගොඩ නැංවීමට සටනක නිරත වූහ.

ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු  232 කට සීමාවූ අතර ප්‍රියංජන් ලකුණු 49 ක්ද දික්වැල්ල ලකුණු 103 ක්ද වාර්තා කළහ.
ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ ස්ථානය අහිමිවූ දික්වැල්ල මෙම ඉනිමේදී හතරේ පහර 15 ක් එල්ල කර තිබුණි.


ඉන්දියා ඒ  මුල් ඉනිම

622-5 යි

ආර් පංචාල් 160 ඒ. ඊස්වරන් 233 අමොල්ප්‍රීට් සිං නොදැවී 116 විශ්ව ප්‍රනාන්දු 83-2 අකිල ධනංජය 136-1 ලහිරු කුමාර 86-1 ලක්ෂාන් සඳකැන් 145-1

 ශ්‍රී ලංකා ඒ මුල් ඉනිම

 232 යි

එස්. කුරේ 00 පැතුම් නිශ්හංක 6 සධීර සමරවික්‍රම 31 භානුක රාජපක්ෂ 00 අශාන් ප්‍රියංජන් 49 නිරෝෂන් දික්වැල්ල 103 චාමිකර කරුණාරත්න 1 අකිල ධනංජය 16 ලක්ෂාන් සඳකැන් 13 විශ්ව ප්‍රනාන්දු නොදැවී 00 ලහිරු කුමාර 00 චහාර් 78-4



ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එංගලන්තයට ගොස් සිටින ශ්‍රී ලංකා පිලට එක්වීම සඳහා ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග පිටත්ව යාමට නියමිතව තිබේ.

ස්කොට්ලන්ත එක්දින තරගාවලියෙන් විවේක ගන්වා සිටි මාලිංග පසුගියදා පැවති අයි.පී.එල්. අවසන් මහ තරගයේ අවසන් පන්දුවාරය යවමින් යළිත් වීරයෙකු බවට පත්විය.

මේ අතර ලෝක කුසලාන පුහුණු තරග 2 කට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා තරග අත්හැර දාමීමට සිදුවිය.

පකිස්තානය සහ බංගලිදේශය අතර තරගය වර්ෂාව හේතුවෙන් නොපැවැත්වුණු අතර දකුණු අප්‍රිකාව සහ කොදෙව් අතර තරගය පන්දුවාර  9 කට සීමා විය. 

මෙහිදී මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කිසිවෙකු නොදැවී ලකුණු 95 ක් ලබා සිටි අතර අම්ලා නොදැවී ලකුණු 51 ක්ද කොක් නොදැවී ලකුණු 37 ක්ද ලබා සිටියේය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.