lakbima.lk

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ එකළොස්වෙනි තරඟය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර තරඟය අද (07) බ්‍රිස්ටල්හිදී පැවැත්වෙයි. 

ශ්‍රී ලංකා පිල දෙවැනි තරගයේදී ඇෆ්ගනිස්තානය පරාජය කරමින් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ හත්වැනි ස්ථානයේ සිටින අතර පාකිස්තානය දෙවැනි තරගයේදී සත්කාරක එංගලන්ත පිල පරාජය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ අටවැනි ස්ථානයේ පසුවෙයි.

මෙම තරගය දිවා තරඟයක් වන අතර  ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතය.

 

ලෝක කුසලාන තරගාවලියේ 10 වැනි තරගය ලෙස ඕස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර නොටින්හැම්හිදී ඊයේ පැවැති තරගයෙන් ලකුණු 15ක ජයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ කොදෙව් නායක ජේසන් හෝල්ඩර්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව ඕවර 49 කදී සියලුදෙනා දැවී ලකුණු 288 ක් රැස්කිරීමට සමත්විය. එහිදී නේතන් කූල්ටර්නයිල් ලකුණු 92ක් සහ ස්ටීවන් ස්මිත්ගේ ලකුණු 73ක් රැස් කර ගැනිමින් ඕස්ට්‍රේලියා කණ්ඩායම තරඟයක් දිය හැකි හෙඳ ලකුණු තත්වයකට ගෙන ඒමට දායකත්වය දැක්වීය.   

කාලෝස් බ්‍රැත්වේට් කඩුලු 3 ක් ද ඇන්ඩ්‍රි රසල්, ශෙල්ඩන් කොට්ට්‍රේල් සහ ඔෂේන් තෝමස් කඩුලු 2 බැගින් දවාගනිමින් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම වෙනුවන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර කොටදෙව් කණ්ඩායමට ලබා ගත හැකි වුයේ පන්දුවාර 50 තුළදී කඩුළු 9ක් දැවී ලකුණු 273 ක් පමණි. මිචෙල් ස්ටාර්ක්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ කොදෙව් ක්‍රීඩකයන් අසරණ වූ අතර ස්ටාර්ක් එක් නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 46කට කඩුලු 5ක් දවාගැනීමට සමත් විය.

ෂායි හෝප් ලකුණු 68ක් සහ නායක ජේසන් හෝල්ඩර් ලකුණු 51ක් රැස්කිරීමට සමත් විය.  

ඕස්ට්‍රේලියාව - ඕවර 49 කදී සියලුදෙනා දැවී 288
(ස්ටිවන් ස්මිත් 73, ඇලෙක්ස් කේරී 45, නේතන් කූල්ටර්නයිල් 92, කාලෝස් බ්‍රැත්වේට් 67/3, ඇන්ඩි්‍ර රසල් 41/2, ශෙල්ඩන් කොට්ටේ්‍රල් 56/2, ඔෂේන් තෝමස් 63/2)

බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 273
(ක්‍රිස් ගේල් 21, ෂායි හෝප් 68, නිකලස් පූරන් 40, ශිම්රන් හෙට්මයර් 21, ජේසන් හෝල්ඩර් 51, මිචෙල් ස්ටාර්ක් 46/5, පැටි්‍රක් කමින්ස් 41/2)

 

දකුණු අප්‍රිකානු සුපිරි වේග පන්දු යවන්නකු වන ඩේල් ස්ටේන් ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වී තිබේ.

ලෝක කුසලානට පෙර පැවති පළමු පුහුණු තරගයේදී ආබාධයකට ගොදුරුවූ ස්ටේන් සුවය බලා‍පොරොත්තුවෙන් සිටියද අවසානයේ ඉවත් විය.

ස්ටේන් දකුණු අප්‍රිකාව සහභාගීවූ පළමු තරග දෙකටද ක්‍රීඩා නොකළේය. එම තරග දෙකෙන්ම දකුණු අප්‍රිකාවට පරාජය හිමිවිය.

ස්ටේන් වෙනුවට වමත් වේග පන්දු යවන්නකු වන බියුරන් හෙන්ඩ්රික්ස් කැඳවීමට දකුණු අප්‍රිකානු තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ඔස්ට්‍රේලියාවට මීළඟ තරගයේදී සුපිරි ක්‍රීඩකයන්ගෙන් සමන්විත කොදෙව් පිලෙන් තියුණු තර්ජනයක් එල්ල වන බවත් ඊට සූදානම් විය යුතු බවත් ඔස්ට්‍රේලියානු හිටපු නායක ස්ටීව් වෝ  අනතුරු හඟවා තිබේ.

 පළමු තරගයේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව පහසු ජයක් ලැබුවද තරග දිනවන්නන් රැසක් සිටින කොදෙව් පිල තියුණු අභියෝගයක් බව වෝ පවසයි.

 කොදෙව් පි‍ලේ පිතිකරු ලැයිස්තුව ඉතා ශක්තිමත් වන අතර නොම්මර 9 තෙක්ම තරග දිනවන්නන් සිටීම කැපී පෙනෙයි. පළමු තරගයේදී පකිස්තානය ලකුණු 105 කට දවාගත් කොදෙව් පන්දු යවන්නන්ද තම ශක්තිය පෙන්වීම නිසා කොදෙව් වේග පන්දු යවන්නන් කෙරෙහිද සෙසු රටවල අවධානය යොමුවි යුතු බව වෝ පවසයි

 

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ  ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය  කාඩිෆ් හීදි ඊයේ (04) පැවැත්විණි.

ලකුණු 187ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්තානය පන්දුවාර 32යි පන්දු 4කදී සියල්ලන් දැවි රැස් කරගත්තේ ලඛුණු 152කි. ඒ අනුව ශ්‍රී ලංකා පිලට ලකුණු 34 ක ජයක් හිමිවිය.

ශ්‍රී ලංකා ඉනිම අරඹූ නායක දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා පළමු කඩුල්ලට ලකුණු 92ක සාර්ථක සබඳතාවයක් ගොඩනැගීය. එහිදී දිමුත් කරුණාරත්න ලකුණු 30ක් රැස් කළේය.

අනතුරුව කුසල් පෙරේරාට එක් වු ලහිරු තිරිමාන්න දෙවන කඩුල්ලට ලකුණු 52 සබඳතාවයක් ගොඩනැගුවේ ය.

කුසල් ජනිත් පන්දු 81කදී  ලකුණු 78ක් රැස් කළේය.

තරගයට වර්ෂාවෙන් බදා එල්ල වීමත් සමඟ ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරගයේ පන්දු වාර සංඛ්‍යාව 41කට සීමා විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 36යි පන්දු 5කදී සියල්ලන් දැවී ලකුණු 201ක් රැස් කළේය.

ඇෆ්ගනිස්ථානයට හිමි වු ඉලක්කය වුයේ පන්දුවාර 41කදී ලකුණූ 187ක් ලබා ගැනීමයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය ඇෆ්ගනිස්තානයට එරෙහිව අද (4 දා) කාඩිෆ්හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන් නවසීලන්තය හමුවේ කඩුලු 10 ක පරාජයක් ලැබිය.

මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 136 කට දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වූ අතර ලකුණු 137 ක ඉලක්කය පහසුවෙන් පසු කළේය.

නවසීලන්ත පන්දු යවන්නන් විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ අතර නායක දිමුත් කරුණාරත්න හැරුණු කොට කිසිදු පිතිකරුවෙකු දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට අසමත් විය.

පරාජයෙන් පසු අදහස් දැක්වූ නායක දිමුත් පැවසුවේ පිතිකරුවන්ගේ දුර්වලතාවය හේතුවෙන් තරගය සටනකින් තොරව පරාජයවූ බවයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.