lakbima.lk

නවසීලන්තයට ලකුණු 35ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය කණ්ඩායම අතර ඕක්ලන්ඞ් නුවර ඊඞ්න් උද්‍යාන ක්‍රීඩාංගණයේදී අද (11)  පැවැති විස්සයි 20 තරගයෙන් ලකුණු 35ක ජයක් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනා මුලින්ම පන්දු යැවීම තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ ආරම්භයක් ලබා ගනිමින් නවසීලන්තය පෙර පෙළ බිඳ දැමීමට සමත් විය. නමුත් නවසීලන්ත මැද පෙළේ  ප්‍රහාරය හමුවේ පන්දු ඕවර් 20 කදී කඩුළු 7ක් දැවී 179ක් රැස් කර ගැනීමට සමත් විය.  පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර් 16.5කදී සියළු දෙනාම දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 144ක් පමණි. 

ඒ අනුව ශ්‍රි ලංකා කණ්ඩායම ටෙස්ට් එක්දින හා  විස්සයි විස්ස තරඟ සියල්ලම පරාජයට පත් විය.

---------------------------------------------------

නවසීලන්තයෙන් ලකුණු 179ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය කණ්ඩායම අතර ඕක්ලන්ඞ් නුවර ඊඞ්න් උද්‍යාන ක්‍රීඩාංගණයේදී අද (11)  පැවැත්වෙන විස්සයි 20 තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 179  ක් රැස්කර ගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ආක්‍රමණශීලි පන්දු යැවීමක නිරතවූ ලසිත් මාලිංග සහ කසුන් රාජිත පළමු ඕවර 4 තුළදී නවසීලන්ත පිතිකරුවන් සිවුදෙනෙකු පිටියෙන් ඉවත් කිරීමට සමත් විය.

නවසීලන්ත මැද පෙළ පිතිකරුවන් ඉවසිලිවන්තව ක්‍රීඩා කිරීම හේතුවෙන් ඉතා හොද ඉලක්කයක් ලබා දීමට හැකි විය. 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.