lakbima.lk

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට ලොකු වෙනසක් කළ හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි.

 ස්කොට්ලන්තය සමග පැවති තරගය ජය ගැනීමෙන් පසු දිමුත් මෙම අදහස් පළ කළේය.

 මෙම තරගයේදී ඉනිම ඇරඹූ දිමුත් සහ අවිශ්ක ප්‍රනාන්දු අර්ධ ශතක වාර්තා කරමින් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය.

 අවිශ්කට වේගයෙන් ලකුණු ලබාගත හැකියි. අවස්ථානුකූලව වෙනසක් ඇති කළ හැකි පිතිකරුවෙක්. ඔහුට ස්කොට්ලන්ත තරගයේදී ශතකය ලබා ගැනීමට නොහැකිවීම ගැන කණගාටුයි. ලෝක කුසලාන තරගවලදී ඔහු වෙනසක් කරයි. යැයි දිමුත් පවසයි.

 මෙම තරගයේ ලබාගත් අර්ධ ශතකයෙන් තමාටද හොඳ ආත්ම විශ්වාසයක් ඇතිවූ බව දිමුත් පවසයි.

 නුවන් ප්‍රදීප්ගේ පන්දු යැවීමද අගය කළ දිමුත් අවශ්‍ය අවස්ථාවල බවුන්සර් පන්දු යවමින් ඔහු පිතිකරුවන් පීඩනයට පත් කළ බව පවසයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දීය පි‍ලේ වැඩිම වගකීම හිටපු නායක මහේන්ද්‍රසිං දෝනිට පැවරෙන බව ඉන්දීය පුහුණුකරු රවී ශාස්ත්‍රි පවසයි.

 කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම ක්‍රීඩකයා මෙන්ම තරග දිනවන්නාද වන දෝනිට මෙවරද විශාල වගකීමක් පැවරී ඇති බව ශාස්ත්‍රී පවසයි. මේ අතර හිටපු ඉන්දීය නායක සචින් තෙන්ඩුල්කාර් පවසන්නේ දෝනි මෙවර තරගාවලියේ අංක 5 ස්ථානයේ පන්දුවට පහරදිය යුතු බවයි.

 මිට පෙර දෝනි අංක 7 ස්ථානයේ පන්දුවට පහර දුන්නද ඉනිම ගොඩ නගමින් ජයග්‍රහණය කරා යෑමට ඔහු අංක 5 ස්ථානයේ පහරදිය යුතු බව සචින්ගේ අදහසවී තිබේ.

 මෙවර තරගාවලිය පිළිබඳව අදහස් දක්වන නායක විරාත් කෝලි පවසන්නේ කුසලාන දිනා ගැනිමට තියුණු තරගයක් ඇති වනු ඇති බවයි.

 ඉන්දීය කණ්ඩායම එම අභියෝගයට සූදානමින් පසුවන බවත් සියලුම ක්‍රීඩකයන් ජය අපේක්ෂාවෙන් පසුවන බවත් කෝලි පවසයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට නම් කරන ලද එංගලන්ත සංචිතය වෙනස් කර ඇති අතර මූලික සංචිතයේ තිදෙනෙකු ඉවත් කර වෙනත් තිදෙනෙකු නම් කර තිබේ.  මේ අනුව වේග පන්දු යවන ජොෆ්රා ආචර් දඟ පන්දු යවන ලියම් ඩෝසන් සහ පිතිකරු ජේම්ස් වින්ස් 15 දෙනා අතරට එක්කර තිබේ.

 සංචිතයේ සිටි ජෝ ඩෙන්ලි, ඩේවිඩ් විලී සහ ඇලෙක්ස් හේල්ස්ට ස්ථාන අහිමිවී තිබේ.  හේල්ස් මත්ද්‍රව්‍ය චෝදනාවකට ගොදුරුවූ අතර ඩෙන්ලිගේ දුර්වල පන්දු යැවීම ඔහුට ස්ථානය අහිමි කළේය.

එහෙත් ආචර් සහ විලී අතුරින් ආචර්ට ස්ථානය ලබා දීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.  මෙවර එංගලන්තය සතුව ප්‍රබල කණ්ඩායම් ඇති බැවින් සියලුම දෙනාගේ අවසන් ඉලක්කය ලෝක කුසලාන බව නායක එවයින් මෝගන් පවසා තිබේ.  එංගලන්තයට මේ දක්වා ලෝක කුසලානක් දිනා ගැනිමට නොහැකිවී තිබේ.

ශ්‍රී ලංකාව හා ස්කොට්ලන්තය අතර එඩින්බරෝහිදී පැවැත්වුන දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 35ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 322 ක් කඩුලු 8 ක් දැවී රැස්කර ගත්තේය. වර්ෂාව හේතුවෙන් ස්කොට්ලන්ත ඉනිම පන්දුවාර 34 කට සීමා වූ අතර ජයග්‍රහණය සඳහා ලකුණු 235ක  ඉලක්කයක් හිමිවිය.

ස්කොට්ලන්තයට ලබාගත හැකි වූයේ පන්දුවාර 33යි පන්දු 2ක් තුල සියල්ලන් දැවී ලකුණු 199ක් පමණි.


ලෝක කුසලාන සඳහා නම් කළ මුලික සංචිතය යළි වෙනස් කිරීමට පකිස්තාන් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
එංගලන්තය සමග පැවති තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 4-0 කින් පරාජයවීමෙන් පසු කණ්ඩායම වෙනස් කිරීමට ඉන්සමාම් උල් හක්ගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

 මෙම තරගාවලියේදී පකිස්තානු පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර සියලුම තරගවලදී ලකුණු 325 සීමාව පසු කිරීමට එංගලන්ත පිතිකරුවෝ සමත් වූහ.

 මේ හේතුවෙන් අත්දැකීම් පිරි වේග පන්දු යවන්නන් යුගලය වන මොහොමඩ් අමීර් සහ වහාබ් රියාස් කණ්ඩායමට එක් කිරීමට පියවර ගෙන තිබේ.

 මේ අතර තෙවැනි ආරම්භක පිතිකරුවා ලෙස නම් කර සිටි අබ්දිල් අලී ඉවත් කර මැද පෙළ පිතිකරු අසීෆ් අලී කණ්ඩායමට නම් කර තිබේ.

 අමීර් සහ වහාබ් ඇතුලත්වීමත් සමගම ජුනේඩ් ඛාන් සහ ෆහීම් අෂ්රෆ්ට කණ්ඩායමේ ස්ථාන අහිමිවී තිබේ.

 මේ දිනවල එංගලන්තයේ තණතීරු හැසිරෙන ආකාරයට අත්දැකීම් පිරි පන්දු යවන්නන්ගේ අවශ්‍යතාවය මත අමීර් සහ වහාබ් කැඳවූ බව තේරීම් කමිටු සභාපති ඉන්සමිම් උල් හක් පවසා තිබේ.
 


ස්කොට්ලන්තයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා පිල සහභාගී වන ශ්‍රී ලංකා-ස්කොට්ලන්ත දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (21දා) පැවැත්වේ.

තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 3.30 ට ආරම්භ වීමට නියමිතව තිබේ.

තරග 2 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.
 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් එක්දින තරගාවලිය මෙය බැවින් අද තරගය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වෙයි.

මේ දිනවල ස්කොට්ලන්තයට වර්ෂාව සහිත කාලගුණයක් පවතින අතර අද තරගයටද වර්ෂාවෙන් බාධා එල්ලවීමට ඉඩකඩ ඇති බව වාර්තාවේ.

 මෙම තරගයෙන් පසු ශ්‍රී ලංකාව ලෝක කුසලාන නිල පුහුණු තරගවලට සහභාගීවීම සඳහා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

 එහිදී ශ්‍රී ලංකාව පුහුණු තරග 2 කට සහභාගීවීමෙන් පසු ලබන 1 දා නවසීලන්තය සමග පළමු ලෝක කුසලාන තරගයට ක්‍රීඩා කරයි.

 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 30 දා එංගලන්තයේදී ආරම්භ වෙයි.

Page 1 of 20

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.