lakbima.lk

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කාන්තාවන්ට පමණක් වෙන් වු දුම්රිය මැදිරියක් කාර්යාල දුම්රිය කිහිපයකට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව අද පියවර ගනු ලැබුවද එම මැදිරි වල ගමන් කරන ප්‍රමාණය වෙනදාට වඩා අඩු බව දුම්රිය මගින් පවසයි.

උදෑසන කාර්යාල සේවයට වාර්තා කරන රජයේ හා පෞද්ගලික අංශයේ විශාල පිරිස් මෙම කාර්යාල දුම්රියන්හි සෑම දිනකම ගමන් කරන අතර එම දුම්රියන්හි විශාල මගී තදබදයක්ද සෑම දිනකම පවතී. සෑමදාම රැකියා සඳහා දුම්රියෙන් ගමන් කරන කාන්තාවන් මෙන්ම පිරිමින් ද සුපුරුදු මැදිරියන් වල සුපුරුදු මිතුරු කණ්ඩායම් සමඟ ගමන් කිරීම සාමාන්‍ය සිද්ධියකි. එසේ මිතුරු කණ්ඩායම් වලින් වෙන් වී කාන්තාවන් ඔවුන්ට පමණක් වෙන් වූ මැදිරියන්හි ගමන් නොකරයි. එසේ වන විට කාන්තා මැදිරියේ ගමන් කරන කාන්තාවන් ප්‍රමාණය අඩු වන අතර වෙනදා එම මැදිරි වල ගමන් ගන්නා පිරිමින් අනෙක් මැදිරිවලට යාමෙන් දුම්රියේ අනිකුත් මැදිරියන් තුළ වෙනදාට ඇති තද බදය වඩා මගී තදබදය අධික විය හැකිය.

මෙලෙස කාන්තාවන් සඳහා මැදිරියක් වෙන් කිරීම ප්‍ර‍යෝගික ප්‍රශ්න ඇතිකරවන්නක් බවද දුම්රිය මගීන් පවසා සිටී. උදාහරණයක් ලෙස ස්වාමිපුරුශයා සමඟ රැකියාවට යන කාන්තාවක් කිසි දිනෙක ඔවුන්ට වෙන් වු මැදියේ ගමන් නොකරන අතර ඇය තම ස්වාමීයා සමඟ වෙන මැදිරියක ගමන් කරයි.

එසේ වන විට කාන්තා මැදිරියේ අඩු තද බදයක් ඇති වන අතර එම මැදිරියේ වෙනදා ගිය පිරිස් අනික් මැදිරි වලට මාරු වීමෙන් එම මැදිරි වල තද බදය තවත් වැඩි වේ. දුම්රියේ කාන්තා මැදිරියක් වෙන් කිරීමේදී අමතර මැදිරියක් දුම්රියට යෙදීමට හැකි වී නම් මෙම ප්‍රශ්නය තරමක් දුරට විසදෙන අතර එසේ නොවී නම් මෙය අසාර්ථක ව්‍යාපෘතියක් වනු ඇත. 

  1. නැගෙනහිර වෙරළේ ඇස්කිමෝ ගෙවල්
  2. ඉතිහාසයේ විශාලම මූල්‍ය ආයෝජනය සමග “ළඟම පාසල - හොඳම පාසල“ වන අයුරු
  3. අල ගෝනියක සැඟව හොංකොං ආ සියවසක් පැරණි බෝම්බය
  4. පාතාලයන්ට නම් තබන්නේ මෙහෙමයි
  5. ලංකාව කිට්ටුවත් මළ මුහුදක්
  6. ලංකාවටත් අලි සිතියමක්
  7. හලාවත බෝට්ටු හොරා ප්‍රංශයට මිනිසුන් ගෙනගිය හැටි
  8. මධුෂ් ගැන ගම්මු කියන කතාව
  9. සිංහරාජයේ සමනළයන්ට පාස්‍පෝට් දෙන්නට ගොස් වනජීවියට කොටු වූ සුද්දෝ
  10. මිතුරා මරා පුළුස්සා ඔහුගේ නමින් පෙනී සිට තවත් දෙදෙනෙක් මැරූ සඳුන්
  11. අම්පාරෙන් මතුවුණේ වඳවුණූ නිට්ටෑවන්ද ?
  12. අපටත් නොදැනීම අපේ සල්ලි බැංකුවෙන් ගන්නා ATM හොරු
  13. ඡායාරූපවලින් ඩයස්‍පෝරාව අන්දන උතුරේ හොර කොටි
  14. ලොක්කන්ගේ දුරකථන ආණ්ඩුව ටැප් කරලද?
  15. සේනා ඉබේ ආවාද? ගෙන ආවාද?
  16. වනාතවිල්ලුව අන්තවාදීන්ගේ කඳවුර පන්සල්වලට ගහන්න බෝම්බ හැදූ තැනද?
  17. නත්තල් දා කුඩාවැල්ල ලේ වැල්ලක් කළ සිව් පුද්ගල ඝාතනයේ සුලමුල හෙළිවෙයි
  18. කාන්තාවන් 450ක් කෙස් දන්දුන් මහා දන්සැල
  19. රටට රස බෙදන ගමන් කොත්ම‍ලේ ඔය ජරා කරන යෝගට් ෆැක්ටරිය
  20. මිල්කෝ සතුන්ට වෙන් කළ කිරිපිටි මිනිසුන්ට ‍පොවන කුලියාපිටියේ ජාවාරම
  21. ඒ තාත්තා 5වැනි මහලෙන් දරුවා බිමට දමද්දී බැංකු නිලධාරියෙකු ඔහු අල්ලා ගත්තා
  22. මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා තීරණාත්මක මංකඩ අබියස
  23. මෝටර් රථ ලියාපදිංචියට නව ක්‍රමයක්
  24. පුලියන්කුලම කැලෙන් කොටි පුල්ලි මතුවේ
  25. බලාගෙනයි සතුන්ට දැමූ කිරිපිටි වෙළෙඳ‍පොළට ඇවිත්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.