lakbima.lk

මිනිස් පරිභෝජනයට නුසුදුසු සත්ව ආහාරවලට වෙන් කරන ලද කිරිපිටි යළි ව්‍යාජ ඇසුරුම්වල දමා වෙළෙඳ‍පොළට යැවීමේ ජාවාරමක් වරකා‍පොළ, පැණිහෙල ප්‍රදේශයේදී වැටලූයේ ඉකුත් 04 වෙනි දිනය. ඒ ‍පොලිස් විශේෂ කාර්ය බළකාය හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසිනි.

එහිදී අත්අඩංගුවට පත්වූයේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ‍ලේබලය යටතේ මිල්කෝ සමාගම විසින් සත්ව ආහාර සඳහා ඉවත් කරන ලද කිරිපිටි තොගයකි. එම කිරිපිටි වෙනත් පුද්ගලයකු තොග වශයෙන් මිලට ගෙන මෙසේ නව ‍ලේබල් යටතේ ඇසුරුම් කර තිබුණි. මේ සිද්ධිය පිළිබඳ ගිය සතියේ ලක්බිම ඉරිදා සංග්‍රහයෙන් හෙළි කෙරුණේ බලාගෙනයි සතුන්ට දැමූ කිරිපිටි වෙළෙඳ‍පොළට ඇවිත් යනුවෙනි.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය. ඒ අනුව නිලධාරීන් කණ්ඩායමක් මිල්කෝ සමාගම වෙත ගොස් සමාගමෙන් මෙලෙස තවත් කිරිපිටි තොග ඉවත් කර ඇත්දැයි සොයා බැලූහ.

මිල්කෝ සමාගම විසින් වෙළෙඳ‍පොළට යවන කිරිපිටි  පැකට්වල ඇසුරුම් දින වෙනස් වන බවට දිගින් දිගටම සමාගමට ඉකුත් වසරේදී පැමිණිලි ලැබි තිබිණි. සමාගම් කළමනාකාරීත්වය විසින් මේ පිළිබඳ අවධානය යොමුකර ඉකුත් අගෝස්තු මසදී එසේ වෙළෙඳ‍පොළේ තිබූ සියලුම කිරිපිටි පැකට් ආපසු සමාගමට රැගෙන ගියේය. පසුව එකී කාණ්ඩ අංකය යටතේ තිබූ සියලුම කිරිපිටි සත්ව ආහාරවලට වෙන් කළේය. ඒවා අලෙවි කිරීමට ටෙන්ඩර් කැඳවා ඇති අතර එහිදී කිරිපිටි කිලෝවක් රුපියල් 66.90 වැනි මිලකට කිරිපිටි මෙට්‍රික් ටොන් 700ක් වැඩිම ටෙන්ඩර්කරුට මිල්කෝ සමාගම විසින් ලබා දුන්නේය. මෙකී ටෙන්ඩරය ලබාගෙන ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ සත්ව ආහාර නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකි.

ඔහු රුපියල් මිලියන 10ක තැන්පතුවකට පළමුව කිරිපිටි මෙට්‍රික් ටොන් 200ක් පමණක් රැගෙන ගොස් තිබේ. ටෙන්ඩරයේ කොන්දේසිවලට අනුව සෙසු කිරිපිටි තොගය පසුව ගෙන යාමට ඔහු තීරණය කර තිබුණි.

මේ තොරතුරු හෙළි වීමත් සමග පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එම්. ෆවුසර්ගේ අධීක්ෂණය මත එහි සහකාර අධ්‍යක්ෂ (බස්නාහිර පළාත) එන්.ඒ. ජාසුර්ගේ උපදෙස් මත ඔහු ඇතුළු එහි විශේෂ වැටලීම් අංශයේ ප්‍රධානී ලංකා දික්කුඹුර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් 12දා කුලියාපිටිය බලා ගියහ.

කුලියාපිටිය නගර මධ්‍යයේ පිහිටි මෙකී සත්ව ආහාර නිෂ්පාදනායතනය ඒ වන විටත් පැවැතියේ පාළුවට ගොසිනි. එහි තිබූ ගබඩා ගොඩනැගිලි දෙකක් නිලධාරීන් පරීක්ෂා කිරීමේදී එහි මිල්කෝ සමාගමෙන් සත්ව ආහාර ලෙස ඉවත් කළ කිලෝ 25 බැගින් අඩංගු වූ කඩදාසි ඇසුරුම්වල තිබූ කිරිපිටි මෙට්‍රික් ටොන් 160ක් තිබි හමුව තිබේ. එමෙන්ම මිල්කෝ සමාගමේ ලාංඡනය හා ඇසුරුම් දිනය ව්‍යාජව සැකසූ ‍පොලිතීන් උර කිහිපයක්ද හමුවී ඇත. මෙහිදී මොවුන් සත්ව ආහාර ලෙස වෙන් කළ කිරිපිටි සම්පූර්ණ යොදය සහිත කිරිපිටි පවුඩර් ලෙස නැවත ව්‍යාජ ඇසුරුම්වල අසුරා වෙළෙඳ‍පොළට යවා ඇති බව මෙහිදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කරුණු අනාවරණය කර ගත්තේය. එමෙන්ම මෙම ස්ථානයේ කිසිදු සත්ව ආහාරයක් නිෂ්පාදනය නොකරෙන බවත්, වසර හතරක, පහක පමණ සිට මෙම ස්ථානයේ යන්ත්‍ර සූත්‍ර පවා දිරා යමින් පැවැති බවද මෙහිදී නිලධාරීන්ට නිරීක්ෂණය විය.

මෙම පුද්ගලයා සමග තවත් ව්‍යාපාරිකයකු සම්බන්ධ වී සිටින බවත් ඔහු හරහා මේවා වෙළෙඳ‍පොළට දැමීමට අමතරව අයිස්ක්‍රීම්, බිස්කට්, යෝගට් ආදිය නිෂ්පාදනය කරන ආයතනවලට ලබාදී ඇති බවද හෙළිවී තිබේ. ඔහු මේ වන විටත් කිරිපිටි මෙට්‍රික් ටොන් 40ක් එසේ වෙළෙඳ‍පොළට නිකුත් කර ඇති බවද අනාවරණය කර ගැනීමට එම නිලධාරීන්ට හැකිවී තිබේ. නමුත් මෙම පුද්ගලයා හා සම්බන්ධ අනෙක් ව්‍යාපාරිකයා පිළිබඳ මතෛක් තොරතුරු අනාවරණය වී නොමැති අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක කර තිබේ.

ශානිකා මාධවී පීරිස්

  1. ඒ තාත්තා 5වැනි මහලෙන් දරුවා බිමට දමද්දී බැංකු නිලධාරියෙකු ඔහු අල්ලා ගත්තා
  2. මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා තීරණාත්මක මංකඩ අබියස
  3. මෝටර් රථ ලියාපදිංචියට නව ක්‍රමයක්
  4. පුලියන්කුලම කැලෙන් කොටි පුල්ලි මතුවේ
  5. බලාගෙනයි සතුන්ට දැමූ කිරිපිටි වෙළෙඳ‍පොළට ඇවිත්
  6. ගෙල නොකපාම උගුරේ පිළිකාව ඉවත් කළ විස්මිත සැත්කම
  7. අප්‍රිකාවේ බල්ලන්ට හැදෙන ලෙඩක් අපේ රටෙත්
  8. විජේවීරත් බිය වූ එකම පොලිස්කාරයා
  9. ආණ්ඩුකාරවරු ගෙදර යැවූ චන්ද්‍රිකාගේ කුමන්ත්‍රණය
  10. නාමල් කුමාර රෝහිණී හතුරුසිංහගේ “මල්ලීි
  11. සේද මාවතේ රහස් සොයා මන්නාරම් වරාය කැණීම් යළි ඇරඹේ
  12. සිරීපාදේ ඉරසේවය ලෝකෙටම එකයි
  13. ලංකාවේ ගොවිතැන වනසන සේනා දළඹු සංහාරයට දහයියා අළු
  14. චිකාගෝ ක්‍රමයට බන්ධනාගාරයෙන් පැන ගිය සිරකරු මීමුරෙන් මතුවෙයි
  15. කළුතරින් මතු වූ අලුත් සක්විත්තා “අසංක”
  16. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට රෝද පුටුවෙන් යන ධෛර්යය
  17. මධුෂ්ගේ තවත් තිර නාටකයකට රඟ දැක්වුණු කෝටි 700 දියමන්ති කොල්ලය
  18. හමුදාපතිවරියක් සිටින ලෝකයේ ලංකාවේත් තරු දෙකේ ජෙනරාල්වරියන් බිහිවුණා
  19. ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන ‍පොලිස්පති සී.අයි.ඩී.යට කී කතාව
  20. මහින්දගේ නමත් පැටළුණ ඉරාන ජාතිකයාගේ ඩොලර් මල්ල
  21. අපරාධකරුවෙකුට රැකවරණදී රිමාන්ඩ් වුණු හමුදා තුනේම ලොක්කා
  22. එස්.ටී.එෆ් වෙඩි පහරට බිලි වූ කොස්ගොඩ තාරකගේ වමත සහ දකුණත
  23. ඩෙංගු මඩින්නට බත්කූරු මෙහෙයුමක්
  24. ජාත්‍යන්තර ‍පොලීසියට නව සභාපතිවරයෙක්
  25. ප්‍රතිජීවක නිසා 2050දී මිලියන 10ක් මරුට

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.