lakbima.lk

ෆේස්බුක් බ්ලොක් කළාම ඔක්කොම හරිද?

 

කෙසේ හෝ කුමක් හෝ කලබලයක් වෙනවා නම් ආණ්ඩුව ඊට දෙන කෝකටත් තෛලය වී ඇත්තේ ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වහා අවහිර කිරීමය. ආණ්ඩුව ඊට ඉදිරිපත් කරන තර්කය අසත්‍ය තොරතුරු හා ජනතාව නොමග යවන, ජනතාව ප්‍රකෝප කරවන ප්‍රචාර සමාජගත වීම වැළැක්වීම සඳහා එසේ සමාජ මාධ්‍ය අවහිර කරන බවය. එසේ වුවද ආණ්ඩුවේ මේ ප්‍රතිකර්මය පය බරවායට පිටිකර බෙහෙත් බඳින්නා වැනි ක්‍රියාවක් බව අපගේ වැටහීමය. ආණ්ඩුව සමාජ ජාල වෙත පිවිසීම අවහිර කළද සමහරු ඒ බව දැනගෙන තිබුණේද සමාජ මාධ්‍ය හරහාය  ඊට හේතුව විකල්ප පිවිසුම් හරහා ඒවා භාවිත කරන හැටි බොහෝ ලාංකිකයෝ දැනගෙන සිටීමය. අවසානයේ ආණ්ඩුව ගූගල් ප්‍ලේ ස්ටෝර්හි  බාගත කිරීම්ද අවහිර කරන තැනට පත් වූවේය. කෙසේ නමුදු වැඩ දන්නා අය මේ සීමා අතික්‍රමණය කර සමාජ ජාල පරිහරණය කළෝය. එහෙත් සමාජ ජාල බහුතරයන් මේ හේතුවෙන් පාළු ස්වභාවයක් ඉසිලීය. ඇත්ත වශයෙන්ම කිවහොත් සත්‍ය හෝ අසත්‍ය හෝ කුමන හෝ ප්‍රචාර පැතිරීමද අවම විය.

කෙසේ වෙතත් වර්තමානයේ සමාජ මාධ්‍ය හුදු තොරතුරු හුවමාරු හෝ විනෝදාස්වාදන මාධ්‍යයක් පමණක් නොවේ. එය මුදල් උපයන, ව්‍යාපාර ප්‍රවර්ධන මාධ්‍යයක් බවටද පත්ව ඇත.

මේ ලිපිය පළවන මොහොත වන විටත් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය මෑත භාගයේ තුන්වන වතාවටත් අවහිර කරන්නට කටයුතු යොදා තිබුණේ ප්‍රදේශ කිහිපයක උද්ගත වූ නොසන්සුන්කාරී වාතාවරණයන් පිළිබඳව ප්‍රචාර පැතිරීම වැළැක්වීමේ අරමුණිනි.

ඒ අනුව   සමාජ මාධ්‍ය හරහා වාණිජ අරමුණු මත කටයුතු කළ බොහෝ දෙනා මේ හේතුවෙන් මුහුණ දුන්නේ අලි අබග්ගයකටය. සිය ව්‍යාපාර ප්‍රවර්ධනය උදෙසා, ඇණවුම් උදෙසා ෆේස්බුක්  ඇතුළු සමාජ මාධ්‍ය පරිහරණය කළ අයට ඒ අවස්ථා ඇහිරී යාම එක් ගැටලුවක් විය. යූටියුබ් චැනල මගින් මෙරටට විදෙස් විනිමය ලෙස ගෙන්වූ ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක් අහිමිව ඇති බවටද තොරතුරු වාර්තා විය. විද්‍යා ‍ලේඛක හා සමාජ මාධ්‍ය විශ්‍ලේෂක නාලක ගුණවර්ධන මෙම තත්ත්වය දකින්නේ මෙවැනි ආකාරයකිනි.

ං2019 අප්‍රේල් 21-30 කාලය තුළ සමාජ මාධ්‍ය අවහිර කර තිබියදී නොනැවතීම කටකතා අනුමාන, කුමන්ත්‍රණවාදී ප්‍රබන්ධයන් සහ අර්ධ සත්‍යයන් රැසක් සංසරණය වුණා. මෙයට එක් හේතුවක් වූයේ නිල තොරතුරු සහ නිල විග්‍රහයන් විශ්වසනීය ලෙස නිසි කලට ප්‍රකාශ කිරීමට රජය අ‍පොහොසත් වීමයි. මීට අමතරව ඕනෑම දුෂ්කර මොහොතක එයින් අයුතු ප්‍රයෝජන ගන්නා අවස්ථාවාදීන්ද එයට දායක වන්නට ඇති.

දුස්තොරතුරු ගලා ගියේ සමාජ මාධ්‍ය හරහා පමණක් නොවෙයි. නිල මූලාශ්‍රයකින් තහවුරු කර නොගත් නොයෙක් දුස්තොරතුරු සමහර විද්‍යුත් සහ වබේ මාධ්‍ය වාර්තා කරනු විටින් විට දැකිය හැකි වුණා. අපේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සමහරක්ද ප්‍රහාරකයන්ගේ අනන්‍යතාව ගැන නිල විග්‍රහයක් එන්නටත් කලින් නොයෙක් අනුමාන කරනු අප දුටුවා හෙතෙම පෙන්වා දෙනුයේ සමාජ මාධ්‍ය අවහිර කළද දුස්තොරතුරු සමාජගතවීම ඉන් නැවතී නැති බවය.

ංමීට පෙර 2018 මාර්තුවේ නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය ඇවිළී ගිය අවස්ථාවෙත් දින අටක් පුරා සමාජ මාධ්‍ය සහ චැට් වේදිකා හතරක් අවහිර කරනු ලැබුවා. එයට හේතුව ලෙස රජය ප්‍රකාශ කළේ වෛරී ප්‍රකාශ සහ ප්‍රචණ්ඩත්වයට උසිගැන්වීම් සමහර වේදිකා හරහා ගලා යාම නතර කිරීමට බවයි.

ඉතා පැහැදිලව කිව යුත්තේ මෙයයි. එවර මෙන්ම මෙවරත් මෙය තාවකාලික අවහිරයක් (blocking) මිස කිසිසේත්ම තහනමක් (ban) නොවූ බවයි. මේ වන තුරු කිසිදු සමාජ මාධ්‍යයක් හෝ චැට් සේවාවක් ශ්‍රී ලංකාවේ නීතියෙන් තහනම් කර නැහැ. තහනමක් සඳහා නීතිමය රාමුවක් පැවැතිය යුතුයි; නැතිනම් අලුත් නීති හෝ රෙගුලාසි ගැසට් කළ යුතුයි. එබන්දක් මෙහිදී සිදු නොවූ අතර, තාක්ෂණික වශයෙන් අදාළ වබේ වේදිකාවලට රට තුළ සිට පිවිසීම තාවකාලිකව අවහිර කරනු ලැබුවා පමණයි ඔහු පවසන්නේ හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දිගින් දිගටම සමාජ මාධ්‍ය අවහිර කිරීම අනුවණකමක් බවය.

සමාජ මාධ්‍ය අවහිරය පිළිබඳව ගිය වසරේ මා ගත් ස්ථාවරය මෙවරත් අදාළයි. දිගින් දිගට සමාජ මාධ්‍ය අවහිර කිරීම මෝඩ ක්‍රියාවක්. මුල් පැය 48-72 තුළ යම් සාධාරණීයකරණයක් තිබුණා විය හැකි වුවත්, රටේ තත්ත්වය සමනය වූ පසු දිගටම අවහිර කරන්නේ මහජන අදහස් උදහස් වාරණයකට යන්න මගේ වැටහීමයි.

වක්‍ර මාර්ගවලින් සමාජ මාධ්‍ය වෙත නොගොස්, අවහිර කරන කාලය තුළම එම සන්නිවේදන වේදිකා භාවිත නොකර සිටින සැලකිය යුතු පිරිසකුත් අපේ රටේ සිටිනවා. ඔවුන්ගෙන් අති බහුතරය නීතිගරුක, ආචාර ධර්ම ගරු කරන අයයි. මේ ජනකායගේ තොරතුරු දැන ගැනීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතීන් මෙම අවහිර කිරීම් මගින් උල්ලංඝනය කැරෙනවා. ඔහු පෙන්වා දෙයි.

අඩු තරමින් සමාජ මාධ්‍ය එකක්වත් භාවිත කරන අය මිලියන 7ක් පමණ මෙරට වෙසෙති facebook (ෆේස්බුක්)ජනප්‍රියම සමාජ මාධ්‍ය වේදිකාව වී තිබේ. සමාජ මාධ්‍ය අපහරණය කරන්නේ මෙයින් සුළු පිරිසක් පමණි. ඔවුන්ට ඒ සඳහා දේශපාලනික හෝ වෙනත් අන්තවාදී අරමුණු තිබිය හැකි බව සමාජ මාධ්‍ය විශ්‍ලේෂක නාලක ගුණවර්ධන පෙන්වා දෙයි.

මේ අපහරණ මර්දනය කිරීමට ගත හැකි හොඳම ප්‍රතිකර්මය නම් ඒ අය අතරින් කිහිප දෙනෙකු හඳුනාගෙන, ඔවුන්ට එරෙහිව රටේ පවතින සාමාන්‍ය නීතිවලින් (හදිසි නීතිය නොවේ) දඬුවම් කිරීමයි. ඉන් පසුව ඒ ගැන ප්‍රසිද්ධියක් ලබා දීමයි. අධිකරණ හරහා සාර්ථක ලෙස දෙතුන් දෙනෙකුට වුවද දඬුවම් කළ හැකි නම්, මෙම අපහරණයන් බොහොමයක් ඉක්මනින්ම නතර වනු ඇතිි ඔහු පෙන්වා දෙයි. එහි නීතිමය පසුබිම හෙතෙම මෙසේ පැහැදිලි කරයි.

2007 අංක 57 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත (ICCPR පනත) යටතේ ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙලඹවීම අපරාධ වරදක්. එවන් වරදවලට එරෙහිව මහාධිකරණවල නඩු පවරා, චෝදනාවලට වරදකරු වන අයට වසර 10ක් දක්වා සිරදඬුවම් දිය හැකියි.

2014 ජුනි මාසයේ අලුත්ගම මෙන්ම 2018 පෙබරවාරි-මාර්තු මාසවල අම්පාර සහ මහනුවර දිස්ත්‍රික්කවල හට ගත් මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලදී භෞතික ලෝකයේ මෙන්ම සයිබර් අවකාශයේද වෛරී කථනයෙහි යෙදුණූ පුද්ගලයන්ට එරෙහිව මෙම නීතිය යටතේ දඬුවම් දිය හැකියි. එහෙත් 2018 අවසන් වන තුරු සාර්ථක ලෙස එබඳු නඩු පවරා දඬුවම් දීමක් සිදුව තිබුණේ නැහැ.

දිගන ප්‍රචණ්ඩත්වයට උසිගැන්වූ සමහරුන් එසේ කළේ එළිපිටමයි. තමන්ගේ අනන්‍යතාවය සඟවා ගන්නේ නැතුව YouTube සහ Facebook වැනි සමාජ මාධ්‍ය හරහා ඔවුන් වහසි බස් කතා කළ බවට සාක්ෂි තවමත් වබේගතව තිබෙනවා. එහෙත් එතැනදී එම නීතිය අවශ්‍ය ලෙසට භාවිත නොකළ ‍පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව 2019 අප්‍රේල් මාසයේ ශක්තික සත්කුමාර කෙටිකතාකරුවා අත් අඩංගුවට ගෙන චෝදනා පවරන්නට දැඩි උදේ‍යා්ගයෙන් ඒ නීතිය කෙසේ හෝ යොදා ගන්නවා.

සමාජ මාධ්‍ය අවහිර කිරීම අපට සම කළ හැක්කේ මාරාන්තික මාර්ග අනතුරු සිදුවීම නිසා හෝ වෙනත් මහමග ව්‍යසනයක් නිසා හෝ බලධාරීන් විසින් රටේ සියලුම මාර්ග වසා දැමීමටයි. මෙවැනි දෙයක් කිරීම උද්ගතව ඇති ප්‍රශ්නයට සමානුපාතික ප්‍රතිචාරයක් නොවෙයි.

ප්‍රකාශන සහ භාෂණ අයිතිය යනු පරම අයිතියක් නොවෙයි. එය සාපේක්ෂ අයිතියක්. එනම් මෙම අයිතියට යම් යම් සීමා බල පවත්වනවා. මේ සීමා කුමක් විය යුතුද යන්න ලෝක මානව හිමිකම් නීතියේ පැහැදිලිව දක්වා තිබෙනවා. ඒ අනුව ප්‍රකාශන අයිතියට සීමා පැනවීම ඉතා සීරුවෙන් කළ යුත්තක්. ඒ සඳහා කොන්දේසි තුනක් සපුරා ගත යුතුයි. එනම් නීත්‍යනුකූල වීම, සුජාත භාවය සහ තර්ජනයට සමානුපාතික වීම යන කොන්දේසි තුනයි.

2018 මාර්තුවේ මෙන් 2019 අප්‍රේල් මාසයේ සමාජ මාධ්‍ය අවහිරය සලකා බලන විට, මෙම ලොව පිළිගත් නීති සම්ප්‍රදායන් අනුගමනය කර නැති බව පැහැදිලියි.

සමාජ මාධ්‍ය හෝ කිසිදු වබේ අඩවියක් මෙරට සිට ප්‍රවේශ වීම අවහිර කිරීමට පදනම සපයන නිශ්චිත නීතියක් හෝ නියාමනයක් අපේ රටේ නැහැ. 1996 විදුලි සංදේශ නීතිය යටතේ විදුලි සංදේශ නියාමන කොමිසම දෙන අණ පිළිපැදීමට ටෙලිකොම් සේවා සපයන සමාගම බැඳී සිටිනවා. යම් වබේ ලිපිනයක පවතින වබේ අඩවියක් අවහිර කරන්න යයි කොමිසම අණ දුන් විට, එසේ නොකළොත් ටෙලිකොම් සමාගම්වලට ගැටලු මතුවන නිසා සමාගම් කියන දේ කරනවා. ලැබෙන නියෝග නීත්‍යනුකූලද කියා සමාගම් ප්‍රශ්න කරන්නේ නැහැ හෙතෙම පෙන්වා දෙයි. එසේම සමාජ මාධ්‍ය අවහිර කිරීමේ ආර්ථික හානිය පිළිබඳ ඔහු මෙසේ කරුණු දක්වයි.

ංමෙරට ආර්ථිකයේ ලොකු කොටසකට වගකියන්නේ ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණයේ ව්‍යාපාරයි. මේ වන විට රටේ ජනගහනයෙන් තුනෙන් එකක් ඉන්ටර්නෙට් භාවිත කරන නිසා විවිධ භාණ්ඩ හා සේවා සඳහා අලෙවිකරණය සහ වෙළෙඳ ප්‍රචාරණය දැන් එන්න එන්නම වබේ ගතව කෙරෙනවා. තමන්ගේම වබේ අඩවි පවත්වාගෙන යන්නට තරම් හැකියාවක් නැති ක්ෂුද්‍ර ව්‍යාපාර දහස් ගණනක් දැන් මේ සඳහා යොදා ගන්නේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම්.

සමාජ මාධ්‍ය අවහිර කළා නම් ඒ අයට තමන්ගේ ජීවිකාව කරගෙන යන්නට ඇති ප්‍රධානතම අවකාශය ඇහිරෙනවා. ලොකු වෙළෙඳ සමාගම්වලට මෙය ප්‍රශ්නයක් නොවේ. මන්ද ඔවුන්ට තමන්ගේම වබේ අඩවි සහ වෙනත් අලෙවිකරණ ක්‍රම තිබෙන නිසා. අපේ රටේ තිබෙන වාණිජ මණ්ඩල එකක්වත් මේ පැත්ත ගැන අවධානය යොමු නොකරන්නේ දහස් ගණනක් කුඩා සහ ක්ෂුද්‍ර ව්‍යාපාරිකයන් මුහුණ දෙන දුෂ්කරතා ඔවුන්ට නොතේරෙන නිසා විය හැකියි.

2018 මාර්තුවේ දින අටක් පැවැති මෙරට සමාජ මාධ්‍ය අවහිරය නිසා අවම වශයෙන් ඩොලර් මිලියන 30ක (රුපියල් බිලියන දෙකක් පමණ) ආර්ථික පාඩුවක් මෙරට සමාගම්වලට සහ පුද්ගලයන්ට සිදු වූ බව NetBlocks නමැති විද්වත් ආයතනය තක්සේරු කර තිබෙනවා.

මේ ආර්ථික පාඩුවට අමතරව ඇතිවන සමාජයීය පාඩුද හෙතෙම පෙන්වා දෙයි. විශේෂයෙන් ව්‍යසන අවස්ථාවක ලෙහෙසියෙන් පවු‍ලේ සාමාජිකයන් සහ හිතවතුන් අතර තොරතුරු බෙදා ගන්නට තිබෙන මාර්ග අසුරා දැමීම වැරදියි. ටික දෙනෙකුගේ වැරදි වැඩ නිසා හැම දෙනාටම සමාජ මාධ්‍ය අහිමි කිරීම කැකිල්‍ලේ තීන්දුවක් වැනි වැඩක්.

සමාජ මාධ්‍ය විශ්‍ලේෂක නාලක ගුණවර්ධන අවසන් වශයෙන් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතයන්ගේ (ICTA) සභාපති මහාචාර්ය රෝහාන් සමරජීවද සමාජ මාධ්‍ය තහනම් කිරීමේ ගැටලුව පිළිබඳව අදහස් දැක්වීය. හෙතෙම පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය තහනම් කිරීම නොව කළ යුතුව තිබුණේ වෛරී ප්‍රකාශ පතුරවන්නන් බුරුතු පිටින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම බවය.

පැහැදිලිවම මෙවැනි වැරදි කරන අයට එරෙහිව කටයුතු කිරීම 2007 අංක 57 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය අතිශයින් ප්‍රමාණවත්. ඒකෙදී වැටක් ළඟ ඉඳන් කෑ ගැසීමේ සිට ඕනෑම ආකාරයේ ගැටුම් ඇති කිරීමට හේතු වන ප්‍රකාශ සමාජ ගත කිරීමට එරෙහිව දඬුවම් දිය හැකියි මහාචාර්ය රොහාන් සමරජීව පෙන්වා දෙයි.

ලක්ෂ ගණනක් පරිශීලනයේ සිටින ඇතැම් ෆේස්බුක් පිටු මගින් නිකුත් කරන එක් පණිවුඩයකට කළ හැකි විශාල සමාජ බලපෑම හේතුවෙන් මේ අන්දමින් සමාජ මාධ්‍ය අවහිර කිරීමට ආණ්ඩුවට සිදුවූ බව හෙතෙම පෙන්වා දෙයි. එහෙත් ජනතාව දිනක් දෙකක් එය ඉවසා සිටියද ඉන් අනතුරුව ඊට එරෙහිව නැගී සිටින බව හෙතෙම පෙන්වා දෙයි.

සමාජ මාධ්‍යවලට වඩා පණිවුඩ යැවිය හැකි ක්‍රමවේදයක් තමයි කෙටි පණිවුඩ සේවාව. ඒ නිසා රට වැසියා ප්‍රශ්න කරනවා ආණ්ඩුවට මේක පාලනය කරන්න මීට වඩා විධිමත් වැඩපිළිවෙළක් නැතිද යන්න. එය සාධාරණ තර්කයක්. ලක්ෂ සංඛ්‍යාත පරිශීලකයන්ගෙන් අයථා ක්‍රියාවල යෙදෙන 100ක් 400ක් නිසා හැම දෙනාටම අවහිරතා පැනවීම කෙතරම් යුක්ති සහගතද කියලා අපිට හිතන්න වෙනවා.

මහාචාර්ය රොහාන් සමරජීව පෙන්වා දෙයි.

එසේම සමාජ මාධ්‍ය යුක්ති සහගත ලෙස පරිශීලනය කරන්නේ කෙළෙසද යන්න පිළිබඳව අධ්‍යායන අවස්ථා පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු විය යුතු බවද මේ තුළින් ඉස්මතු වූ තවත් වැදගත් කාරණයක් බව මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මිහිරාන් කරුණාරත්න

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.