lakbima.lk

කාන්තාවන්ට දුම්රිය මැදිරි වෙන් කිරීමෙන් අනික් මැදිරි වල තද බදයක්

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කාන්තාවන්ට පමණක් වෙන් වු දුම්රිය මැදිරියක් කාර්යාල දුම්රිය කිහිපයකට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව අද පියවර ගනු ලැබුවද එම මැදිරි වල ගමන් කරන ප්‍රමාණය වෙනදාට වඩා අඩු බව දුම්රිය මගින් පවසයි.

උදෑසන කාර්යාල සේවයට වාර්තා කරන රජයේ හා පෞද්ගලික අංශයේ විශාල පිරිස් මෙම කාර්යාල දුම්රියන්හි සෑම දිනකම ගමන් කරන අතර එම දුම්රියන්හි විශාල මගී තදබදයක්ද සෑම දිනකම පවතී. සෑමදාම රැකියා සඳහා දුම්රියෙන් ගමන් කරන කාන්තාවන් මෙන්ම පිරිමින් ද සුපුරුදු මැදිරියන් වල සුපුරුදු මිතුරු කණ්ඩායම් සමඟ ගමන් කිරීම සාමාන්‍ය සිද්ධියකි. එසේ මිතුරු කණ්ඩායම් වලින් වෙන් වී කාන්තාවන් ඔවුන්ට පමණක් වෙන් වූ මැදිරියන්හි ගමන් නොකරයි. එසේ වන විට කාන්තා මැදිරියේ ගමන් කරන කාන්තාවන් ප්‍රමාණය අඩු වන අතර වෙනදා එම මැදිරි වල ගමන් ගන්නා පිරිමින් අනෙක් මැදිරිවලට යාමෙන් දුම්රියේ අනිකුත් මැදිරියන් තුළ වෙනදාට ඇති තද බදය වඩා මගී තදබදය අධික විය හැකිය.

මෙලෙස කාන්තාවන් සඳහා මැදිරියක් වෙන් කිරීම ප්‍ර‍යෝගික ප්‍රශ්න ඇතිකරවන්නක් බවද දුම්රිය මගීන් පවසා සිටී. උදාහරණයක් ලෙස ස්වාමිපුරුශයා සමඟ රැකියාවට යන කාන්තාවක් කිසි දිනෙක ඔවුන්ට වෙන් වු මැදියේ ගමන් නොකරන අතර ඇය තම ස්වාමීයා සමඟ වෙන මැදිරියක ගමන් කරයි.

එසේ වන විට කාන්තා මැදිරියේ අඩු තද බදයක් ඇති වන අතර එම මැදිරියේ වෙනදා ගිය පිරිස් අනික් මැදිරි වලට මාරු වීමෙන් එම මැදිරි වල තද බදය තවත් වැඩි වේ. දුම්රියේ කාන්තා මැදිරියක් වෙන් කිරීමේදී අමතර මැදිරියක් දුම්රියට යෙදීමට හැකි වී නම් මෙම ප්‍රශ්නය තරමක් දුරට විසදෙන අතර එසේ නොවී නම් මෙය අසාර්ථක ව්‍යාපෘතියක් වනු ඇත. 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.