lakbima.lk

වකුගඩු රෝගය රටටම බෙදන්නේ වතුර නෙමෙයි සහල්


රජරට හඳුනා නොගත් වකුගඩු රෝගය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් දහස් ගණනක් මියගොස් තිබේ. ග්ලයිෆොසෙට් වල්නාශකයටත්, රසායනික ‍පොහොරවලටත්, කඨින ජලයටත් වරින් වර විවිධ පුද්ගලයන් චෝදනා එල්ල කළද රජරට වකුගඩු රෝගයට හේතුව මේ යයි නිශ්චිතව පවසන්නට මේ වනතුරු කිසිවකු සමත් වී නොමැත. විවිධ කතාබහ සමග යටගිය වකුගඩු මාරයාගේ කතාව යළි කරළියට එන්නේ මෙවැනි පසුබිමකය.


පසුගිය 26 දා නාඋල මොන්ටි ගොපල්ලව අනුස්මරණ ශාලාවේදී ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වූ ආචාර්ය කමල් ගම්මන්පිල ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය.

ඒ රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව 1959 සිට මෙරට මධ්‍ය කඳුකරයෙන් ආරම්භ වූ රසායනික ‍පොහොර භාවිතය බව පැවැසීමය. පසුව ජාතික විද්‍යා සංගමය නිවේදනය කළේ ඒ බව ඔප්පු වී නැති බවයි. මේ කතාවල ඇත්ත නැත්ත සොයා බලන්නට අපි ෙජෙව විද්‍යාඥ ආචාර්ය කමල් ගම්න්පිල හමුවුණෙමු.


ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලයේ සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා ජීවිතයේ වැඩි කලක් එංගලන්තයේ ගතකර ඇති ආචාර්ය ගම්මන්පිල ඉම්පීරියල් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් කායික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ඇත.


මම අවුරුදු පනහකට වැඩි කාලයක් එංගලන්තෙ ජීවත් වුණාට ලංකාව මවුබිම කියන හැඟීම හැමදාම තිබුණා. ලංකාවේ වකුගඩු රෝගය මේ තරම් දුරදිග ගිහින් බව මම 2013දී පැමිණි විට දැනගත්තාම විශාල කනගාටුවක් ඇති වුණා වකුගඩු රෝගය පිළිබඳ අධ්‍යයනය කිරීමට හෙතෙම පෙලඹුණු අන්දම ආචාර්ය කමල් ගම්මන්පිල පෙන්වා දුන්නේ එසේය.


2013දී මම නිවාඩුවකට ලංකාවට ආවාම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් වකුගඩු රෝගය පිළිබඳ නිකුත් කළ වාර්තාව පිළිබඳ පැවැති රැස්වීමකට සහභාගි වීමට ලැබුණා. එහිදී සංවාදයට ලක්වුණා අපි හැම තැනම කන්නේ එකම ආහාර නම්, හැමතැනම යොදන්නේ එකම ‍පෝර නම් මේ ලෙඩේ රජරට විතරක් තියෙන්නේ ඇයි කියලා.

ඒත් ඒ කිසිවෙක් දැන් ඒ ගැන කතා කරන්නේ නෑ ඔහු පෙන්වා දෙන්නේ මේ පිළිබඳ දැනුවත් විද්‍යාඥයන්, වෛද්‍යවරුන්, ආචාර්ය මහාචාර්යවරුන්ගේ විවිධ බලපෑම් හේතුවෙන් නිහඬ වී ඇති බවය. ජාතික විද්‍යා පදනම කියා තිබෙනවා මම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යයනයකට දායක වුණේ නෑ කියලා. ඇත්තටම මම දායක වුණේ ඒ වාර්තාව පිළිබඳව කරපු පශ්චාත් අධ්‍යයනයකට. ඒක වාර්තා කරපු කෙනා වැරදියට ලියලා තිබෙනවා. හෙතෙම පෙන්වා දෙයි.


මේ වනතෙක් මේ පිළිබඳව විවිධාකාර මත ප්‍රකාශ කරමින් ජනතාව නොමග යවන ආචාර්ය, මහාචාර්යවරු කොම්පැණිකාරයන්ගේ අතකොලු බවට පත්ව ඇති බව තමා පමණක් නොව මේ වන විට බොහෝ විද්වතුන් පිළිගන්නා බව ආචාර්ය ගම්මන්පිල පවසන්නේය.


ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව පිළිබඳ පශ්චාත් අධ්‍යයනය සිදුකළ දෙදෙනාගෙන් එක් අයෙක් මම. මම ඊට යොමු වුණේ මහාචාර්ය සරෝජ් ජයසිංහ මාර්ගයෙන්. ඒ වාර්තාවෙන් මම කිව්වා කැඩ්මියම් ප්‍රධාන බැරලෝහ ‍පොළොවට බලපෑම් කර තියෙන බව. මීට කලින් මම මහාචාර්ය තිස්ස විතාරණට ලියුවා කැඩිමියම්වල බලපෑම කාබනික ගොවිතැනෙන් නතර කළ නොහැකි බව . මම ලංකාවෙ සිටි සති තුන තුළ මම මේ ගැන කිව්වා. මම පරීක්ෂණයකුත් යෝජනා කළා. ඒත් අදවනතුරු ඒක කෙරිලා නෑ


ආචාර්ය ගම්මන්පිල පෙන්වාදෙන්නේ තමන් සමීක්ෂණයක නිරත නොවී කතා කරන බව පවසන පිරිසගෙන් මෙම උක්ත විශ්‍ලේෂණය කළ ඇති වරද කුමක්දැයි විමසන ලෙසය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව තුළ කැඩිමියම් හා ආසනික් කරන බලපෑම ඉතා පැහැදිලිව පෙන්වා දී ඇතැයි හෙතෙම පැවැසීය.


වකුගඩු රෝගයට හේතුවන්නේ මුත්‍රා සමග ‍ප්‍රෝටීන පිටවීම. ඒක දියවැඩියාව හා අධිරුධිර පීඩනය නිසාත් විය හැකියි. ලෝක සෞඛ්‍ය සංවිධානය 2010දී පමණ පෙන්වා දුන්නා ආසනික් හේතුවෙන් චර්ම පිළිකා, මුත්‍රාශ පිළිකා ඇතිවිය හැකි බවත් ඊයම් හේතුවෙන් ළමුන්ගේ ස්නායු දුර්වලතා හා වැඩිහිටියන්ගේ රුධිර පීඩනය ඇතිවිය හැකි බවටත් කැඩිමියම් හේතුවෙන් බිටා 2ර්ට් ‍ප්‍රෝටීන් මුත්‍රා සමග පිටවී නිදන්ගත වකුගඩු රෝගය ඇතිවිය හැකි බවත්, අපේ ශරීරිය පාරිසරික තත්ත්ව යටතේ ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පත්වා ගැනීමට විවිධ උපක්‍රම භාවිත කරනවා.

උණුසුම වැඩිවිට දහඩිය දමනවා. අජීරණයකදී වමනය එනවා. ඒ වගේ කැඩිමියම් ඇඟ ඇතුළට ආවාම  මේ බිටා 2 මයිකේ‍රා ග්ලොබියුලින් ඒවා ග්‍රහනය කරගෙන මුත්‍රා මාර්ගයෙන් එළියට දානවා. මේ වගේ තවත් ‍ප්‍රෝටීන තියෙනවා. බැරිම නම්  අපේ ඇඟේ බහුලම ‍ප්‍රෝටීනය වන  ඇල්බියුටිනුත් ක්‍රියාත්මක වෙනවා. මේ අධි ක්‍රියාකාරීත්වය නිසා වකුගඩු අක්‍රිය වෙනවා. අපි අවධානය යොමු කළ යුත්තේ එතැනට නෙමේ මේකෙ මුලටයි ආචාර්ය ගම්මන්පිල පෙන්වා දෙයි.


මේක පටන් ගත්තේ 1959න් පස්සේ. ඊට කලින් අපේ බවභෝගවලට රසායනික ‍පොහොර යෙදුවේ නෑ. මුලින්ම මේක පටන් ගත්තේ මධ්‍ය කඳුකරයේ ලොකු ලොකු වතු කරපු සල්ලිකාරයො ටික. එහෙම පටන් ගත්ත රසායනික ‍පොහොරවලින් පිටවුණු බැරලෝහ ටිකෙන් ටික ටිකෙන් ටික ජල මාර්ග හරහා රට මැද සිට රට වටේම ගමන් කළා ආචාර්ය ගම්මන්පිල පෙන්වා දෙයි.


මෙසේ ක්‍රමයෙන් ලංකාවේ උතුරු කෙළවර,   යාපනය දක්වාම බැරලෝහ පරිවහනය වී තිබේ. මීමුරේ ඇතුළේ හීන්ගඟ ඔයේ අපි මේ ගැන හොයාගෙන ගියා. හීන්ගඟේ ජලයෙන් ගොවිතැන් කරන අයට කිසිම ලෙඩක් නෑ. ඒත් රන්ටැඹේ පසු කළ ගමන් ලෙඩ්ඩු හමුවෙනවා. හීන්ගඟේ ඇනිකට් එකට උඩින් තියෙන කිරිපට්ටිය ගමේ ලෙඩ්ඩු නෑ.

මිරිස්යාය ගමේ ලෙඩ්ඩු එක්කෙනෙක් දෙන්නෙක් හමුවෙනවා. මේක වුණේ කොහොමද? මිරිස්යායෙ අයගෙ කුඹුරු තියෙනවා ඇනිකට් එකෙන් පහළ. ඔවුන් ඒවට වතුර ගන්නෙ මිනිපෙ ඇළෙන්. ඔන්න හේතුව. මිනිපෙ ඇළ දිගේම අපි මේකට සාක්ෂි එකතු කරන් ගියා. මේ වගේ තව උදාහරණ ඕනතරම් හමුවුණා හෙතෙම පෙන්වා දෙයි.


ආචාර්ය ගම්මන්පිල පවසන පරිදි මෙසේ දත්ත එකතු කිරීමත් විශ්‍ලේෂණය  කිරීමත් සරල කටයුත්තක් නොවේ. ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා (ර්ඩ්), ග්‍රාමසේවක හා ගොවි සංවිධාන සතුව මේවායේ දත්ත පැවැතියද විවිධ බලපෑම් නිසා ඔවුන් දත්ත ලබාදීමට මැලි වෙති.


එක වෛද්‍යවරයෙක් ඉදිරිපත් වුණා. මම මාරු කරත් මම ඔබතුමාට උදව් කරන්නම් කියලා ඉදිරිපත් වුණා. ඒ වගේ රටට ආදරේ මිනිස්සු කීපදෙනෙක් ඉන්නව තවමත්. මේ ගම්වල සමහර අය වකුගඩු රෝගය නැතිව වුණත් ශාරීරිකව දුර්වල වෙලා මියයනවා. කිසිම ආණ්ඩුවක් මේ මිනිස්සුන්ගේ ජීවිත ගැන හිතලා නෑ. අම්පාර උදාහරණයකට පෙන්වන්වා. එහේ ගල්ඔය කඳුවලින් ආවරණය වෙලා.

එහේ පිරිසිදු වතුරෙන් සේනානායක සමුද්‍රයෙන් ගොවිතැන් කරන්නේ. ඒ අයට ලෙඩ නෑ. එතැනින් මේක පැහැදිලි වෙනවා වකුගඩු රෝගය ව්‍යාප්ත වූ ප්‍රදේශ පිළිබඳව වන සිතියම අධ්‍යයනය කිරීමේදී පැහැදිලිව පෙනී යන්නේ කඳුරටින් ජලය බෙදී යන ප්‍රදේශවල ක්‍රමිකව එය ව්‍යාප්තව ඇති අන්දමයි.

මැණික් ගඟ, වලවේ ගඟ, කිරිඳි ඔය, මහවැලි ගඟ ඔස්සේ පහළට මෙය ව්‍යාප්ත වී තිබේ. ඒ අනුව ආචාර්ය කමල් ගම්මන්පිල පෙන්වා දෙන්නේ කඳුකරයෙන් ගලා යන ජල මූලාශ්‍ර, වගා ප්‍රතිපත්ති හා අපේ ආහාර රටාව මූලිකවම වකුගඩු රෝගය ඇතිවීමට බලපා ඇති අන්දමය.


අපේ ‍පොළොව නාස්ති වෙලා ඉවරයි. ඇයි යූඑන්පී, ශ්‍රී ලංකා, ජේවීපී කවුරුවත් මේ ගැන කතා නොකරන්නේ. මේක ජාතික ව්‍යසනයක්. 1992දී දැනගත්තේ අනුරාධපුරේ. මේක තව අවුරුදු 30කින් කොළඹට එන්නේ නෑ කියල හිතනවද? මිනිපෙ ඇළ 77 පටන් ගත්තේ. 2000 වෙනකොට මිනිස්සු ඉවරයි. මේ ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණයට කලින් මේ ප්‍රශ්නෙ තේරුම් ගත්තෙ නැත්නම් ආයෙ කවදාවත් මේක නිවැරදි කරන්න වෙන්නෙ නෑ


ආචාර්ය ගම්මන්පිල අවධාරණය කරන්නේය. මේ තත්ත්වයෙන් මිදීමට නම් රජරට ආහාර සංස්කෘතිය සම්පූර්ණයෙන් වෙනස් කළ යුතු බව හෙතෙම පෙන්වා දෙයි. මූලිකවම ජනයා පරිභෝජනය කරන සහල් ප්‍රමාණය සෙසු රටවලට සාපේක්ෂව වැඩි අගයක් ගැනීම නිසා බැරලෝහ 50කට වැඩි ප්‍රමාණයක් ශරීරගත වනුයේ සහල් මගිනි.

කඳුරට සිට ගලා එන ජලය පිරිසිදු කිරීම මීළඟ අවශ්‍යතාවයි. රෝගීන් බහුලව හමුවන ප්‍රදේශවල සහල් ජාතික සංචිතයට එක් කිරීම සම්පූර්ණයෙන්ම නතර කළ යුතුයි. මේ තුළින් අපට මතුවන ප්‍රධාන ගැටලුව ගොවියාගේ ආර්ථිකයට එය මරු පහරක් වීමයි.


මේක තමයි ගැටලුව. ආණ්ඩුවත් ඒක අනික් පැත්තට පාවිච්චි කරනවා. හැබැයි ජාතිය බේර ගන්න නම් අපි ඒ එඩිතර තීන්දුව ගත යුතුයි. අපිට පුළුවන් සූරියකාන්ත වවන්න. මේ ඉඩම් පුරන්වෙන්න ඇරලා. ඒකෙන් අපට ඇටගන්න පුළුවන්. අපනයනය කරන්න පුළුවන්. ඔබ අහවි ඒ වගේ විස නැද්ද කියලා. තියෙනවා. හැබැයි මහ බත් පිඟානක් කන මිනිහා සූරියකාන්ත තෙල්වලින් හදන මාගරින් කන්නෙ හැන්දයි.

මේවා අපනයනය කරන්න පුළුවන්. ආහාරවල විස සම්පූර්ණයෙන්ම නැති වෙන්න ඕන නෑ. ප්‍රමාණයට වඩා නොතිබිම ඇති. ජාත්‍යන්තර දැනුම හා සහයෝගය, මූල්‍ය උපකාර අරන් විවිධ බෝග අත්හදා බලන්න පුළුවන්. හාල්වලින් බියර් හදන්න පුළුවන්. ඒකෙන් විෂ අයින් කරන්න පුළුවන්. ශරීරගත වන ප්‍රමාණය අඩුයි. අපිට ආහාරයට ගන්න සුදුසු සහල් ආනයනය කරන්න පුළුවන්. අපේ හාල් රජරටට විෂ වුණාට කොළඹට විස අඩුයි. පිරටට තව අඩුයි.

මොකද පරිභෝජනය විවිධයි. ප්‍රමාණය අඩුයි. අපිට සහල්වලින් වෙනත් කෑම හදලා අපනයනය කරන්න පුළුවන් ආචාර්ය ගම්මන්පිල මේ ගැටලුවට විසඳුම් ඉදිරිපත් කරන්නේ ඒ අන්දමින්. හෙතෙම පෙන්වා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහය ලබාගෙන මේ ගැටලුව ජය ගැනීම අපහසු දෙයක් නොවන බවය.


මම මේ දිනවල කරගෙන යනවා එක ගමක් තෝරගෙන පිරිසිදු ආහාර දෙන්න. පිරිසිදු ජලය දෙන්න. මාස කීපයක් ඇතුළත මම ප්‍රගතිය පෙන්වන්න සූදානම් ආචාර්ය කමල් ගම්මන්පිල කතාබහ අවසන් කළේ අපේක්ෂා පෙරදැරි මදහසකිනි.

ආචාර්ය කමල් ගම්මන්පිල

මිහිරාන් කරුණාරත්න

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.