lakbima.lk

පාස්කු ප්‍රහාරයෙන් පසු රට ඇවිළුවාද ඇවිළුනාද

මුලු මහත් ලෝකයම කම්පාවට පත් කරමින් ඉකුත් 21 දා මෙරටට එල්ල වු පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුව ඉකුත් 12 දාට සති තුනකි. තෙසතියක් ගෙවි ගියද පාස්කු ප්‍රහාරයේ උණුසුම නම් තවම ගිලිහි ගොස් නැත. රටේ සෑම තැනකම ඒ පිලිබඳ කසුකුසු ඇත්තේය.ඉකුත් 12 දා අලුයම පහන් වුයේද එවැනි කසුකුසුවක් රට්ටු තුල ඇති කරමිනි.
ඒ වත්තල-හුණුපිටිය පාරේ ගුවන් පාලම ආසන්නයේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යොදා තිබු ක්ෂණික මාර්ග බාධකයකදි අණ නොතකා පලා ගිය මෝටර් රථ දෙකකට වෙඩි තැබිමකිනි.

ඉකුත් 12 දිනට රැය පහන් වෙද්දි නාවික හුමුදා නිලධාරින් විසින් පළමුව වෙඩි තබා තිබුණේ ටාටා-නැනෝ වර්ගයේ කුඩා මෝටර් රථයකටය. ඒ නැවත්වීමේ සංඥාව නොතකා ඉදිරියට ඇදි යද්දීය. එහිදි එල්ල කල වෙඩි පහරින් එම මෝටර් රථයේ ගමන් කල වත්තල,පරණ මිගමුව පාර පදිංචි චාමර අසංක රණසිංහ නැමැති තිස් හතර හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා ජිවිතක්ෂයට පත් විය. තවත් අයෙක් තුවාල ලැබිය.

එය වි පැයකට පසු එලෙසම අණ නොතකා ගිය බි.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයකට වෙඩි තැබුනේය. මෙහිදි මොටර් රථයට හානි වුවද ගමන් කළ තැනැත්තාට හානියක් නොවීය. මෙම මොටර් රථය පදවාගෙන ගොස් තිබුනේ නිතිඥවරයෙකුය. ඔහු බිමත්ව සිට ඇති අතර ඒ අනුව කිරිබත්ගොඩ ‍පොලිසිය විසින් ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රට්ටු කථා කරද්දි හලාවත උණුසුම් වුයේ ඉකුත් 12 දා දහවල්ය. ඒ වෙනත් ආගමක ව්‍යාපාරිකයෙකු විසින් තවත් පුද්ගලයෙකු හා ගැටුමක් ඇති කර ගැනිමෙන් අනතුරුව ඔහු මුහුණු ‍පොතට එක් කර තිබු ප්‍රකාශයක් පදනම් කර ගෙනය.

මේ සම්බන්ධයෙන් කුපිත වු හලාවත වැසියන් හලාවත නගරයට පැමිණ නොසන්සුන්කාරි ලෙස හැසිරෙන්නට වුයේ පාස්කු ප්‍රහාරය පිලිබඳව ද මතක් කරමිනි. මෙහි අවසානය වුයේ දෙපාර්ශවය සාමකාමි කිරිමට හලාවත ප්‍රදේශයට 12 දා දහවල් 1.00 සිට පසුදා සවස 4.00 දක්වා ‍පොලිස් ඇදිරි නිතිය පැනවමිනි. එමෙන්ම ජාතින් අතර අසමගියක් ඇති වන ආකාරයේ ප්‍රකාශය නිකුත් කර තිබු ව්‍යාපාරිකයාද අත්අඩංගුවට ගැණුනි. ප්‍රදේශයේ ආරක්ෂාවට ‍පොලිස් කණ්ඩායම් වලට අමතරව ත්‍රිවිධ හමුදාවද යෙදවීය.

හලාවත නගරය එසේ සන්සුන් වෙද්දි බිංගිරිය, විර‍පොකුණ වැව්තාවුල්‍ලේ තිබි ටි 56 ජිව උණ්ඩ තොගයක්ද, උළු කර්මාන්ත ශාලාවක තිබි බෝර 12 ගිනි අවි උණ්ඩ 54 ක් ද හමු විමත් සමග කිණිගම ජනතාව කුපිත වි නොසන්සුන් වන්නට වුයේ හලාවත උණුසුම ඔවුන්ට ද දැනි තිබුණු බැවිනි.

එහි අවසානයේ වුයේ තත්ත්වය මැඩපැවැත්විමට කුලියාපිටිය, දුම්මලසුරිය, හෙට්ටි‍පොල, බිංගිරිය ප්‍රදේශයට ‍පොලිස් ඇඳිරි නීතිය පැනවිමය. මෙහිදි ඇඳිරි නීතිය අවස්ථාවේ මහමග සිටි පුද්ගලයින් 6 කු බිංගිරිය ‍පොලිස් අත්අඩංගුවට පත් වු අතර ඔවුන් රඳවා තැබුයේ හෙට්ටි‍පොල ‍පොලිසියේය. අත්අඩංගුවට පත් වුවන් මුදා හරින ලෙස බලකරමින් ප්‍රදේශවාසින් හෙට්ටි‍පොල ‍පොලිසිය වැටලුයේ ඉකුත් 13 දාය. එහිදි දේශපාලඥයෙකු පැමිණ ඔහු පුද්ගලිකවම ඇප වි එම අත්අඩංගුවට පත්වුවන් ‍පොලිස් ඇප මත මුදා ගැනීම සම්බන්ධයෙන්ද කතාවක් පැතිරින.

මෙම අවස්ථාවේ එම ස්ථානයේ සිටි දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර ද විරෝධතාකරුවන් අසල සිටි අතර ඔහු හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා අසල උණුසුම් සංවාදයක්ද ඇති විය.
කෙසේ නමුත් විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ‍ලේකම් දයාසිරි ජයසේකර මහතා කීවේ තමන් හෙට්ටි‍පොලට ගියේ ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වය ගැන සොයා බැලීමට බවත් එහිදි තමන් යෝජනා කළේ බිංගිරිය ‍පොලිසියෙන් අත්අඩංගුවට ගත් අය බිංගිරිය ‍පොලිසියට යළි බාර දෙන්නේ නම් මෙය විසදිය හැකි බවයි.

කෙසේ නමුදු මෙම සිදුවිම් වලින් පසුව වයඹ පළාතටම ‍පොලිස් ඇඳිරි නිතිය පැනවිමට කටයුතු කෙරුණි. වයඹට ඇඳිරි නීතිය යොදවා තත්ත්වය සාමකාමි කරන්නට උත්සහ ගනිද්දි ගිනි ඇවිලුනේ මිනුවන්ගොඩ නගරයටය.
ඒ ඉකුත් 13 දාය. යතුරුපැදි හා ලොරි රථවලින් පැමිණි කණ්ඩායමක් මිනුවන්ගොඩ ගුවන්තොටුපල පාරේ ප්‍රසිද්ධ අවන්හලකට පහර දිමෙන් ඇරඹි එම ගැටුම මිනුවන්ගොඩ වෙලඳසැල් ගිනිබත් කිරිම දක්වා දුර දිග ගියේය. මෙහිදි ඇති වූ තත්ත්වය මැඩ පැවැත්විමට ගම්පහ ‍පොලිස් කොට්ඨාශයට ‍පොලිස් ඇඳිරි නිතිය යෙදවූ අතර 13 දා රාත්‍රි 9.00 සිට පසුදා අලුයම 4.00 තෙක් දිවයිනටම ‍පොලිස් ඇඳිරි නීතිය යෙදවිමට රජය ක්‍රියා කළේය.

පාස්කු ප්‍රහාරයෙන් පසු සන්සුන් වි තිබු රට යළි ඇවිලුනේ යම්කිසි කණ්ඩායමක් නිසා බව ‍පොලිස් විමර්ශන වලදි අනාවරණය කර ගත්තේ මේ අතරතුරදිය. ඒ අනුව මෙම නොසන්සුන්කාරි ක්‍රියා සම්බන්ධයෙන් මහසොන් බලකායේ නායක අමිත් ජිවන් විරසිංහ හා දුෂණ විරෝධි පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර ‍පොලිස් අත්අඩංගුවට ගනු ලැබුණි. මෙහිදි නව සිංහ‍ලේ ජාතික සංවිධානයේ සුරේෂ් (ඩෑන්) ප්‍රියසාද් යන අය කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පැමිණ බාර වි තිබුනේය.

මිනුවන්ගොඩ ගැටුම සම්බන්ධයෙන් පුද්ගලයින් 14 කු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබු අතර කුලියාපිටිය සිද්ධින් සම්බන්ධව පුද්ගලයින් 60 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම නොසන්සුන්කාරි තත්ත්වය ඇති වුයේ ජාතින් අතර නොවන බවත් පටු වාසි වෙනුවෙන් තම අරමුණු ඉටු කර ගන්නා පිරිසක් නිසා බවත් ‍පොලිස් විමර්ශන වලදි හෙලිව තිබේ.

මෙම තත්ත්වය මෙසේ වෙද්දි ‍පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට දන්වා සිටියේ පුපුරන ද්‍රව්‍ය තිබේ නම් ඒවා ‍පොලිසියට බාර දිමට දින තුනක කාලයක් ලබා දෙන බවය.

මේ අතර වැල්ලවාය,කුඩා ඔය ගොවිපලක් මුවාවෙන් පවත්වාගෙන යමින් තිබු මහා පරිමාණයේ අවි ගබඩාවක් ඉකුත්දා කුඩාඔය ‍පොලිසිය විසින් වටලනු ලැබිය. එහිදි ස්නයිපර් ඇතුලු ගිනිඅවි ,අවි ආයුධ රැසක් කෝටිපති ව්‍යාපාරිකයෙකු හා ඔහුගේ සගයෙකු සමගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

දිවයිනේ ප්‍රදේශ රැසක ඉකුත් දින කිහිපයේ ඇති වු නොසන්සුන්කාරි වාතාවරණය හේතුවෙන් යළිදු වරක් එම ජන ජිවිත අඩාල තත්වයට පත් වි තිබුණි. එමෙන්ම නාත්තණ්ඩිය, කොට්ටරාමුල්ල ප්‍රදේශයේ පනස් හතර හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබු හෙයින් සියලු දෙනා පසු වුයේ තුෂ්ණිම්භූතවය.

පාසල් වල දෙවැනි වාරය ප්‍රාථමික පංති 13 දා සිට ආරම්භ කළද දරුවන් පාසල් එවිමට දෙමාපියන් වැඩි උනන්දුවක් දක්වා නොතිබුණි. ඒ රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.

දෛනික ප්‍රවාහන සේවාවද අඩාල වි තිබු අතර මේ වනතුරුත් නිසියාකාරයෙන් කොළඹට ජනතාව වෙනදා මෙන් පැමිණිමේ අඩුවක් තිබු බව දක්නට තිබුණි.

ශානිකා මාධවී පීරිස්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.