lakbima.lk

ත‍්‍රස්ත ප‍්‍රහාර අවසානයේ එන ඩෙංගු ප‍්‍රහාරයට සූදානම්ද?


පාස්කු ඉරිදා මුදා හැරුණු ත‍්‍රස්ත ප‍්‍රහාර විසින් රටම පමණක් නොව, ලොවම කම්පාවට පත් කළ අතර, ඒ ත‍්‍රස්තවාදය මර්දනය කිරීමට හදිසි නීතිය මාසයකට කි‍්‍රයාත්මක කරනු ලැබිණ. පාර්ලිමේන්තුව මගින් පසුගිය අ`ගහරුවාදා එය තවත් මාසයකට දීර්ඝ කරනු ලැබිණ. හදිසි නීති යටතේ පොලීසියට අමතරව ආරක්ෂක හමුදා කි‍්‍රයාන්විත සේවයට ගෙනෙනු ලැබිණ.

එබැවින් ආරක්ෂක තත්ත්වය ගැන දේශපාලනඥයන්ගේ ප‍්‍රකාශ කවරක් වූවත් නිල තත්ත්වය ගැන සමාජය දැනුවත් වන්නේ හමුදාපතිගේ ප‍්‍රකාශ ඔස්සේය. පාසල් නිවාඩුවෙන් පසු අපේ‍්‍රල් 22 වන දින ආරම්භ කරන්නට තිබූ පාසල් අතුරින් ප‍්‍රාථමික පාසල් හැර අනෙක් සියලූ පාසල් මැයි 06 වන දින විවෘත කිරීමට නියම වුවද, දෙමාපියන්ට
ආරක්ෂාව සම්බන්ධයෙන් පැහැදිලි සහතිකයක් නොවූයෙන් පාසල් අධ්‍යාපනය සමස්තයක් ලෙස අඩපණව තිබිණ.

හමුදාපති විසින් ඒ වන විට දෙවරක්ම ත‍්‍රස්ත කල්ලිය සහමුලින්ම මෙන් විනාශ කළ බවත් මිය නොගිය ත‍්‍රස්ත සැකකරුවන් සියල්ලම පාහේ අත්අඩංගුවට ගෙන ඇති බවත් පැවැසුවේ යළි සාමාන්‍ය ජීවිත ආරම්භ කළ හැකි යැයිද කියමිනි. එහෙත් දෙමාපියන් ඉල්ලා සිටියේ නැවත ත‍්‍රස්ත ප‍්‍රහාරයක් නොවන බවට සහතිකයකි. එවැනි සහතිකයක් එකවර දීමට හමුදාපතිවරයකුට හැකිදැයි නොදනිමි.

කෙසේමුත් වෙසක් සතිය අවසන් වූ පසු සියලූ පාසල්වල සිසු සිසුවියන්ගේ පැමිණීම වඩා යහපත් විය. එයට එක හේතුවක් වූයේ නැවත හමුදාපති විසින් කෙරුණු ඉල්ලීමය. ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ සියල්ල යථා තත්ත්වයට පත්ව ඇති බැවින් ළමුන් නොබියව පාසල් යවන මෙන් ය.


ඒ සමග එක් අවිනිශ්චිත තත්ත්වයක් හමාර වන්නේ ය. කාර්යාල, කඩ සාප්පු, වෙළෙඳ සංකීර්ණ, පෞද්ගලික බස් ධාවනය, භාණ්ඩ ප‍්‍රවාහනය පවා නැවත සාමාන්‍ය කි‍්‍රයාකාරිත්වයට පැමිණ ඇත. එහෙත් හදිසි නීතිය දීර්ඝ කෙරුණෙන් හමුදාව යටතේ අන්තවාදී ත‍්‍රස්ත ක‍්‍රියා මර්දන කටයුතු එලෙසින්ම පවත්වා ගෙන යනු ඇත. එය එසේ විය යුතු යැයි සමාජයේද දැඩි මතයක් ඇත. එබැවින් මෙතෙක් ඩෙංගු මර්දනයට හවුල් වූ ප‍්‍රධාන පංගුකරුවන් ඉදිරියේදී ඩෙංගු මර්දනයට හවුල් නොවනු ඇත.

ඩෙංගු මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සකසා ඇති මාර්ගෝපදේශ පති‍්‍රකාවට අනුව හැම වසරකම ඩෙංගු රෝගයෙහි උපරිම ව්‍යාප්තිය වාර්තා වන්නේ ජුනි-ජූලි මාසවලදී ය. ඉදිරියේදී එලෙසින් පැතිර යා හැකි ඩෙංගු වසංගතයකට මුහුණ දීමට මෙවර බරපතළ ප‍්‍රශ්නයක් එබැවින් ඉතිරිව ඇත.

එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් 2010 මැයි මාසයේදී ඔහු යටතේ ආරක්ෂක, සෞඛ්‍ය, අධ්‍යාපන, පරිසර සහ පළාත් පාලන අමාත්‍යාංශද සහභාගි කෙරුණු ඩෙංගු මර්දන විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක්
පිහිටනු ලැබූයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් බාරගත යුතු වගකීම අත හැරුණු හෙයිනි.

ඩෙංගු මර්දන ප‍්‍රජා සේවා සියල්ලද එතැන් සිට ප‍්‍රාදේශීයව කි‍්‍රයාත්මක වූයේද ආරක්ෂක හමුදා සහ පොලීසියේ මැදිහත්වීම ඇතිවය. මහජන සෞඛ්‍ය සේවා කාර්යාල යොදා ගනු ලැබූයේ විශේෂයෙන් ඩෙංගු පිළිබඳ තොරතුරු ඔවුන්ට අවශ්‍ය ආකාරයට එකතුකර ගැනීමට හා ඔවුන්ගේ සේවක පිරිස් ජනාධිපති කාර්ය සාධන බළකායේ ඩෙංගු මර්දන කාර්යන්ට හවුල් වන්නවුන් වශයෙනි.

එනිසා ඉදිරි මාස කිහිපයේ ඩෙංගු මර්දනය සඳහා පසුගිය වසර දහයට ආසන්න කාලයක් ප‍්‍රාදේශීයව යොදාගත් යාන්ත‍්‍රණයෙහි වැදගත්ම පාර්ශ්ව වූ හමුදා පොලීසි මෙවර නැත. ඒ සම්බනධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කුමන විසඳුමක් ඉදිරිපත් කරන්නේදැයි ජනතාව දැනුවත් කිරීමක්ද නැත.

ඉකුත් වසර  දහයට ආසන්න කාලයේ සිදුකර ඇත්තේ විකෘතියකි.
මදුරුවන්ගෙන් බෝ වන මැලේරියා හා බරවා රෝග මර්දනය කර තුරන් කෙරුණු ආකාරයට ඩෙංගු රෝගය තුරන් කර ගැනීමට මෙතෙක් නොහැකි වූයේ එය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වගකීමෙන් ඉවත්කර, පූර්ණ වගකීමක් නොමැති තාවකාලික හවුලකට බාරදීම හේතුවෙනි. මෙවැනි රෝග මර්දනය කර තුරන් කිරීමට කලින් කලට නොව අවුරුද්ද පුරා එකසේ වගකිව යුතු ආයතන ප‍්‍රධානියෙකු සිටිය යුතුය.

ඔහු හෝ ඇය යටතේ ඒ වෙනුවෙන් ප‍්‍රජා සෞඛ්‍ය සේවාවක් සංවිධානයකර ඇත්තේද එය රෝග මර්දනයට හා නිවාරණයට අත්‍යවශ්‍ය යාන්ත‍්‍රණයක් වන බැවිනි. ඒ වෙනුවෙන් නීති පනවා ඇත්තේද එනිසාය. ලංකාවේ නිරෝධායනය හා රෝග නිවාරණය වෙනුවෙන් නීති පැනවෙන්නේ යටත් විජිත පාලන සමයේ 1897 සිටය. එතැන් සිට මේ රෝග නිවාරණ හා නිරෝධනාය ආඥා පනත විටින් විට සංශෝධනය කරනු ලැබ ඇත.

ඒ යටතේ 1954 සැප්තැම්බර් 01 වන දින එවක සෞඛ්‍ය ඇමැති වූ ඊ. ඒ. නුගවෙල විසින් නිරෝධායනය හා රෝග නිවාරණය සඳහා මුළු රටේම වගකීම ඇත්තේ ‘‘නිසි බලධාරියාට’’ යන්න නිශ්චිතව අර්ථ ගන්වමින් එය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂට පවරන්නේ යැයි විශේෂ ගැසට් නිවේදනයක් මගින් නීතිගත කරනු ලැබුවේය. එදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තනතුර අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුර ලෙස පිහිටුවා ඇත. අද වාහකයන් මගින් රෝග බෝවීම වළකා තුරන් කිරීමේ පූර්ණ වගකීම ඇත්තේද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ය.


2007 අංක 11 දරන මදුරුවන් බෝවීම වළැක්වීමේ පනත අනුවද සියල්ලට අවගකිව යුතු ‘‘නිසි බලධාරියා’’ 11(1*(අ* යටතේ අර්ථ ගන්වා ඇත්තේ ‘‘මුළු ලංකාවටම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ....’’ යනුවෙනි. ඒ තනතුර දැන් ඉහතින් සඳහන් කළ අයුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් බවට පත්කර ඇත.         

සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙකුම අදාළ පළාත් පාලන බල ප‍්‍රදේශයෙහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප‍්‍රධාන විධායක නිලධාරි වන අතර, එම නිලධාරින්ගේ බල ප‍්‍රදේශ තුළ වාහකයන් මගින් රෝග බෝවීම වළකා තුරන් කිරීමේ පූර්ණ වගකීම ඔවුන්ගේ වගකීම ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නෛතිකව පවරා ඇත.

එබැවින් ඔවුන් අවසන් වශයෙන් වගකිව යුත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ය. අනෙක් අතින් සියලූම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සේවා කටයුතු වෙනුවෙන් වගකිව යුත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ය. එබැවින් ඔවුන්ගේ කාර්යයන් නිසියාකාරව නියාමනය කිරීමේ වගකීම ඇත්තේද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාටය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ ඒ වෙනුවෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ලෙස සංවිධානය කර ඇති සේවා කාණ්ඩ ගණනාවකි. ඉන් ප‍්‍රධාන වන්නේ සාමාන්‍යයෙන් බොහෝ දෙන දන්නා හඳුනන මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ය. ඔවුන් සමග වාහකයන් මගින් රෝග බෝවීම වළකා තුරන් කිරීමේ කාර්ය වෙනුවෙන්
කීටවිද්‍යෘඥයන්, මහජන සෞඛ්‍ය කීටවිද්‍යා නිලධාරීන් සහ පළාත් පාලන ආයතන සේවකයන් ලෙස ඩෙංගු මර්දන සහයකයන්ද ඇත.

රෝග නිවාරණ හා නිරෝධාන කාර්ය වෙනුවෙන් මෙය රට පුරා සංවිධානයකර ඇති රාජ්‍ය සේවාවක් ලෙස විශාල යාන්ත‍්‍රණයකි. ඩෙංගු මර්දන සේවා පවතින තත්ත්වය ගැන තම කනස්සල්ල ජනාධිපති වෙත ඉදිරිපත් කරමින් ‘‘මහජන සෞඛ්‍ය සංරක්ෂණ කේන්ද්‍රය’’ මගින් පසුගිය අපේ‍්‍රල් 26 වන දින ලියූ සවිස්තරාත්මක ලිපියට අනුව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සියයකට ආසන්න සංඛ්‍යාවක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් පරිපාලනය කරනු ලැබේ. ඒවායේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දහසක් පමණ සේවය කරති.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,500 ක් පමණද, කීටවිද්‍යාඥයින් සහ මහජන සෞඛ්‍ය කීටවිද්‍යා නිලධාරීන් එකතුව තුන්සියයක් පමණද, ඩෙංගු මර්දන සහයකයන් ලෙස තවත් 6,000 ක පමණ පිරිසක්ද මහජන මුදලින් වැටුප් හා වෙනත් දීමනාත් පහසුකමුත් ලබති.

මෙවැනි සේවා ගොනු කෙරුණු යාන්ත‍්‍රණයක් තිබියදීත් එයට සියලූ නීතිමය බලය ලබාදී තිබියදීත් ඔවුන් අතහැර ජනාධිපති කාර්ය සාධන බළකායන් හැදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඔවුන්ගේ වගකීම් නොසලකා හැරීම සමාව දිය නොහැකි රාජකාරී වගකීම් පැහැර හැරීමකි. ඒ හේතුවෙන් තමන් යටතේ පැවැති රෝග නිවාරණ හා මදුරුවන් බෝවීම වළැක්වීමේ කාර්ය ඔවුන්ගේ සෘජු වගකීමක් නොවන තත්ත්වයට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල පත්ව ඇත.

ඒ සමග ඒවාද අනෙක් සියලූ රාජ්‍ය සේවා සතු අකාර්යක්ෂමතාව, දූෂණය හා දේශපාලනීකරණය වැලඳ ඇත. එනිසා ඩෙංගු මර්දන ඒකකයෙන් මිලට ගෙන ඇති මායන යන්ත‍්‍ර සම්බන්ධව බරපතළ චෝදනා ඇත. හැම තැනකම මෙන් දූමායන කටයුතුද අවශ්‍ය ප‍්‍රමිතියෙන් නෙකෙරෙන බව සාමාන්‍ය ජනයා දන්නේ නැත.  මෙන්ම ඒ වෙනුවෙන් කෙරෙන වැය කිරීම් සඳහා මහජනතාව ලැබිය යුතු ප‍්‍රයෝජනය ලැබෙන්නේද නැත.


ජනාධිපතිවරුන් ඔවුන්ගේ ප‍්‍රචාරක වාසි වෙනුවෙන් එවැනි විශේෂ ආයතන ජාල ඔවුන් යටතේ අලූතින් හදා ගත්තද අවසන් වශයෙන් ඩෙංගු රෝගය පැතිර යාමට නීතිමය වශයෙන් වගකිව යුත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ඔහුගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය සඳහා සෞඛ්‍ය ඇමැතිවරයා ය.

ඉදිරි මෝසම් වැසි කාලය දැනටත් හෙමින් ආම්භ වන්නේය. විශේෂයෙන් කොළඹ ඇතුළු බස්නාහිර පළාතට එය අවදානම් සහගත කාලයකි. හැම වර්ෂයේම මෝසම් වැසි සමග ජුනි - ජූලි මාස ඩෙංගු රෝගය විශාල වශයෙන් පැතිර යන කාලයකි. පසුගිය වසරවල බලහත්කාරී සේවාවක් ලෙස ඩෙංගු මර්දනයට යොදා ගත් හමුදා පොලිසි සහය මෙවර නොලැබෙන පසුබිමක, තත්ත්වය වඩාත් බරපතළ විය හැක. එවැනි ඩෙංගු වසංගත තත්ත්වයකට මුහුණ දීමට දැන් හැක්කේ යළි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සතු සම්පත් වහා කාර්යක්ෂම රාජකාරි පදනමක පිහිටුවීමෙනි.


ඒ වෙනුවෙන් සකස් කෙරෙන වැඩසටහන ප‍්‍රජා සහභාගිත්වය ඇති වැඩ සටහනක් විය යුතුය. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ රාජකාරි කටයුතු නිශ්චය කෙරෙන සෞඛ්‍ය අමාත්‍යාංශ අත් පොතෙහි සිව් වන පරිච්ෙඡ්දයට අනුව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විසින් ඔහුගේ හෝ ඇයගේ කාර්යාලයේ සේවකයන් හා ප‍්‍රජාව අතර යහපත් සම්බන්ධතාවක් ඇති කළ යුතුය.

සියලූ ප‍්‍රජා අධ්‍යාපන වැඩසටහන් මෙහෙය විය යුතුය. ඔහුගේ හෝ ඇයගේ රාජකාරි බල ප‍්‍රදේශයේ සියලූ තත්ත්වයන් පිළිබඳ මනා අවබෝධයක් ලබා ගෙන සිටිය යුතු හෙයින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි තම ක්ෂේත‍්‍රයේ නිරන්තරව ගැවසිය යුතුය. ඔවුන් එසේ කරන බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සමාජයට වගකිව යුතුය.


ජනාධිපතිවරුන් ඇමැතිවරුන් ජනප‍්‍රියත්වය සඳහා කුමක් කීවත් කෙරුවත් අවසානයේ නීතිමය වගකීම ඇති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ඉදිරි මාස කිහිපයේ ඇති විය හැකි කවර තත්ත්වයකට හෝ සමාජයට වගකිව යුතු වන්නේය. ජනතාවද වගකීම් පැහැර හරින නිලධාරීන්ගේ පව් කර ගැසිය යුතු වන්නේය.


 කුසල් පෙරේරා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.