Coss Ear2
lakbima.lk
COSS Ear 1

දූෂිත වායුව පිරිසිදු කරන කුලුනක් නෙදර්ලන්තයෙන්

වායු දූෂණය නොඑසේ නම් ශ්වසනය උදෙසා යෝග්‍ය වූ වාතය නොමැති වීමෙන් වසරකට ලොව පුරා මියයන ප්‍රමාණය මිලියන 7ක් පමණ බව කියැවේ. ලොව දියුණුම රටවලින් එකක් වන ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වායු දූෂණය හේතුවෙන් වසරකට මියයන ප්‍රමාණය 53,000ක් පමණ වේ. 
එවන් පසුබිමක වායු දූෂණයට සෙවූ විසඳුමක් පිළිබඳ අපට වාර්තා වන්නේ නෙදර්ලන්තයේ ඩෙල්ෆ්ට් තාක්ෂණික විශ්වවිද්‍යාලයෙනි. 
එහි විද්‍යාඥයන් නිර්මාණය කළ මේ නව උපකරණය නවීන තාක්ෂණය භාවිත කරමින් වායුගෝලයේ පවතින අතිශය සිහින් දූවිලි අංශු පවා ඉවත් කරන්නට සමත් කුලුනකි. අඩි 23ක් පමණ උසැති මෙම කුලුන එළිමහනක ස්ථාපිත කිරීමෙන් පසු එමගින් පැයට වර්ග කිලෝමීටර 30,000ක පමණ වපරිසයක පවතින වායුව පවිත්‍ර කෙරේ. 
එහිදී සිදුවන්නේ වායු සමීකරණයක්දී මෙන් අවට සියලු වායූන් කුලුන වෙත ඇදගෙන පිරිසිදු කර යළි පිට කිරීමයි. බැක්ටීරියා, දූවිලි අංශු වැනි දෑ එහිදී ඇති විද්‍යුත් ආරෝපක මත රඳවා ගෙන පිරිසිදු වායුව පරිසරයට මුදා හරියි. එහි සිදුවන ක්‍රියාවලිය සරලව පැහැදිලිව කළ හැක්කේ මෙසේය. සුමට මතුපිටත් ඇති ස්ථානයක් තදින් අතුල්ලා ඊට ඔබේ සම ළං කර බලන්න. ඔබේ රෝම කූප සුමට මතුපිටෙහි ඇලෙන්නාක් මෙන් මෙම කුලුනේ ඇති විද්‍යුත් ආරෝපකවල දූවිලි අංශු හා බැක්ටීරියා ආදිය ඇලෙයි. මෙම නව නිපැයුම වෙනුවෙන් ජර්මනියේ ආර්ථික විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් විශිෂ්ට නිෂ්පාදන නිර්මාණය සඳහා ලබා දෙන සම්මානයද හිමි වී තිබේ. 
වායු දූෂණය මනිනුයේ වායු ඒකකයක අඩංගු අංශුමය ද්‍රව්‍ය ප්‍රමාණය අනුවය. මෙම අංශුමය ද්‍රව්‍ය (Particulate Matter) අගය 2.5ට වඩා අඩු වූ විට එම අංශු මිනිස් ශ්වසන පද්ධතියෙන් පෙරීමට ලක් නොවී සෘජුවම පෙණහලු කරා ගොස් තැන්පත් වේ. මෙම නව නිර්මාණය මගින්  ආකර්ෂණය කරනු ලබන්නේ PM 2.5 අගයට අඩු සියුම් දූවිලි හා කාබන් වැනි අංශුමය ද්‍රව්‍ය වේ. මානව වර්ගයාගේ පැවැත්ම උදෙසා කරනු ලැබූ මාහැඟි සොයා ගැනීමක් ලෙස මෙම නව නිර්මාණය හඳුනා ගැනීම වඩාත් සාධාරණය.
 
තනුජා නානායක්කාර

IMAGE

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 1292

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 729

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 2850

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 3896

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 6933

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 6136

Please publish modules in offcanvas position.