Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සිය දියණිය වසර 15ක් කාමරයක සිර කර තැබූ මව්පිය යුවළක්

පසුගිය දිනවල ජපාන මාධ්‍ය  වාර්තා  කළ එක් පුවතකින් කියැවුණේ සිය දියණිය වසර 15ක කාලයක් තිස්සේ ඉතා කුඩා කාමරයක් තුළ සිර කර තැබූ මව්පිය යුවළක් පිළිබඳව ය. 55 වැනි වියේ පසු වූ පියා යසුතාකා නම් වූ අතර 53 හැවිරිදි මව යුකාරි නම් වූවාය. මේ දෙදෙනා කර ඇති පා‍පෝච්චාරණයකට අනුව ඔවුන්  සිය දියණිය කාමරය තුළ සිර කර තබා ඇත්තේ වසර 2002 පමණ සිටය. අයිරි කකිමොටෝ නැමැති දියණියගේ වයස ඒ වනවිට අවුරුදු 18ක් පමණ වන්නට ඇත. ඇය සිර කර තිබූ කාමරය වර්ග මීටර තුනක පමණ ඉතා කුඩා, ඇහිරුණු කාමරයක් බවද සඳහන් වේ. මෙතරම් කුඩා කාමරයක් තුළ ඇය වසර 15 ක් ගත කළේ කෙසේද යන්න සිතාගැනීමට පවා අසීරුය.
මෙතරම් කාලයක් තිස්සේ තමාගේම මව්පියන් විසින් සිර කරගෙන සිටිනු ලැබූ මෙම දියණිය පසුගිය සතියේ දිනෙක ශීත සෘතුවේ දැඩි ශීතල හේතුවෙන් මියගොස් ඇති බව ද ජපාන මාධ්‍ය අනාවරණය කළේය. ඇයගේ මරණය සම්බන්ධයෙන් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාවෙන් හෙළි වී ඇති තවත් කාරණයක් වන්නේ මෙම තරුණිය දැඩි ලෙස        මන්ද‍පෝෂණයෙන්ද පෙළෙමින් සිට ඇති බවයි. වයස අවුරුදු 33 ක් වුවද ඇයගේ බර ලෙස සටහන්ව ඇත්තේ කි.ග්‍රෑ. 19 ක් පමණි මේ අනුව පෙනී යන්නේ ඇය කුසගින්නත්, ශීතලත් මැද ඉතාම දුඃඛිත, වේදනාකාරී ජීවිතයක් ගත කර ඇති බවයි. තමුන් දියණියට ආහාර ලබා දුන්නේ දවසට එක් වතාවක් පමණක් බවද මව්පිය යුවළ පවසා ඇතැයි සඳහන් වෙයි. ඇයට වැසිකිළි යාම වැනි කටයුතු පවා සිදු කිරීමට සිදුව ඇත්තේ වර්ග මීටර 3ක් වූ මෙම ඉතා කුඩා කාමරය තුළ සිටිමින්ම බව ද පැවැසේ. 
මේ අතර සිය දියණියගේ හැසිරීම් නිරීක්ෂණය කිරීම සඳහා මව්පියන් ඇගේ කාමරයට කැමරාවක් සවි කර තිබි ඇති බවද සඳහන් ය. එමෙන්ම කාමරයේ දොර විවර කිරීමේ සහ අගුළු ලෑමේ හැකියාව තිබි ඇත්තේ ද පිටතින් පමණි. මේ අතර තවත් කැමරා 10 ක් පමණ නිවසින් පිටත විවිධ තැන්වල සවි කර තිබි ඇත. ඒවා ඒ ආකාරයෙන් සවි කර තිබි ඇත්තේ වටපිට අයට තමුන්ගේ කටයුත්ත ගැන සැක සිතී ඇත්ද යන්න සොයා බැලීම සඳහාය. නිවස වටා මීටර 2ක්  පමණ උස වැටක් ඉදි කර තිබෙන බවද සඳහන් වෙයි. 
යසුතාකා සහ යුකාරි මේ ආකාරයෙන් සිය දියණිය වසර 15ක් තිස්සේ සිර කර තබා ඇත්තේ ඇය කිසියම් මානසික රෝගයකින් පෙළුණු නිසා බව ඔවුන් ප්‍රකාශ කර තිබේ. මෙම මානසික රෝගය නිසා ඇය කමෛන් ප්‍රචණ්ඩ හැසිරීම් පළ කරන්නට පටන් ගත් බවද, කාමරයෙහි සිර කර තැබුවේ ඒ නිසා බවද ඔවුන් පවසා ඇත. 
බොහෝ සමාජයන්හි මෙන්ම ජපානයේද මානසික රෝග ඇති පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල අය බොහෝ විට නින්දාවට, ලැජ්ජාවට භාජනය කෙරෙන පරිසරයක් ඇති බව පැවැසේ. මේ නිසා එවැනි රෝගීන් සිටින පවුල්වල අය එය රහසක් ලෙස තබාගැනීමටද විශාල වශයෙන් උත්සාහ දරති.
මේ වනවිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් යසුතාකා සහ යුකාරි යුවළ අත්අඩංගුවට ගැනීමට ‍පොලීසිය පියවර ගෙන තිබේ.
 
කිත්සිරි මල්වත්ත
IMAGE

බාර් තහනමට එරෙහිව උසාවි ගිය සමනලී කියන කතාව

IMAGE 2018 Jan 22 13:49
කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීම සහ අලෙවි කිරීම සඳහා වාරණයක් මෙරට නීතියේ පවතින බව බොහෝ අය...
Views - 1359

දෙහිඅත්තකණ්ඩියේ ජන්ද බලය මන්දො කරන හේනානිගල කැකුළි

IMAGE 2018 Jan 22 12:40
ලබන දහ වැනිදා පැවැත්වෙන පළාත් පාලන ඡන්දයේදී දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව මෙරට මැතිවරණ...
Views - 860

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ විස්මිත පොත් දොරට වැඩුමක්!

IMAGE 2018 Jan 22 10:33
පොත් දොරට වැඩීමේ උත්සව අප බොහෝ දෙනෙකුට හොඳින් ‍හුරුපුරුදුය. ප්‍රසිද්ධ දේශනාගාර සහ ශාලාවල,...
Views - 659

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 3130

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 2727

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 3017

Please publish modules in offcanvas position.

X

Right Click

No right click