lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

ලන්ඩනයෙන් මතු වූ පාරාවෝ බිරිඳ

වර්ෂ 1904 ජනවාරි මස 16 වැනදා උපන් ඩොරති එඩී අනිකුත් පුංචි දරුවන් මෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කළ දැරියකි. එඩී පවු‍ලේ එකම දරුවා වූ ඩොරති මව්පියන්ගේ මහත් වූ ආදර උණුසුම මැද දඟකාර දිවියක් ගත කළාය. නමුත් මේ සියල්ල වෙනස් වූයේ කිසිවෙකුත් නොසිතූ ආකාරයටය. 1907 වසරේ එක් උදෑසනක පුංචි ඩොරති හදිසියේම පඩිපෙළින් ලිස්සා වැටුණු අතර බාහිර තුවාල කිසිවකුත් නොමැති වුවද සිහිසුන් වූ ඇයව රෝහල් ගත කළ විට වෛද්‍යවරුන් ඇය මියගොස් ඇති බව පවසා සිටියේය. ඇය පියවි සිහිය ලැබුවාය. නමුත් එක්වරම වසර හතරකට පසු ඇගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් විය.
විටෙක ඇය කතා කරනු ලැබුවේ කිසිවෙකුත් නොදන්නා අමුතු භාෂාවකිනි. තවත් විටෙක ඇය ඉංග්‍රීසි බස උච්චාරණය කළේ විජාතිකයෙකු ලෙසය. දිනක් ඇය මේ තම නිවස නොවන බවත් තමන්ගේම නිවසට යා යුතු බවත් පැවසුවාය. මෙම සිදුවීම් අතර දිනක් එඩී යුවල ඩොරතිද සමග ඇවිදින්නට ගියහ. එන ගමනේදී ඩොරතිගේ මව ඉතාමත් ආසාවෙන් සිටි බ්‍රිතාන්‍ය කෞතුකාගාරය නරඹන්නටද අමතක නොකළහ. කෞතුකාගාරයට ඇතුළු වූ මොහොතේ සිට ඩොරතිගේ හැසිරීම්වල විශේෂ වෙනසක් දක්නට ලැබිණි. එය තව තවත් වර්ධනය වූයේ ඊජිප්තු කෞතුක භාණ්ඩ තබා තිබූ අංශය වෙත ගිය පසුය. එම අංශයට ඇතුළු වූ මොහොතේ සිට ගල් ගැසුණාක් වැනි වූ ඩොරති එක් ඊජිප්තු පිළිමයක් අසළ වාඩි වූ අතර එතනින් ඉවත් වන්නට බැරි බව පවසමින් හඬා වැටුණාය. ඇයව නිවසට කැඳවාගෙන යන්නට මාපියන් කෙතරම් ඇවිටිලි කළද එය තම නිවස නොවන බවත් කෞතුකාගාරය තුළ සිටිය යුතු බවත් පවසමින් හැඬුවාය.
එදා සිට ඇය බෙහෙවින් වෙනස් දැරියක වූවාය. රූපවාහිනියෙන් දකින අතීත ඊජිප්තු මමී සහ පිරමීඩ දකින ඇය එහි නිදන්නේ තම ඥාතීන් බවත් ඔවුන් දකින්නට එහි යා යුතු බවත් පැවසුවාය. වරක් අතීත ඊජිප්තුවේ පැරණි නගරයක් වූ ඇබිඩෝස් හි ඡායාරූපයක් දුටු ඇය එය තමා උපන් නගරය බවත් තම නිවස පිහිටා තිබෙන්නේ ඇබිඩෝස් හි බවත් පවසමින් එහි ගෙන යන්නැයි පියාගෙන් ඉල්ලා සිටියාය. සිය මවගේ ‍පොතක තිබූ ඇබිඩොස්හි 'ටෙම්පල් ඔෆ් සෙටි' නම් ස්ථානයේ වූ ඡායාරූපයක් දුටු ඇය එය තම නිවස බව ඉතාම සතුටින් යුතුව පැවසුවාය. මෙම සිදුවීම් මාලාවෙන් පසු ඇය පෙර ආත්ම භවයක් පිළිබඳ මතකයන් සහිත දැරියක ලෙස හඳුනාගත් ඇගේ පියා ඇයව පුනර්භවය සහ ආධ්‍යාත්මික ක්‍රියාකාරකම් ප්‍රගුණ කරවන කණ්ඩායමයකට ඇතුළු කළේය. මෙවැනි කණ්ඩායම්වලින් සිදු කරන්නේ වයසින් වර්ධනය වීමත් සමග පෙර ආත්ම භවයන් පිළිබඳ මතකය අමතකව යන දරුවන්ගේ අතීත මතකයන් අමතක වන්නට නොදී රැක ගැනීමයි.
මෙම කණ්ඩායමේ උදව්වෙන් ඩොරති සිය අතීත මතකයන් ඉතා හොඳින් ස්මරණය කරගනු ලැබුවාය. ඒ මෙසේය. අවුරුදු 18දී පළමු වරට ඊජිප්තුවේ කයිරෝ වෙත ගිය ඇය සිය මතකයන් පිරික්සමින් වසර කීපයක් එහි ගත කළාය. ඉන්පසු ඇය ඊජිප්තුවේදී හඳුනාගත් ඊජිප්තු ජාතික තරුණයෙකු සමග විවාහ වූ ඩොරති දියණියක බිහි කළාය. ඇය 'සෙටි' නම් විය. එතැන් පටන් ඩොරති හඳුන්වනු ලැබූවේ සෙටිගේ මව යන අරුත දෙන 'ඔම් සෙටි' නමිනි. ඇය අතීත මතකයන්වල උදව්වෙන් ඒ වන විට සැඟව තිබූ ඊජිප්තුවේ පුරාණ ස්ථාන කීපයක්ම සොයා ගත්තාය. මේ සඳහා ඇයට ඊජිප්තු රජයේද සහාය ලැබිණි. ඇය සිය මතකයන් ‍පොත් ලෙස එළි දැක්වූ අතර මේ ඉතිහාසඥයන් ඇගේ ‍පොත්වල උදව්වෙන් ඒ වන විට සැඟව තිබූ ඇබිඩොස් 'ටෙම්පල් ඔෆ් සෙටි' නම් ස්ථානයද කැණීම් මගින් සොයා ගන්නට සමත් වූහ.
වරක් ඇය තමන් කවුද යන්න පිළිබඳ සටහනක් වූ පිටු 70කින් යුතුව  Omms'life  යනුවෙන් මුද්‍රණාය කළාය. එයට අනුව ඇය ජීවිතය ගත කළේ පූජකවරියක් ලෙසිනි. ලොවටම අභිරහසක් වූ පාරාවෝ සෙටි නම් වූ රජතුමා පිළිබඳ රහස ඩොරති නොහොත් සෙටිගේ මෙම සටහනත් සමග නිරාවරණය විය. වයස  අවුරුදු 14දී ඇය පූජකවරියක ලෙස කොම් එල්. සුල්තාන් දේවස්ථානයේ සිටි අවධියේ පාරාවෝ සෙටි රජතුමාගෙන් ලද දරුවෙකුට උපත දීමට ඇයට සිදුවී තිබිණි.
පූජකවරියක ලෙස සිටියදී දරුවෙකු බිහි කිරීම සහ කන්‍යා භාවය විනාශ කර ගැනීම අපරාධයක් ලෙස සැලකූ ඊජිප්තුවේ ප්‍රධාන පූජක තැන ඇයව පූජක තනතුරින් නෙරපා හැර තිබිණි. පූජකවරියක ගැබ් ගැන්වීම සම්බන්ධයෙන් පාරාවෝ සෙටි රජතුමා ද රාජ්‍යත්වයෙන් නෙරපා හැරිණි. ඇය නැති සොවින් සිටි පාරාවෝ රජතුමා කෙටි කාලයකින්ම මරණය වැළඳ ගෙන තිබිණි. ඔහු මිහිදන් කර තිබුණේ 'ටෙම්පල් ඔෆ් සෙටි'  නම් ස්ථානයේය. මෙම තොරතුරු අනුව පාරාවෝ සෙටි රජතුමාගේ සොහොන් කොත සහ මමියද සොයා ගන්නට ඊජිප්තු රජයට හැකියාව ලැබිණි. එහි වූ රූපාක්ෂර මගින් පාරාවෝ සෙටි රජතුමා ‍පොළොව අභ්‍යන්තරයේ වූ 'පාතාල ලෝකය' තුළ සිරගත කරන අවස්ථා නිරුපණය වී තිබිණි.
සියවස් ගණනාවක් අභිරහසක්ව තිබූ පුදුමාකාර සිදුවීම් මාලාවක සුලමුල මුළු ලොවටම නිරාවරණය වූයේ ඒ ආකාරයෙනි. සිය ජීවිතයේ අවසන් කාලය ඊජිප්තුවේ ඇබිඩොස්හි ගත කළ ඩොරති එඩී නොහොත් ඕම් සෙටි 1981 වසරේ අප්‍රේල් 21 වැනිදා සිය ජීවිතයේ 77 වන වියේදී දෙවන වරටත් ජීවිතයෙන් සමුගත්තාය.

දුලංජලී මුතුවාඩිගේ

IMAGE

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 2626

ගම්පහ ටියුෂන් ලිංගික උප සංස්කෘතිය කුරුණෑගලත්?

IMAGE 2017 Apr 25 11:46
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙන් ප්‍රතිකාර ගන්නා පිරිසෙන් යම්...
Views - 1070

ප්ලාස්ටික් සැත්කම් උන්මාදනී මෙලොව හැරයයි

IMAGE 2017 Apr 25 10:17
සිය සිරුර් අගපසග උලුප්පා පෙනෙන ආකාරයෙන් ප්ලාස්ටික් සැත්කම් කර ගැනීමේ උන්මාදයකින් පෙළුණු...
Views - 8832

මිනිපිරියගේ උපන්දිනේට බෙන්ස් එකක් දුන් හිටපු ඇමති සීයා

IMAGE 2017 Apr 24 15:39
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා...
Views - 3897

අඩ නිරුවත් විලාසිතා ලිංගික අපරාධ වලට මුලක් නොවේ

IMAGE 2017 Apr 24 12:36
කාන්තා අඩ නිරුවත් විලාසිතා නිසා ලිංගික අපරාධ වැඩි විය හැකි බවට සමාජය පුරා පැතිරයන මතය කිසිදු...
Views - 1454

ආබාධිත රණවිරු තාත්තා කියන සංවේදී කතාවක්

IMAGE 2017 Apr 24 10:27
උතුරේ තිබුණු බිහිසුණු යුද්ධය කොයිතරම් විනාශකාරී අවාසනාවන්ත එකක්ද කියන එක අපි අමුතුවෙන් මතක්...
Views - 1225

Please publish modules in offcanvas position.