lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

මුහුණ වසා නැති වරදට බිරියට පහරදෙන පිරිමින්ට වෙඩි තැබිය යුතු බව කියන ඇමෙරිකාවේ නව ආරක්ෂක ‍ලේකම්

ඇමෙරිකාවේ නව ජනපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වී ටික දිනකින් එරට ආරක්ෂක ‍ලේකම්වරයා ලෙස ජනරාල් ජේම්ස් (මෑඩ් ඩෝග්) මැටිස් පත්කරන ලදී. මෑඩ් ඩෝග් හෙවත් පිස්සු බල්ලා යන්න අපහාසාත්මක යෙදුමක් ලෙස සිතුණද ජනරාල් ජේම්ස් මැටිස්ට නම් එසේ කියන්නේ ආදරයටමය. මෙය කෙතරම් ඔහු සම්බන්ධයෙන් ප්‍රකට සුරතල් නාමයක්ද කියතොත්
ආරක්ෂක ‍ලේකම් තනතුරට ඔහු පත්කරන බව තම ජයග්‍රහණය සැමරීමට සින්සිනාටි හි පැවැත් වූ රැලියකදී ජනපති ට්‍රම්ප් කියා සිටියේ ද “අපි මෑඩ් ඩෝග් මැටිස්ව ආරක්ෂක ‍ලේකම් හැටියට පත් කරනවා” යනුවෙනි.
ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සමග එක්ව කොංග්‍රසය ආරක්ෂක ‍ලේකම් නමින් තනතුරක් එරට ඇතිකළේ 1947 වසරේදීය.ඇමෙරිකානු නාවික හමුදාවේ විශ්‍රාමික ජෙනරාල් ජේම්ස් මැටිස් නව ආරක්ෂක ‍ලේකම්වරයා ලෙස පත්වූයේ  විශ්‍රාමික හමුදා සාමාජිකයින්ට විශ්‍රාම ලබා හත් වසරක් ගතවන තුරු එම තනතුරට පත්වීමට ඇතිකර තිබූ  තහනම බිඳ දමමිනි. මැටිස් විශ්‍රාම ගත්තේ 2013 වසරේදීය. අතිශූර රණසෙනෙවියෙකු සේ ප්‍රකට මැටිස් පත්කිරීමේදී එම කරුණ නොසලකා හරින්නට සියල්ලන්ටම සිදුවූයේ මේ දිනවල ලොවම ගිලගත් ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන ඇමෙරිකාවට එම කරුණ සාර්ථක කර ගැනීමට ඔහු වැන්නෙකු ආරක්ෂක ‍ලේකම් පුටුවට අවශ්‍ය බැවිනි.මැටිස් පත්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කමිටුව රැස් වූ අවස්ථාවේදී ට්‍රම්ප් ලෝලියෙකු නොවන ඇරිසෝනාවේ සෙනෙට් සභික ජෝන් මැකේන් පවා පවසා සිටියේ ජනරාල් ජේම්ස් මැටිස් යනු ඔහුගේ පරම්පරාවේ විශිෂ්ටතම සෙබළුන් අතරින් කෙනෙකු බවය. තම හමුදා සාමාජිකයින් අතර දුලබ හා විශේෂ වූ අගය කිරීමකට ලක්වූ මැටිස් අසාමාන්‍ය නායකයෙකු ලෙසද තමාද හිටපු හමුදා සාමාජිකයෙකු වූ මැකේන් විසින් හඳුන්වන ලදී.

විශ්‍රාමික හමුදා සාමාජිකයින්ට ආරක්ෂක ‍ලේකම් තනතුරට පත්වීමට තිබූ තහනම මැටිස් විෂයෙහිලා නොසැලකූ කමිටුව පවසා සිටියේ ඔහු වැන්නෙකුගේ සේවය නැවත ලබාගැනීමට හැකිවීම ඇමෙරිකාව ලද භාග්‍යයක් බවය. හැටහය හැවිරිදි අවිවාහකයෙකු වූ මැටිස් තම හමුදා දිවියේ අවසන් කාලයේදී ඊජිප්තුවේ සිට ඇෆ්ගනිස්ථානය දක්වා අර්බුදකාරී අවස්ථාවලදී හමුදා සහය ලබාදෙමින් එම කලාපය භාරව කටයුතු කළේය.ජාතිකවාදියෙකු ලෙස ප්‍රකට ඔහු විශේෂයෙන් ඉරානය දෙස දැක්වූ ආකල්පය නොරිස්සූ ඔබාමා පාලනය මැටිස් වේලාසනින්ම විශ්‍රාම ගන්වා ගෙදර යැව්වේය.මැටිස්ද ඊට ප්‍රතිප්‍රහාරයක් එල්ල කළේ විශ්‍රාම යාමෙන් පසු ඔබාමා පාලනය ඇමෙරිකාවේ ආරක්ෂක කටයුතු ගැන දක්වන නොසැලකිලිමත් බව ගැන ව්වේචනාත්මක සම්මුඛ සාකච්ඡාවක් සුප්‍රකට ටයිම් සඟරාවට ලබා දෙමිනි.
ශූර හමුදා නිලධාරියෙකුට අමතරව ජනරාල් මැටිස් විද්වතෙක් ලෙසද ප්‍රකටය. ඇමෙරිකාවේ සතුරන් ප්‍රබල ලෙස බියට පත්කිරීමේ හැකියාවක් ඔහු සතු බව කවුරුත් පිළිගන්නා කරුණකි. සිත සන්සුන් කරගැනීමට භාවනා කරන ඔහු තමා යටතේ සිටින නාවික සෙබළුන්ට දෙන ඇතැම් උපදෙස් සුප්‍රකටය.” ආචාරශීලී වන්න. වෘත්තියෙහි නිපුණ වෙන්න. නමුත් මුණගැහෙන හැම කෙනාම මරාදැමීමේ සැලසුම කින්ද සන්නද්ධ වෙන්න. ”ඔහු කියයි. වසර හතළිස්හතරක් යුද බිම පුරුදු මේ සෙනෙවියා ඉහත තනතුරට නුසුදුසු බව කියන ඔහු ගැන දන්නා කෙනෙක් වේ නම් ඒ අයි.එස්. හෝ වෙනත් ගරිල්ලෙකු මිස වෙන කිසිවෙකු විය නොහැක. තමා දකින අසන දෑ ගැන සිතට එන දේ නොවළහා පවසන්නෙකු ලෙසද මැටිස් ප්‍රකටය.

“ඇෆ්ගනිස්ථානයට යන්න.මුහුණ වසාගැනීමට අමතක වන බිරියට විවාහ වී ගත වූ වසර පහක කාලය පුරා පහරදෙන සැමියෙකු ඔබට මුණගැසෙනු ඇත. මේ අය නියම පිරිමි නම් නොවේ. එබැවින් මෙවැනි අයට වෙඩි තැබිම ගෙනදෙන්නේ විනෝදයක්” වරක් ඔහු කීවේය.අයි.එස්. සංවිධානය හා ඉස්ලාම් අන්තවාදය ගැන ඔහු මෙවැනි “දරුණු”කතා පවසා ඇත්තේ වරක් දෙවරක් නොවේ. මැටිස්ට “මෑඩ් ඩෝග්” යන සුරතල් නාමය ලැබුණේ 1991 වසරේ පර්සියානු ගල්ෆ් යුද්ධයේදී සේනාංක මෙ හෙයවීමෙන් පසුවය. 2000 වසරේදී ඇෆ්ගනිස්ථාන හා ඉරාක යුද්ධවලින් පසු මෙම නාමය ඔහු සම්බන්ධයෙන් වඩාත් ප්‍රකට විය.” වැරැදි කරන්නන්ට වෙඩි තබා මරා දැමිය යුතු බව වැනි ආන්දෝලනාත්මක කතා කීමෙන් හා 2004 ඉරාක යුද්ධයේදී ෆලුජා බේරාගැනීමට ඇමෙරිකානු හමුදා මෙහෙය වූ සටනින් පසු මේ නම ඔහු සම්බන්ධයෙන් ස්ථිර විය. කෙසේවුවද මේ නමට ඔහු වැඩි ප්‍රියතාවක් නොදක්වන බවද තමා හඳුන්වන වොරියර් මන්ක් (සැරිසරන පූජකයා) යන්නට ඔහු වඩාත් ප්‍රිය කරන බවද ඇතැමුන් කියති. කතා පැවැත්වීමෙහි දක්ෂ ජෙනරාල් මැටීස්ට යුද්ධයේ ඉතිහාසය ගැනද හොඳ දැනුමක් වෙයි.
යුද බිමෙහිදී රජයේ හමුදාවන් සිවිල් වැසියන්ට හිරිහැර නොකළ යුතු බව ඇදෙහු ජනරාල් මැටිස් එය අල් කයිඩාව, අයි.එස්. හෝ වෙනත් එවැනි ත්‍රස්තවාදීන්ගේ ජයග්‍රහණයක් බව කියා සිටියේය. යුද බිමෙහි ඔහු දැක් වූ තියුණු බව සාක්ෂාත් කෙරෙන සිදුවීමක් වන්නේ ඉරාක යුද්ධයට සම්බන්ධව සිටි කාලයේදී දිනක් අලුයම තුනට පමණ සිරියානු දේශ සීමාවේ පිහිටි නිවසකට කළ පහරදීමයි. ත්‍රස්තවාදීන් සිටි බවට සැකකරමින් කළ මෙම පහරදීමෙන් සිවිල් වැසියන් හතළිස් දෙදෙනකු මිය ගිය අතර එය මුකරාඩිබ් මංගල උත්සවයේ සමූලඝාතනය ලෙස හැඳින්වුණේ එහි පැවැතියේ විවාහ මංගල උත්සවයක් ලෙස ප්‍රචලිත වීමත් සමගය. මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු හමුදාවට චෝදනා එල්ල වූ විට මැටිස් මාධ්‍ය අමතා මෙසේ කීවේය.
‘ජනාවාසයක් තියෙන්නෙ එතැනට කිලෝමීටර් එකසිය තිහක් දුරින්. මට කියන්න කවුද එහෙ ඉඳලා කාන්තාරෙ මැදට ගිහින් මංගල උත්සවයක් පවත්වන්නෙ කියලා. එතන හිටපු අයගෙන් විසිහතර දෙනකුම වැඩිහිටි පිරිමි. කරුණාකරලා අනවශ්‍ය විදිහට සංවේදී වෙන්න එපා.”
1950 සැප්තැම්බර් අටවැනිදා වොෂින්ටන්හිදී උපත ලැබූ ජේම්ස් නෝමන් මැටිස් හෙවත් ජිම් මැටිස්ගේ පියා වෙළෙඳාමේ යෙදුනු නාවිකයෙකු විය. ඔහුගේ මව දෙවැනි ලෝක යුද සමයේදී දකුණු අප්‍රිකානු බුද්ධි අංශයේ කටයුතු කර තිබේ. කලම් බියා උසස් විදුහ‍ලේ ඉගෙනුම ලැබූ මැටිස්ට මධ්‍යම වොෂින්ටන් විශ්වවිද්‍යාලයෙන් ඉතිහාසය පිළිබඳ උපාධියක් ලබාගත්තේය.පසුව ජාතික යුද විදුහලින් මැටිස් ශාස්ත්‍රපති උපාධිය ලබාගත්තේ ජාත්‍යන්තර ආරක්ෂක කටයුතු සම්බන්ධයෙනි. 1969 දී ඇමෙරිකානු නාවික හමුදාවට එක් වූ මැටිස් තම සමකාලීනයන් තුළ නමක් දිනාගත්තේ ‍පොත් දහස් ගණනක් සහිත පුස්තකාලයක් හිමි බුද්ධිමතෙකු ලෙසය.

නිශානි දිසානායක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 9067

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1359

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 4189

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2885

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 3258

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 4152

Please publish modules in offcanvas position.