lakbima.lk

රොහින්ගියා සරණාගතයන්ට රතු අඩ සඳෙන් ආධාර

රොහින්ගියා සරණාගතයින්ට ආධාර කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරම්භ කළ ව්‍යාපෘතියේ පළමු දිනයේදීම ඩිනාර් දසලක්ෂ තිහකට අධික මුදලක් ලැබුණ බව එම ව්‍යාපෘතිය පවසා තිබේ.

එමිරේට්ස්හි රතු අඩසඳ සංවිධානය කළ මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වනුයේ මියැන්මාරයේ රොහින්ගියා සරණාගත කාන්තාවන්ගේ හා දරුවන්ගේ සුභසාධනය වැඩි දියුණු කිරීමයි.

ජාත්‍යන්තර දත්තවලට අනුව රොහින්ගියා සරණාගතයන්ගෙන් දස ලක්ෂයක් පමණ කුඩා දරුවන් හා කාන්තාවන් වෙති. ඔවුන්ගෙන් හය ලක්ෂ හැට දහසක් පමණ කුඩා සහ පාසල් වයසේ දරුවන් වෙති. කාන්තාවන් දෙලක්ෂ පනස් දහසකි.

ඉහත සඳහන් අරමුදලෙන් එකතු වන සියලු මුදල් එම දරුවන්ගේ සහ කාන්තාවන්ගේ සුභසාධනය සඳහා යොමු කෙරේ.

මේ සඳහා රතු අඩසඳ තවත් සංවිධාන විස්සක් පමණ සහය වන අතර වැඩිම රොහින්ගියා සරණාගතයින් ප්‍රමාණයක් සිටින්නේ බංග්ලාදේශයේ බැවින් මෙහිදී එකතු වන මුදල් ඔවුනට ලබා දෙන බවද සඳහන් වේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.