Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කවුද මේ මේගන් මාකල්?

මීට සති කීපයකට පෙර බි‍්‍රතාන්‍ය කිරුළට හිමිකම් කියන එක් පුද්ගලයෙකු වූ හැරී කුමරු සිය විවාහ ගිවිස ගැනීමට සූදානම් බව නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළ බව මේ වනවිට රහසක් නොවේ. මෙම විවාහ ගිවිස ගැනීම නිල වශයෙන් ප‍්‍රකාශ කිරීමත් සමග ඔහුගේ පෙම්වතිය වූ මේගන් මාකල් යනු කවුද යන්න පිළිබඳව සෙවීම සඳහා ගූගල් සෙවුම් යන්ත‍්‍රය භාවිත කළ පිරිස සීග‍්‍ර වශයෙන් ඉහළ ගොස් තිබූ බව ද වාර්තා වී තිබිණි. කෙසේ වුවද මේගන් මාකල් පිළිබඳව රජ පවුලට ළැදි බි‍්‍රතාන්‍ය වැසියන් තුළ තිබෙන්නේ පහන් හැගීමක් නොවන බව කිව යුතුය. 
ඔවුන් මේගන් මාකල් නම් වූ චරිතයට අපහාස කරන්නට පවා පටන් ගෙන ඇති බවක් දක්නට තිබේ. එපමණක් ද නොව මාකල් පවුලේ සමහර පුද්ගලයන් පවා මේගන් කෙරෙහි අප‍්‍රසාදය පළ කර ඇති බව විවිධ වෙබ් අඩෙවි ඔස්සේ වාර්තා වී තිබිණි.
මේගන් මාකල් යනු 36 හැවිරිදි ඇමෙරිකානු ජාතික කාන්තාවකි. ඇය හැරීට වඩා අවුරුදු තුනකින් වැඩිමහළු වන අතර විලියම් සහ කේට් දෙදෙනාට වඩා ද අවුරුද්දකින් වැඩිමහළු ය. ඇය සිය වෘත්තිය ලෙස තෝරාගෙන තිබුණේ රංගනයයි. මේගන් හොලිවුඩයේ තරුණ නිළියන් අතර නැගී එන නිළියක ලෙස හැඳින්විය හැකිය. 2011 වසරේ දී ඇමෙරිකානු ජාතික චිත‍්‍රපට නිෂ්පාදකයෙකු වන ටෙ‍්‍රවෝ එංගල්සන් සමග විවාහ වූ ඇය 2013 වසරේ දී ඔහුගෙන් දික්කසාද වී තිබේ. මේ වනවිට ඇය ජීවත් වන්නේ සමාජ සේවිකාවක සහ යෝග උපදේශකවරියක වන අප‍්‍රිකානු ඇමෙරිකානු සම්භවයක් සහිත ඇගේ මව ඩෝරියා ලොයිස් සහ චිත‍්‍රපට ආලෝකකරණ ශිල්පියෙකු වන කොකේසියානු ජාතික ඇගේ පියා තෝමස් මාකල් සමග ය. ඇයට සිය පියාගේ පෙර විවාහයෙන් තෝමස් මාකල් ජූනියර් නමින් සහෝදරයෙකු සහ සමන්තා ග‍්‍රාන්ට් නමින් සහෝදරියක ද සිටී. පියාගේ උදව් ඇතිව චිත‍්‍රපට ක්ෂේත‍්‍රයට පිවිසෙන විට මේගන්ගේ වයස අවුරුදු 11 කි. ඒ වෙළඳ දැන්වීමකට පෙනී සිටිමිනි. පසු කාලයේ ඇය හොලිවුඞ් සිනමාවට පිවිස ඇති අතර ඒ වනවිට ඇගේ වයස අවුරුදු 20 ඉක්මවා තිබිණි. ඒ දක්වා ඇය කටයුතු කර තිබුණේ නිරූපිකාවක ලෙස ය.
මේගන් මාකල් පිළිබඳව බි‍්‍රතාන්‍ය වැසියන් මෙතරම් අප‍්‍රසාදයක් පළ කරන්නට හේතු වී තිබෙන්නේ ද ඉහත කී සමහර කාරණාය. එනම් ඇය විදේශිකයෙකු වීමත් හොලිවුඞ් නිළියක වීමත් දික්කසාද වූ කාන්තාවක වීමත් ප‍්‍රධාන කරුණු ලෙස දක්වා තිබේ. ඇය වැන්නියක සම්බන්ධ කර ගැනීමෙන් බි‍්‍රතාන්‍ය රජ පවුලේ ගෞරවය තව දුරටත් නොනැසී පවත්වා ගත නොහැකි බව ඔවුන්ගේ අදහස වී ඇත. කෙසේ වුව ද පසුගිය කාලයේ රජ පවුලේ කිට්ටු ඥාතීන් ඇය කෙරෙහි විවිධ ක‍්‍රම මගින් අප‍්‍රසාදය පළ කළ අවස්ථා ද වාර්තා වී තිබිණි. ඉන් පළමුවැන්න වාර්තා වන්නේ හැරී සහ මේගන්ගේ විවාහ ගිවිස ගැනීම සිදු කරන බව නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළ අවස්ථාවේ දී ය. රජ පවුලට ළගම නෑකම් කියනු ලැබූ පුද්ගලයෙකු මාධ්‍යයට පවසා තිබුණේ ‘වියපත් බව නිසාම මේ වනවිට එලිසබෙත් රැජිනගේ සිහි කල්පනාව මඳ වෙමින් පවතින’ බවකි. නොඑසේ නම් ඇය මෙවැනි විවාහයකට කිසිසේත්ම එකග නොවන බව එම පුද්ගලයා තරයේ ම ප‍්‍රකාශ කර තිබිණි.
මේගන් මාකල් කෙරෙහි රජ පවුලේ ඥාතීන් අතරින් නැගුණු දෙවැනි ප‍්‍රසිද්ධ අප‍්‍රසාදය වාර්තා වන්නේ බකිංහැම් මාලිගයේ පැවති නත්තල් දිවා භෝජන සංග‍්‍රහයේ දී ය. මෙම භෝජන සංග‍්‍රහයට මේගන් මාකල්ට ද රැජින විසින් ආරාධනා කර තිබූ අතර ඇයට සිය අප‍්‍රසාදය පළ කර තිබුණේ මයිකල් කුමරුගේ බිරිඳ විසිනි. ඒ ඇය සිය කෝට් ඇඳුමේ පැළඳ සිටි සාරි කටුවක් මගිනි. ඇය පැළඳ සිටි සාරි කටුවෙන් නිරුපණය වී තිබුණේ රත‍්‍රන් පැළඳි අප‍්‍රිකානු තරුණියකගේ උඩුකය දැක්වෙන්නකි. රජ පවුලට සම්බන්ධ වීමෙන් රත‍්‍රන් පැළඳ ගත්තාක් වැනි හැගීමක් ඇති කරවන, මව් පාර්ශ්වයෙන් අප‍්‍රිකානු සම්භවයක් සහිත මේගන් මාකල්ට එය අපහාසයක් බව මාධ්‍ය පවා වාර්තා කර තිබිණි.
රජ පවුලට හිතැතියන් පමණක් නොව මාකල් පවුලේ සමීපතමයන් පවා මේගන් බි‍්‍රතාන්‍ය රජ පවුලට සම්බන්ධ වීම පිළිබඳව දක්වන්නේ එවැනි අදහසකි. එනම් ‘කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා’ වැනි හැගීමක් මේ වනවිට මේගන්ට ඇති වී තිබෙන බවකි. එසේ පවසා තිබුණේ මේගන්ගේ පියාගේ පළමු විවාහයේ දියණිය වූ සමන්තා ග‍්‍රාන්ට් විසිනි. ‘ඉස්සර මේගන් මට නිතරම කෝල් කරනවා. හැරී එක්ක සම්බන්ධ වුණාට පස්සෙ එයා හිතාගෙන ඉන්නෙ එයා බි‍්‍රතාන්‍යයේ රැජින වුණා කියලා වෙන්නැති. දැන් එයා අපේ පවුලේ කා එක්කවත් කතාවක් හෝ ආශ‍්‍රයක් නැහැ. අඩුම තරමෙ උපන්දින සුභ පැතුම්, නත්තල් සුභ පැතුම් පවා නැහැ. මේවා රජ පවුලේ අය දැන ගන්න  ඕනෙ’ යනුවෙනි. 
කෙසේ වුව ද මෙවැනි කතා නිසා මේගන් මාකල් පිළිබඳ හැරී කුමරුට ඇති ඇල්ම නිමක් නොවන බව කිව යුතුව ඇත්තේ මේ වනවිට තරුණියන් දස දෙනෙකුට වඩා ඇසුරු කර ඇති ඔහු විවාහය සඳහා දික්කසාද ඇමෙරිකානු නිළියකම තෝරා ගෙන ඇති බැවිනි.
 
දුලංජලී මුතුවාඩිගේ
IMAGE

බාර් තහනමට එරෙහිව උසාවි ගිය සමනලී කියන කතාව

IMAGE 2018 Jan 22 13:49
කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීම සහ අලෙවි කිරීම සඳහා වාරණයක් මෙරට නීතියේ පවතින බව බොහෝ අය...
Views - 1381

දෙහිඅත්තකණ්ඩියේ ජන්ද බලය මන්දො කරන හේනානිගල කැකුළි

IMAGE 2018 Jan 22 12:40
ලබන දහ වැනිදා පැවැත්වෙන පළාත් පාලන ඡන්දයේදී දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව මෙරට මැතිවරණ...
Views - 873

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ විස්මිත පොත් දොරට වැඩුමක්!

IMAGE 2018 Jan 22 10:33
පොත් දොරට වැඩීමේ උත්සව අප බොහෝ දෙනෙකුට හොඳින් ‍හුරුපුරුදුය. ප්‍රසිද්ධ දේශනාගාර සහ ශාලාවල,...
Views - 664

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 3142

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 2733

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 3028

Please publish modules in offcanvas position.

X

Right Click

No right click