Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අවුන් සාන් සුකීට ජන සංහාර චෝදනා එල්ල වේවිද?

මියන්මාරයේ නායිකාව ලෙස පිළිගැනෙන අවුන් සාන් සුකීට ඉදිරියේදී ජන සංහාර (genocide) චෝදනාවලට මුහුණ දීමට සිදුවනු ඇත්ද යන්න මේ වනවිට ජාත්‍යන්තර වශයෙන් කතාබහට ලක්වන කාරණාවක් බවට පත්ව තිබේ.  ඇයට එරෙහිව මෙවැනි තත්ත්වයක් මතුව තිබෙන්නේ මේ වනවිට මහත් ආන්දෝලනයක් ඇති කර තිබෙන එරට රොහිංග්යා ජනතාව පිළිබඳ ගැටලුව පසුබිම් කරගෙනය. රොහිංග්යාවරුන් එරටින් තුරන් කර දැමීම සඳහා කෲර ජන සංහාරයක් සිදුවෙමින් ඇති බවට මේ වනවිට විවිධ පාර්ශ්ව වෙතින් චෝදනා එල්ල වෙමින් ඇති අතර එහි  සිදුවෙමින් ඇතැයි පැවැසෙන අමානුෂික සිදුවීම් සම්බන්ධයෙන්ද, ඊට වගකිව යුත්තන් සම්බන්ධයෙන්ද ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් පවසා ඇති බවද පසුගියදා වාර්තා විය. කලකට ඉහත ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් පිළිබඳ මහත් පරමාදර්ශයක් ලෙස බටහිර බලවේග විසින්ම හඳුන්වනු ලැබූ සුකී සම්බන්ධයෙන් දැන් මෙවැනි තත්ත්වයක් මතුව තිබිම විශේෂත්වයකි.

මියන්මාරයේ රැකයින් නම් ප්‍රාන්තයේ වෙසෙන සුළුතර ජන පිරිසක් වන රොහිංග්යාවරුන් දැන් කලෙක සිටම දැඩි අසාධාරණයන්ට මුහුණ දෙමින් සිටින ජනතාවක් ලෙස සැලකේ. එයට ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන් මියන්මාරයට අයත් ජන පිරිසක් ලෙස නොසැලකීමයි. මියන්මාරයේ බහුතරය සලකන්නේ රොහිංග්යාවරුන් යනු යාබද බංග්ලාදේශයේ සිට පැමිණ රැකයින් ප්‍රාන්තයේ පදිංචි වූ ''අනවසර පදිංචිකරුවන්'' පිරිසක් ලෙසිනි. ඔවුහු මුස්ලිම් ජාතිකයෝ වෙති. කලෙක සිටම ඔවුන්ට එරෙහිව එල්ල වන විවිධ පීඩාවන් නිසා මෙම රොහිංග්යාවරුන් අතරින්ද සටන්කාමී සංවිධාන බිහි වී ඇති අතර ඔවුන් සහ මියන්මාර ආරක්ෂක අංශ අතර වරින් වර ගැටුම් ඇති වෙමින් තිබිණි. මෙවර ඇති වී තිබෙන උණුසුම්, අර්බුදකාරී තත්ත්වය ආරම්භ වූයේ පසුගිය අගෝස්තු මාසයේ එරට ආරක්ෂක  මුර‍පොළ කිහිපයක් වෙත මෙම සටන්කාමීන් ප්‍රහාර එල්ල කිරීමත් සමගය. නමුත් මෙහිදී ආරක්ෂක අංශවල ඉලක්ක බවට පත්වූයේ ඉහත කී සටන්කාමීන් පමණක් නොව, අහිංසක සිවිල් වැසියන්ද මහා පරිමාණයෙන් බිහිසුණු ප්‍රහාරයන්ට ලක් වූ බවට තොරතුරු පළවෙන්නට විය. ගම් දනව් පිටින් ගිනිබත් කර, දහස් ගණන් වැසියන් ඝාතනයට ලක් කෙරුණු බවට චෝදනා නැගෙන්නට පටන් ගත් අතර කුඩා දරුවන්ට සහ කාන්තාවන්ට එරෙහිවද දරුණු අපරාධ සිදු වූ බැව් පැවැසිණි. කාන්තාවන් සමූහ දූෂණයන්ට ලක් වූ බවට නිතර චෝදනා එල්ල විය. මෙම තත්ත්වය තුළ මේ වනවිට ලක්ෂ හතකට ආසන්න රොහිංග්යාවරුන් සංඛ්‍යාවක් සිය ගම්බිම් හැරදා බංග්ලාදේශය වෙත සංක්‍රමණය වී ඇති බවටද සංඛ්‍යා‍ලේඛන පළ වී තිබේ. අද රොහිංග්යාවරුන් සැලකෙන්නේ රටක් නැති ජන පිරිසක් වශයෙනි.

රොහිංග්යා ජනතාවට එරෙහිව ක්‍රියාකාරකම් සිදුවන ආකාරයෙහි දක්නට ඇති පුළුල් සහ ක්‍රමානුකූල ස්වභාවය පිළිබඳ අවධානය යොමු කිරීමේදී කිසියම් සමූහ ජන සංහාරයක් සිදුවෙමින් තිබෙනවාද යන කාරණය බැහැර කළ නොහැකි ආකාරයක් පෙනී යන්නේ යැයි ද කොමසාරිස්වරයා වරක් සඳහන් කර තිබිණි. එමෙන්ම ඉහළ මට්ටමේ අයගේ තීරණවලින් තොරව මෙවැනි පුළුල් පරිමාණයේ හමුදා මෙහෙයුමක් දියත් කළ හැකිද යන්න සැක සහිත බවද ඔහු ප්‍රකාශ කර තිබේ. මේ වනවිට මියන්මාරයේ නායිකාව ලෙස පිළිගැනෙන අවුන් සාන් සුකී මෙන්ම එරට හමුදා ප්‍රධානියා වන ජනරාල් අවුන් මින් ‍ලේංග්ද ඉදිරියේදී ජන සංහාර චෝදනාවලට ලක්විය හැකි බවට ඔහු සැක පළ කරන්නේ මෙම පසුබිම තුළ බව පෙනී යයි. කාලයක් තිස්සේ හමුදා පාලනයක් යටතේ පැවැති මියන්මාරයේ තවමත් හමුදාවට විශාල බලයක් ඇති බව රහසක් නොවේ. සුකීට පවා හමුදාවට විශාල බලපෑමක් කිරීම අපහසු බවද පිළිගැනෙන කාරණයකි. නමුත් ඇයට රොහිංග්යාවරුන් වෙනුවෙන් මෙයට වඩා යමක් කිරීමට හැකියාව ඇති බව ජාත්‍යන්තරයේ  පිළිගැනීම වී ඇති ආකාරයක් දැකිය හැකි වෙයි.

පසුගිය 2015 පැවැති මියන්මාර මහා මැතිවරණයෙන් ජයගත්තේ සුකී නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජාතික ලීගයයි. එයින්  විශිෂ්ට ජයක් ලැබූ ඔවුන් ආණ්ඩුවක් පිහිටුවීමට සමත් වූ නමුත් සුකී ට ජනාධිපති පදවියට පත්වීමට හැකියාවක් නොලැබිණි. ඊට හේතු වූයේ එරට ව්‍යවස්ථාවේ ඇති එක් වගන්තියක් පිළිබඳ ප්‍රශ්නයකි. එම වගන්තියට අනුව යමෙකු හෝ ඔහුගේ/ඇයගේ පවු‍ලේ සමීපතම උදවිය හෝ විදේශ පුරවැසිභාවය හිමි අය නම් ඔවුන්ට මියන්මාරයේ ජනාධිපති ධුරය දැරීමට හැකියාවක් නැත. සුකීගේ (අභාවප්‍රාප්ත) සැමියා මෙන්ම දරුවන්ද බ්‍රිතාන්‍ය පුරවැසිභාවය දරන අය බැවින් ඇයටද මෙම වගන්තිය අනුව රටේ ජනාධිපති වීමට  අවස්ථාවක් නොලැබිණි. නමුත් රටේ නිල නොවන නායිකාව ලෙස ඇය පිළිගැනෙන අතර මියන්මාරයේ රාජ්‍ය උපදේශකවරිය  (State Counsellor of Myanmar) යන නව තනතුරක් ඇය වෙනුවෙන්ම නිර්මාණය කරනු ලැබිණි. කෙසේ වෙතත් එරට පාර්ලිමේන්තුව තුළ සැලකිය යුතු ආසන සංඛ්‍යාවක් හමුදාවෙන් පත් කෙරෙන නියෝජිතයන්ට හිමි වෙයි. එමෙන්ම ප්‍රධාන ඇමැති ධුර කිහිපයක්ම අනිවාර්යයෙන්ම හමුදා නියෝජිතයන්ට පිරි නැමේ. ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ දේශ සීමා කටයුතු වැනි වැදගත් ඇමැති ධුර හිමිවන්නේ හමුදා නියෝජිතයන් ටය. මෙම තත්ත්වය තුළ සුකී ට හමුදාව මත ඇති කළ හැකි බලපෑමට කිසියම් දුරකට සීමා පැනවෙයි. එමෙන්ම රොහිංග්යාවරුන් මුස්ලිම් සුළුතරයක් වන තත්ත්වය තුළ රටේ බහුතරයේ අදහස්වලට එරෙහිව යාමටද ඇය කිසියම් පැකිලීමක් දක්වනවා විය හැකිය. එය ඇගේ දේශපාලන අනාගතයට අහිතකර ලෙස බලපානු ඇතැයි සැලකිය හැකි බැවිනි. කෙසේ නමුත් ඇය දීර්ඝ කාලයක් තිස්සේ සටන් කළේත්, 2015 දී බලයට ආවේත් හමුදා පාලනයක් තුළ මර්දනය කර තිබූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්, මානව හිමිකම් ආදිය නැවත තහවුරු කරන අපේක්ෂාවන් මත බවද අමතක කළ හැකි නොවේ. රොහිංග්යා ජනතාව මුහුණ දී සිටින ඛිෙදජනක මානුෂීය ගැටලුව  සම්බන්ධයෙන් මීට වඩා යමක් ඇය කළ යුතුව ඇතැයි අදහස් පළවන්නේ මෙම පසුබිම තුළය.

නිහාල් පීරිස්

IMAGE

බාර් තහනමට එරෙහිව උසාවි ගිය සමනලී කියන කතාව

IMAGE 2018 Jan 22 13:49
කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීම සහ අලෙවි කිරීම සඳහා වාරණයක් මෙරට නීතියේ පවතින බව බොහෝ අය...
Views - 1372

දෙහිඅත්තකණ්ඩියේ ජන්ද බලය මන්දො කරන හේනානිගල කැකුළි

IMAGE 2018 Jan 22 12:40
ලබන දහ වැනිදා පැවැත්වෙන පළාත් පාලන ඡන්දයේදී දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව මෙරට මැතිවරණ...
Views - 867

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ විස්මිත පොත් දොරට වැඩුමක්!

IMAGE 2018 Jan 22 10:33
පොත් දොරට වැඩීමේ උත්සව අප බොහෝ දෙනෙකුට හොඳින් ‍හුරුපුරුදුය. ප්‍රසිද්ධ දේශනාගාර සහ ශාලාවල,...
Views - 664

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 3139

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙයි

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 2732

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 3025

Please publish modules in offcanvas position.

X

Right Click

No right click