Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අපායට පිවිසෙන එක් දොරටුවක්

ඉතාලියේ රෝම නගරයට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ඉමහත් ආකර්ෂණයට බඳුන් වූ පෞරාණික වටිනාකමක් සහිත ස්ථානයක් ලෙස ක්‍දකදිිැමප නොහොත් කොලෝසියම හැඳින්විය හැකිය. මෙය නූතන ලෝකයේ පුදුම හතෙන් එකක් ලෙසද නම් කර ඇති අතර එය ෆ්ලේවියන් රංග පීඨය ලෙසද හඳුන්වනු ලැබේ. ක‍්‍රිස්තු වර්ෂ 72 දී ෆ්ලේවියන් අධිරාජ්‍යයේ ආරම්භක 
අධිරාජ්‍යයා වූ වෙස්පාසියන් අධිරාජ්‍යයා විසින් ඉදිකිරීම ආරම්භ කරන ලද මෙම සුවිසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් වූයේ ක‍්‍රිස්තු වර්ෂ 80 දී වෙස්පාසියන් අධිරාජ්‍යයාගේ මරණින් වසරකට පසුවය. 
වෙස්පාසියන් අධිරාජ්‍යයාට අවශ්‍ය වූයේ මෙම රංග පීඨය රෝමයේ පමණක් නොව ලොව අංක එකේ වනසත්ව ප‍්‍රදර්ශන සටන් සිදු කරන ස්ථානයක් බවට පත් කිරීමය. ඔහුගේ මරණයත් සමග ඔහුගේ පුතු ටයිටස් කුමරු විසින් මෙම ස්ථානය පවත්වාගෙන යාමේ කටයුතු භාරගෙන තිබිණි. ඒ අනුව රෝමයේ අතිදක්ෂ ග්ලැඩියේටර්වරුන්ගේ සටන් සහ සිංහයන් ඇතුළු දරුණු වනසතුන්ගේ සටන් මෙහිදී රෝම වැසියන්ට දැක බලා ගන්නට හැකියාව ලැබිණි.
රෝම ඉතිහාසය පවසන අන්දමට වන සත්ව සටන් පැවැත්වීමට දින නියම කරගන්නා මොහොතේ සිට සති ගණන් හෝ මාස ගණන් මෙම ස්ථානයේ රඳවා ඇති වන සතුන්ට ආහාර ලබා දීම සීමා කෙරේ. දිනකට කිලෝ 100ක් පමණ බරැුති ගවයෙකු ආහාරයට ගත හැකි සිංහයන් වෙත ලැබෙන්නේ කිලෝ 15ක පමණ මස් කුට්ටි පමණි. එවැනි ක‍්‍රම මගින් ඔවුන්ගේ කුසගින්නත්, වියරුවත් උග‍්‍ර කර අවසානයේ සටන් බිමට එවනු ලබති. සමහර අවස්ථාවල මෙවැනි සිංහයන් සහ ග්ලැඩියේටර්වරුන් අතර පවා සටන් පැවැත්වේ. එවැනි සටන්වලදී දරුණු සිංහයන් පරදවා ග්ලැඩියේටර්වරයා සටනින් ජය ගතහොත් ඉතා ඉහළ මිලකට එම ග්ලැඩියේටර්වරයා වෙන්දේසි කිරීමට කටයුතු කරනු ලැබේ.
ලෝකයේ බොහොමයක් රටවල් මෙම ගොඩනැගිල්ල හඳුන්වනු ලැබ ඇත්තේ අපායට පිවිසෙන දොරටු හතෙන් එක් 
දොරටුවක් ලෙසිනි. එයට හේතුව සටන් කිරීම සඳහා මෙම ස්ථානයට ඇතුළුවන  ඕනෑම පුද්ගලයෙකුට, විශේෂයෙන්ම ග්ලැඩියේටර්වරයෙකුට ඉන් පිටවීමට අවස්ථාවක් ලැබෙන්නේ ඉතාම කලාතුරකින් වන බැවිනි. බොහෝවිට සිදු වන්නේ ඔවුන්ට ජීවත් වන්නට අවස්ථාවක් නොලැබ එය තුළදීම වන සත්වයෙකුගේ හෝ වෙනත් සටන්කරුවෙකුගේ මරු පහරින් මිය යන්නටය. රෝම ඉතිහාසයේ සඳහන් වන පරිදි කොලෝසියම තුළ දී සටන් කරනු ලැබ මිය ගිය ග්ලැඩියේටර්වරුන් ගණන ලක්ෂය ඉක්මවා තිබේ. වන සතුන් ගණන තිස් දහසක් පමණවේ. ඊට අමතරව විවිධ වැරදිවලට හසු වූ රෝම වැසියන් පනස් දහසකට අධික පිරිසක් කොලෝසියම තුළදී විවිධ වද හිංසාවලට ලක්ව මරණයට පත් කර තිබේ. ඒ නිසා එය වධකාගාරයක් ලෙස ද හැඳින්විය හැකිය. එනම් අධික කුස ගින්නේ පසුවන වන සතුන්ගේ ආහාර ලෙස ඔවුන්ගේ කූඩු තුළට දැමීමෙන් සහ පණ පිටින් ගිනි තැබීමෙන් ඔවුන් මරණයට පත් කර තිබෙන්නේ නරඹන්නන්ගේ ප‍්‍රීති ඝෝෂා මැද බවද වාර්තා වේ.
කොලෝසියම නම් වූ මෙම ගොඩනැගිල්ලේ උස මීටර් 48කි. එවකට රෝම අධිරාජ්‍යවරුන්ගේ මන්දිර පවා එතරම් උසින් යුක්තව ඉදිකෙරුණේ නැත. කොලෝසියම මෙතරම් උසින් වැඩි වන පරිදි ඉදිකර තිබෙන්නේ එය තුළ සිදුවන අමානුෂික සහ කෲර සිදුවීම් ලෝකයෙන් ස`ගවන්නට විය යුතු බව ඉතිහාසඥයන්ගේ අදහසයි. කොලෝසියම පිළිබඳව විවිධ මත ඉදිරිපත් කරන දෛවඥයන්ට අනුව අතීතයේ සිට විසි වන සියවසේ මුල භාගය වන තුරු කොලෝසියම තුළ දරුණු භූතාත්ම සැරිසරා තිබේ. ඔවුන් ‘බ්ලැක් මැජික්’ නමින් හඳුන්වන මරණයේ ක‍්‍රීඩාව කරමින් කොලෝසියම තුළ සැරිසැරූ බවද රාත‍්‍රී කාලයේ කොලෝසියම තුළට ඇතුළු වන ආරක්ෂකයන් බිය වද්දමින් මරණයට පත් කර ඇති බවද පැවැසේ.
නමුත් 1990 වසරින් පසු රෝම රජය විසින් කොලෝසියම සංරක්ෂණය කර එය දෙස්  විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීමෙන් පසු ඉහත කී භූතාත්ම සහ නපුරු ආත්ම එම ස්ථානය අතහැර නැවතත් අපාය වෙතම ගොස් ඇති බවත්, යම් යම් කාලවලදී ඔවුන් නැවතත් කොලෝසියම තුළට පැමිණ සංචාරකයන් බියවද්දන බවත් දෛවඥයන්ගේ අදහසයි. එපමණක් නොව, රෝම නගරය අද දක්වාත් ලෝකයේ නම් දැරූ නගරයක්ව පවතින්නට හේතුව කොලෝසියම තුළ සැරිසරන යහපත් ආත්ම බවටත්, යම් දිනක කොලෝසියම විනාශ වුවහොත් එම යහපත් ආත්මයන් විසින් රෝම නගරයද විනාශයට ඇද දමන බවටත් මතයක් තිබේ. මේ නිසා සදාකාලිකවම කොලෝසියම විනාශ වන්නට ඉඩ නොදී ආරක්ෂා කළ යුතුය යන්න ඔවුන්ගේ අදහසය.
 
දුලංජලී මුතුවාඩිගේ 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 166

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 1487

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 2275

මුහුණුපොත ගැන ඔබ මෙතෙක් නෑසූ කතා

IMAGE 2017 Nov 16 09:44
‘ෆේස්බුක්’ කියන්නේ නම කියූ මණින් අද උපන් දරුවාගේ සිට සිහිකල්පනාවක් ඇති මහල්ලා දක්වාම...
Views - 2210

හැංගිමුත්තම් කරන අතරේ ඇඳ යටදී දැරියට අතවර කරලා

IMAGE 2017 Nov 15 09:26
හැංගි මුත්තම් සෙල්ලමක් අතරදී වයස අවුරුදු 10 ක වන පාසල් සිසුවියක දුෂණය කළ බව කියන 16 හැවිරිදි...
Views - 5075

ලිංගික උත්තේජන පෙති අකල්මරණවලට හේතුවක් ද?

IMAGE 2017 Nov 14 10:46
පුරුෂ ලිංගික උද්දීපනය සඳහා ගනු ලබන පෙති වර්ග වලින් අකල් මරණ සිදුවන බවට සමාජය පුරා පොදු...
Views - 4671

Please publish modules in offcanvas position.