lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

ජර්මනියේ කුර්දි ජාතිකයන් තුර්කි ජනපති විරෝධී පෙළපාළි යති

තුර්කි ජනපති එර්ඩෝගන්ට විරුද්ධව ජර්මනියේ සිටින කුර්දි ජාතිකයන් තිස්දහසක පමණ පිරිසක් එරට ෆ්රෑන්ක්පර්ට් නුවර විරෝධතා රැලියක් පැවැත් වූ බව වාර්තා වෙයි. කුර්දි නව වසර සැමරීම අරඹන්නට පෙර පැවැති මෙම රැලියට රටේ හැම ප්‍රදේශයකින්ම කුර්දි ජාතිකයන් පැමිණි බව කියැවේ.ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගෙන යන ලෙසත් ජනපති බලතල වැඩි කිරීම සඳහා ලබන මාසයේ පැවැත්වෙන ජනමත විචාරණය සඳහා ඡන්දය පාවිච්චි නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමටත් මෙම රැලිය පැවැත් වූ බව ඊට සහභාගි වූවෝ කියති.
තුර්කියේ තහනම් කොට ඇති පී.කේ.කේ. පක්ෂයේ ලාංඡනය රැගත් ධජ බොහෝ දෙනකු අත වූ බව කියැවෙයි. මෙම රැලිය පිළිගත නොහැකි බව කියන තුර්කිය එවැන්නක් පැවැත්වීමට ඉඩදීම ගැන ජර්මනියටද දොස් නගයි. මීට සති දෙකකට පෙර මැතිවරණ ප්‍රචාරක කටයුතු රැස්වීම් ජර්මනියේ පැවැත්වීමට තුර්කි ඇමැතිවරුන්ට එරට ඉඩ නොදීම ගැන මතු වූ අර්බුදය රාජ්‍ය තාන්ත්‍රික අරගලයක් දක්වා ඉහළ ගියේය.

සී.එන්.එන්.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 9070

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1359

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 4190

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2886

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 3259

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 4153

Please publish modules in offcanvas position.