lakbima.lk
2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.3500 , විකුණුම් මිල රු.156.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.6100 , විකුණුම් මිල රු.113.9700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.3600 , විකුණුම් මිල රු.116.3700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 |

සිරියාවේ දරුවන් ගැන අලුත්ම වාර්තාව

යළි කිසිදා දෑස් නෑරෙන සේ මුහුදු වෙරළක සදාකාලික නින්දකට වැටුණු සුරතල් සිඟිත්තාගේ ඡායාරූපය බොහෝ දෙනෙකුගේ මතකයෙන් ගිලිහී නොගොස් ඇතැයි සිතේ. මේ සිරියානු බල අරගලයේ වේදනා බර මතකයන්ගෙන් එකක් පමණි. පසුගිය වසර හය මුළුල්‍ලේ සිරියානු දරුවෝ බෝම්බ ප්‍රහාරයන්ට ගොදුරු වූහ. වෙඩිතැබිම්වලට ගොදුරු වූහ. කුසගින්නේ මිය ගියහ. තම ආදරණීයයන් තම දෑස් ඉදිරිපිටදීම මරා දැමෙනු, හිංසා පීඩාවන්ට ලක්වන අයුරු ඔවුහු දුටුවහ. අනාගත සිහින දහසක් හිතේ දරා අකුරු කරන්නට ගිය පාසල් සියල්ල දුහුවිලි ගොඩක් බවට පත්විය. ඔවුනගේ පවුල් සීසීකඩ විසිරුණි. මේ සියලු දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දුන් සිරියානු දරුවන් තුළ ඉතා බරපතළ මානසික රෝගාබාධයන් මතුව තිබේ. ඒ බොහෝ ඒවා ඔවුන්ගේ ජීවිතය පවතින තුරුම තුරන්ව නොයනු ඇත. බලලෝභී අර්බුදයට මැදි වූ ඇතැම් සිරියානු දරුවන් තවදුරටත් ජීවතුන් අතර නැත. ඇතැම්හු ආබාධිත වූහ. ඇතැම්හු කතාකරගන්නට පවා නොහැකි තත්ත්වයට පත්වූහ. සුරතල් වියෙහි පසුවන මේ සිත්වලට දරාගත නොහැකි තරම් භීෂණයක් අත්දැක ඇති නිසාම බොහෝ දරුවන්ට නින්දක් පවා ලබන්නට මානසික තත්ත්වයක් නැත. නින්දකට වැටුණහොත් යළිත් කිසිදා අවදිවන්නට නොහැකි වනු ඇතැයි බොහෝ දරුවෝ බියෙන් පසුවෙති.
සිරියානු ජනපති බෂාර් අල්-අසාද්ට පක්ෂපාතී සහ විරුද්ධ හමුදා අතර දැන් වසර හයකට ආසන්න කාලයක් තිස්සේ දරුණු ගැටුම් පවතී. මෙය මේ වන විට අන්තවාදී මුස්ලිම් කල්ලි අතර බලඅරගලයක් බවට පත්ව හමාරය. මේ වනවිට දෙලක්ෂ පනස් දහසක් පමණ දෙනෙක් මෙයින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පසුගිය කාලය ගෙන බැලුවහොත් 2016 වසර යනු සිරියානු දරුවන් දරුණු ලෙසම යුද්ධයෙන් බැට කෑ වසර යැයි සඳහන් කළ හැකිය. සිරියාවේ දරුවන්ගෙන් මිලියන 1.75ක් පාසල් යන්නේ නැත. දරුවන්ට ලැබිය යුතු ආදරය සහ රැකවරණය නොමැති සිරියානු දරුවෝ මිලියන 8.4ක් අවතැන්ව පසුවෙමින් ආරක්ෂිත ස්ථාන සොයමින් යති. ඔවුන්ගෙන් ඇතැමෙක් සිරියාව තුළද, ඇතැමෙක් වෙනත් රටවලද ජීවත් වෙති. ලෝකයේ අවතැන්වූවන් වැඩිම ප්‍රමාණයක් සිටින රට  බවට ඇත්තේ සිරියාවය.
“අපි කෑම කාලා නිදාගන්න ලෑස්ති වුණා විතරයි ඩෝං ගාලා සද්දයක් ඇවිත් පැත්තම දෙදරලා ගියා. අපි කාමරේට වෙලා පාර දිහා බලාගෙන හිටියේ. එකපාරට ප්‍ලේන් එකකින් දාපු බෝම්බය අපට වැදුණා. පුපුරන සද්දේ ඇහෙනකොට අපි මූණට මූණ බලාගෙන හිටියේ. මම ‘තාත්තේ’ කියලා කෑගැහුවා. ඒත් කවුරුවත් ආවේ නෑ. අන්තිමේදී අපිව බේරගන්න කවුරු හරි එනකල් එහෙම හිටියා. අපේ අම්මයි තාත්තයි දෙන්නම මැරුණා.” මේ අවතැන් වූ දරු කිහිපදෙනෙකුගේ අත්දැකීමකි. මෙවැනි ඛිෙදජනක කතා තව දහස් ගණනක් තිබෙන්නට පුළුවන.
2016 වසරේ අවම වශයෙන් දරුවෝ 652ක් මරණයට පත්වූහ. එය 2015 වසරට වඩා 20ක් වර්ධනයකි. දරුවන් 850 දෙනෙක් ළමා සොල්දාදුවන් ලෙස සටන් බිමට යවා තිබේ. වෙඩි වැදීම්, බෝම්බ ආදියට සිදුවන ගොදුරුවීම්වලට අමතරව පහසුවෙන් වළකා ගත හැකි රෝගාබාධවලින් බොහෝ දරුවෝ මියයති. වෛද්‍ය පහසුකම් ලැබිමට ඇති දුෂ්කරතාව මෙයට ඇති ප්‍රධානතම හේතුවය. බොහෝ රෝහල් බෝම්බ ප්‍රහාරවලට ලක්ව විනාශ වී හමාරය.
මේ වනවිට මානුෂීය රැකවරණය අවශ්‍ය දරුවන්ගේ සංඛ්‍යාව මිලියන 6කට ආසන්නය. එය 2012 වසරට වඩා දොළොස් ගුණයක වර්ධනයකි. මිලියන 2.3ක අධික ප්‍රමාණයක් තුර්කිය,ලෙබනනය, ජෝර්දානය, ඊජිප්තුව සහ ඉරාකය යන රටවල සරණාගතව කඳවුරුවල දුක්බර ජීවිත ගත කරති.
බොහෝ සිරියානු දැරියන් බාල වයස්කාර විවාහවලට බලයෙන්ම යොමුකිරීම සුලබ සිදුවීමකි. ළමා වහල් මෙහෙය නතුවන දරුවෝද බොහෝය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

මහින්දානන්දට දී.මූ දියණියට යළි මංගල සීනු

IMAGE 2017 Apr 28 11:18
පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  මහතා අද (28)...
Views - 9070

FB WhatsApp Twitter තහනම් වෙයි

IMAGE 2017 Apr 27 12:11
ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර...
Views - 1359

තිස්නව හැවිරිදි ජනපති අපේක්ෂක ගේ බිරිඳට හැට හතරයි

IMAGE 2017 Apr 27 11:21
ප්‍රංශයේ  ජනාධිපති වරණයේ දෙවන වටයට තේරී පත් වී සිටින එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) මේ වන...
Views - 4190

අප රටේ විසූ අප්‍රකට සුනඛ වීරයකුගේ කතාව

IMAGE 2017 Apr 27 09:20
වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්...
Views - 2886

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 3259

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 4153

Please publish modules in offcanvas position.