lakbima.lk

කාර්ය මණ්ඩලයක් නැති පැය 24 පොත් සාප්පුව

 

ලෝකයේ ප්‍රථම වරට කාර්ය මණ්ඩලයක් රහිතව පොත් සාප්පුවක් ඇරඹීමට ඩුබායි රාජ්‍යයට හැකි විය. මෙම අපූරු සංකල්පයට උපකාර වී ඇත්තේ ලෝකයේ ප්‍රධානතම පොත් නිෂ්පාදකයන් වූ 'බුක් හීරෝ' නම් සමාගමකි.   මෙම පොත් සාප්පුවට නම් තබා ඇත්තේ ‘ට්‍රස්ටඩ්’ ලෙස වන අතර ‍මුළුමනින් ම මෙම පොත් සාප්පුව පවත්වාගෙන යනුයේ මහජනයා කෙරෙහි විශ්වාසය තබා ය.

ට්‍රස්ටඩ් පොත් සාප්පුව තුළ පොත් 20 000 ක් පමණ පවතින අතර සතිය මුළුල්ලේ ම  පැය 24 පුරාම ‍මෙම පොත් සාප්පුව විවෘතව පවතියි.  ඕනෑම අයෙකුට කැමති පරිද්දෙන් පොත් බැලීමටත් මිල දී ගැනීමටත් හැක. පොත් මිලට ගැනීමේ දී නෝට්ටු හා කාසි බහාලීම සඳහා කුඩා පෙට්ටියක් පවතියි.

මෙම පොත් සාප්පුවේ දෛනික ආදායම එකතු කිරීමට සෑම රාත්‍රියකම නියෝජිතයෙකු පැමිණෙයි. මෙහි  දිනකට පොත් 100 ත්  150 ත් අතර විකිණෙයි. එමෙන්ම මුදල් ප්‍රමාණය පහසුවෙන් දැන ගැනීම සඳහා පාට වර්ග අනුව පොත් බෙදා ඇති අතර පාරිභෝගිකන්ට සිය පසුම්බියට සරිලන සේ වැඩි වේලාවක් නොයොදවා පොත් මිලට ගත හැකි ය. 

මෙම නිෂ්පාදන සමාගම ඩුබායි හි වෙනත් ස්ථාන කිහිපයක ද අපූරු පොත් සාප්පු පවත්වා ගෙන යන යයි. ඉන් කිහිපයක ම  කාර්ය මණ්ඩලයක් පැවතුණ ද මුදල් ගෙවීම සඳහා ලබා ඇති ස්ථානයේ පවතිනුයේ ‍මුදල් දැමීමට පෙට්ටියක් පමණී. කෙසේවෙතත් මේ වන තුරු සිය පොත් සමාගමට අලාභයක් වී නොමැති බවත්  පාරිභෝගිකයන්ගේ විශ්වාසය මතින් තවත් ‍මේ ආකාරයේ අපූරු පොත් සාප්පු විවර කිරීම සිය අධිෂ්ඨානය බවත් ඔවුන් පවසනුයේ ආඩම්බරයෙනි.

 

උත්පලා ප්‍රබුද්ධිකා

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.