lakbima.lk

රාහුල් ගාන්ධිගේ ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රතික්ෂේප වෙයි


පසුගියදා අවසන් වූ ඉන්දීය මහමැතිවරණයේදී නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය මන්ත්‍රී ආසන 350ක් දිනා ගන්නා විට රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කොංග්‍රසය දිනා ගත්තේ යන්තම් මන්ත්‍රී ආසන 85ක් පමණි.

මෙය ඉන්දීය කොංග්‍රසය ඉතිහාසයේ ලැබූ දැවැන්තම පරාජයයි. මෙම පරාජයෙන් පසුව ඉන්දිය කොංග්‍රස් සභාපති රාහුල් ගාන්ධි සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරමින් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. ඒත් එම ලිපියට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබි නැත.

රාහුල් ගාන්ධිගේ ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රතික්ෂේප කළ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තමන් ලැබූ පරාජය ගැනත් ගාන්ධි එවැනි ලිපියක් එවීම ගැනත් සිය කනස්සල්ල පළ කර තිබේ.

මේ අතර පසුගියදා රාහුල් ගාන්ධි විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තම තීරණය කිසි සේත්ම වෙනස් නොකරන බවයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.