lakbima.lk

බ්‍රෙක්සිට් නිසා මේ තවත් අමාරුවේ

යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් වීමට එරට වත්මන් රජය දරන ප්‍රයත්නයට එරෙහිව ලක්ෂ ගණනක් වූ බ්‍රිතාන්‍ය ජාතිකයන් පිරිසක් පසුගියදා බටහිර ලන්ඩනයේදී වීදි බැස උද්ඝෝෂණය කළෝය.
 
බැනර් සහ පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් කියා සිටියේ මේ පිළිබඳව ජනතා කැමැත්ත, අකමැත්ත විමසා බැලෙන ජනමත විචාරණයකට යා යුතු බවය. මේ පිළිබඳව මීට ප්‍රථම 2017 දීත් ජනමත විචාරණයක් පැවැත්වූ අතර එහිදී යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ජනතාව වැඩි කැමැත්ත දී තිබුණි.
 
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා වන යෝජනාවට මේ වනවිට වසර තුනක් ගතවී ඇතත් ඒ පිළිබඳ නිසි තීරණයකට එළඹීමට තවමත් හැකිවී නැත. මේ නිසාම බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ දේශපාලන වශයෙන් විශාල අර්බුදයකට මැදිව සිටින්නීය.
 
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම මේ මාසය තුළ සිදුවිය යුතු නමුත් පසුගියදා රැස්වූ යුරෝපා රටවල නායකයන් එම කාලය තවත් දීර්ඝ කිරීම සඳහා අවසර දී තිබුණි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.