lakbima.lk

වැසි අපේක්ෂා කරමින් පින්කම්

 
ජල පෝෂක ප්‍රදේශවලට වැසි අපේක්ෂාවෙන් ලංකා විදුලි බල මණ්ඩලය මගින් මස්කෙලිය සමන් දේවාලයේ පින්කම් රැසක් පවත්වයි.
 
ජල පෝෂක ප්‍රදේශවලට නිසි කලට වැසි අපෙක්ෂා කරමින් ලංකා විදුලි බල මණ්ඩලය මගින් මස්කෙලිය සමන් දේවාලයේ ඊයේ (10) රාත්‍රියේ විශේෂ පින්කම් රැසක් පැවැත්වුවා.
 
ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණයේ නියෝජ්‍යය සාමාන්‍යාධිකාරි  සි.ජි.එස් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණයේ සුබසාධක සංගමය එක්වයි මෙම පින්කම් සංවිධානය කර තිබුණේ.
 
මස්කෙලිය සමන් දේවාලයේ ඊයේ රාත්‍රියේ විශේෂ බෝධි පුජාවක් පවත්වා පසුව සමන් දෙවියන් වෙනුවෙන් විශේෂ දේව පුජාවක්ද  පවත්වනු ලැබුවා.
 
ඊයේ රාත්‍රියේ සිට අද (11) අලුයම තෙක් මහ සංඝ රත්නයේ සහභාගිත්වයෙන්  පිරිත් සඡ්ඡායනාවක් ද පවත්වා අද අලුයම මහ සංඝ රත්නය විෂයෙහි හිල් ධානය පිළිගන්වා ගරුතර මහ සංඝ රත්නය වෙනුවෙන් පිරිකර පුජාවක්ද පවැත්වුහ.
 
මෙම පින්කම සදහ කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන ,පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර ජල විදුලි බලාගාරවල ඉංජිනේරුවන්, සේවකයින් සහ ඔහුන්ගේ පවුලේ සමාජිකයන් මෙන්ම මස්කෙලිය , නල්ලතන්නිය අවට ප්‍රදේශවාසින් සහ ආරක්ෂක අංශවල නිලධාරින් රැසක් සහභාගි විය.
 
හැටන් රංජිත් රාජපක්ෂ 
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.