lakbima.lk

නව ගිලන් රථ 118ක් රෝහල්වලට

 

දිවයින පුරා රෝහල් වලට අවශ්‍ය නවීන ගිලන් රථ බෙදාදීමේ වැඩපිළිවෙලට අනුව තවත් ගිලන් රථ 118 ක් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අද (11) පෙරවරුවේ බෙදා දෙනු ලැබුණී. ඒ කොළඹ මහ නගර සභා භූමියේ දී ය.

ෆෝඩ් වර්ගයේ ගිලන් රථ 118 ක් මෙහිදී බෙදා දෙන ලදි.  එක් ගිලන් රථයක වටිනාකම රුපියල් අනූඑක්ලක්ෂ හැත්තෑපන්දහසකි.

 

මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් නිමල් බාලසූරිය, අතිරේක ලේකම්වරුන් වන ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ගීතාමනී කරුණාරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුලු නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ප්‍රවාහන අධ්‍යක්ෂ මනෝඡ් කරුණාරත්න, රෝහල් අධ්‍යක්ෂවරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.