lakbima.lk

පෑවිල්ලෙන් මතු වූ පැරණි මස්කෙළිය

මධ්‍යම කඳුකරයට මාස දෙකක පමණ කාලයක් තිස්සේ පවතින වියළි කාළගුණික තත්වයත් සමග ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් ප්‍රධානතම ජලාශ දෙකක් වන මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම ඉතා සීඝ්‍රයෙන් පහත බසිමින් පහත බසිමින් බවති.

මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ වල ජල මට්ටම අද (14) පෙ.ව. 06.00 වන විට පිළිවෙළින් පිටාර මට්ටමේ සිට අඩි 58 ක් හා 48 ක් වශයෙන් පහත බැස ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.

ලක්ෂපාන ජල විදුලිබලගාගාර සංකීර්ණයට අයත්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර හා කැනියෝන් යන විදුලිබලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ වලිනි. මෙම ජලාශ පිහිටි ජල පෝශක ප්‍රදේශ වලට ඉදිරියටත් වැසි නොලැබුණහොත් විදුලි අර්බූදයක් ඇතිවීමේ අවධානමක් පවතින ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

මාවුස්සාකැලේ ජලාශයේ, ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බැසීමත් සමග පැරණි මස්කෙළිය නගරයේ නටඹුන් අතරින් බෞද්ධ විහාරස්ථානය, බෝධි ප්‍රාකාරය, ශ්‍රී ෂන්මුගනාදන් හින්දු කෝවිල,  ඝණ දෙවි කෝවිල, ඉස්ලාම් පල්ලිය හා ගල් ආරුක්කු පාලම ජලයෙන් ගොඩවී ඇති අයුරු ඡායාරූපවලින් දැක්වේ.

ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.