lakbima.lk

වියැලුණු මහවැලිය

 

වැසි රහිත වියළි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව මේ වන විට සැලකිය යුතු මට්ටමක් දක්වා පහත බැස තිබේ.

එහි මේ වන විට සක්‍රීය ජල ධාරිතාව සමස්ත ජල ධාරිතාවෙන් 42% ක මට්ටමක පවතී.

මේ හේතුවෙන් මහවැලි ජලාශයෙන් ජලය ලබා ගන්නා ජල පාරිභෝගිකයන් දැඩි අසීරුතාවට පත්ව ඇති අතර වියළි කාලගුණය තවදුරටත් උග්‍ර වන්නේ නම් බොහෝ ප්‍රදේශවලට පානීය ජලය සැපයීමේ ගැටලුව මතු වීමේ අවදානමක් පවතී.

වියළි කාලගුණික තත්ත්වය යටතේ කදුකරයේ කැලෑ ගිනි තැබීම් ද මේ වන විට ඉහළ යාමක් දැකිය හැකිය.

ලේවැල්ල, තැන්නෙකුඹුර, හාරගම වැනි ප්‍රදේශවල මහවැලි ගංගාවේ ජල ධාරිතාව දැඩි වශයෙන් පහත බැස ඇති අයුරු ඡායාරූපවල දැක්වේ.

නදීක දයා බණ්ඩාර

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.