lakbima.lk

රාජකීයන් කීර්තිමත් පුද්ගලයින් අගයයි



 කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලද 80 කණ්ඩායම විසින්, තම කණ්ඩායමේ සාමාජිකයින් විසින් වෘත්තීයමය ජීවිතය තුළ සිදු කර ඇති කීර්තිමත් සේවාව ඇගයීම හා පැසසුම් පිරිනැමීමේ උත්සවයක් පසුගියදා කොළඹ මූවන්පීක් හෝටලයේදී සංවිධානය කර තිබුණි.

 

දැනට සේවයේ නියුතු ශ්‍රී ලංකාවේ ඉහළම හමුදා නිලධාරියා මෙන්ම, ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ද්විපාර්වික ආරක්ෂක සම්බන්ධතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ලබා දී ඇති දායකත්වය වෙනුවෙන්, පාකිස්ථාන රජය විසින් හමුදා නිලධාරියෙකු වෙත ලබා දෙනු ලබන එරට ඉහළම සම්මානය වන Nishan-e-Imtiaz (Military) පදක්කමෙන් පිදුම් ලැබූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් ආර්සී විජේගුණරත්නයන් ද මෙ‍හිදී පැසසුමට ලක් විය. මෙම සුවිශේෂී පදක්කමෙන් පිදුම් ලැබූ එකම ශ්‍රී ලාංකික හමුදා නිලධාරීයා අද්මිරාල් විජේගුණරත්නයන්ය.

 
පාකිස්ථානයේ සිවිල් පුද්ගලයින් විසින් තම රට ලෝකයේ කීර්තිමත් කිරීම ‍මෙන්ම, තම රට වෙනුවෙන් කැපී පෙනෙන සේවාවක් ඉටු කිරීම වෙනුවෙන් Nishan-e-Imtiaz (order of Excellence) පදක්කම පිරිනමනු ලබයි. මෙම පදක්කම සිවිල් ජනතාවට පමණක්ම නොව, හමුදා පුද්ගලයින් වෙතද පිරිනමනු ලබයි.


 සම්බන්ධතාවය වර්ධනය කිරීමෙහිලා දක්වා ඇති දායකත්වය  යන කරුණු විශේෂයෙන් සැලකිල්ලට ගෙන ඇත. Nishan-e-Imtiaz (Military) නමැති පදක්කම, පාකිස්ථානු රජය විසින් පිරිනමනු ලබන්නේ විදේශීය රටවල රාජ්‍ය ප්‍රධානින් හට පමණි.
 

ප්‍රශංසනීය හමුදා සේවයකට හිමිකම් කියන ජෙනරාල් (යුද්ධ හමුදා), අද්මිරාල් (නාවික හමුදාව, වෙරළාරක්‍ෂක හෝ මැරීන් බලකාය) සහ එයාර් චීෆ් මාර්ෂල් (ගුවන් හමුදාව) යන නිලයන් සඳහාද පිරිනමනු ඇත.

අතිශයින්ම සීමිත හා ගෞරවාන්විත ප්‍රධානයක් වන Nishan-e-Imtiaz (Military) නමැති පදක්කම, ඇමෙරිකා එක්සත් ජනපද රජය විසින් ප්‍රධානය කරනු ලබන ජානාධිපති නිදහස් පදක්කම (Presidential Medal of Freedom- USA) සහ මහා බ්‍රිතාන්‍ය විසින් පිරිනමනු ලබන (Order of British Empire-UK) යන පදක්කම් වලට දළ වශයෙන් සමානත්වයක් උසුලයි.

 අභියාචනාධිකරණ විනිසුරු, බන්දුල කරුණාරත්න, ශ්‍රී ලංකා නීති සංගමයේ සභාපති, නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, ශල්‍යවෛද්‍ය ආයතනයේ සභාපති, ආචාර්ය නිශ්සංක ජයවර්ධන, ඇස්, කන් සහ උගුර සම්බන්ධ විශේෂඥ වෛද්‍ය ආයතනයේ සභාපති, ආචාර්ය සමන් යසවර්ධන, ශ්‍රී ලංකා ඉන්ජිනේරු ආයතනයේ සභාපති, ඉන්ජිනේරු මහාචාර්ය මනොජ පල්ලෙවත්ත, ජාතික වෛද්‍ය නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා, කොළඹ විශ්ව විද්‍යාලයේ හෙද පීඨයේ පීඨාධිපති, මහාචාර්ය දේවක වීරකෝන් යන 80 වන කණ්ඩායමේ විද්වතුන්ද මෙහිදී පැසසුමට ලක්විය.

සුහඳ හමුවක් සමග පැවැත්වූ මෙම වැඩසටහන් සඳහා 80 වන කණ්ඩායමේ විශාල පිරිසක් සිය බිරින්දෑ වරුන් සමග සහභාගී වී සිටියහ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.