lakbima.lk

සජිත්-රවි ගැටුමේ සුලමුල

අලුත් අවුරුදු සමයේදී ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ මැති ඇමැතිවරු රැසක්ම සිටියේ කොළඹින් පිටතය. කිහිපදෙනෙකු විදේශගතව සිටි නමුත් බොහෝ දෙනෙක් අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරීමට තමන්ගේ ගම්බිමි බලා පිටත්ව ගොස් සිටියහ. සාමාන්‍යයෙන් සිදුවන ආකාරයට අවුරුදු සතියේදී රටේ දේශපාලනය වැඩි කලබලයකින් තොරව ගෙවීගියේය. එහෙත් සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාත් රවි කරුණානායක ඇමැතිවරයාත් රටේ දේශපාලනය උණුසුම් කළහ.

සජිත් සහ රවි අතර ගැටුම පසුගිය සතියේදී දේශපාලන කරළියට  පැමිණියත් මේ අර්බුදය පසුගිය කාලයේදී එක්සත් ජාතික පක්ෂය තුළ දිගින් දිගමට මතුව තිබුණේය. සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ නායකයා බවට පත් කළ යුතු බවට පවසතත් පක්ෂයේ අභ්‍යන්තරයෙන් ගැටුම් ඇතිවූ අවස්ථාවේදී රවි ඇතුළු පිරිස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂකයන් බවට පත්ව සිටියහ. සජිත් සමග රවි ගැටුම ඇතිකරගත්තේ සජිත් නියෝජ්‍ය නායකයා ලෙසින් පක්ෂය අභ්‍යන්තරයෙන් ඉදිරියට එන විට ඔහුට අභියෝග කිරීමට හැකි චරිතයක් නිර්මාණය කිරීමට රනිල් කටයුතු කිරීමත් සමගය.

සජිත් නියෝජ්‍ය නායකයා බවට පත්වන විට අලුතින් තවත් තනතුරක් රනිල් ඇති කළේය. ඒ එක්සත් ජාතික පක්ෂ උප නායක තනතුරයි. වැඩි බහුතරයත් සෑම විටම තමන්ට හිතවත් පිරිසගෙන් පුරවාගෙන සිටින එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සම්මත කරගත් යෝජනාවක් අනුව රනිල් උප නායක ධුරයක් ඇති කළේය. එම උප නායක ධුරය ඔහු ඇති කළේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පමණක් නොව එක්සත් ජාතික පක්ෂ සම්මේලනයකදී පාක්ෂිකයන්ගේ අනුමැතියද ඇතිවය.

උප නායක ධුරය සදහා රනිල් පත් කළේ රවිය. නියෝජ්‍ය නායක ධුරය සදහා නිශ්චිත වගකීම් හා කාර්යයන් නොපවරා ඇති ආකරයටම උප නායක ධුරය සදහාද එවැනි නිශ්චිත වගකීමක් පවරා තිබුණේ නැත. දේශපාලන වේදිකාවලදී හා ප්‍රවෘත්ති සාකච්ඡාවලදී තමන්ගේ නමට ඉදිරියෙන් තනතුරක් ලෙස පමණක් භාවිත කිරීමට හැකි ආකාරයේ තනතුරක් වූ මේ තනතුර සදහා එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත තුළද පහසුකම් ලබාදී තිබුණේ නැත.

සජිත් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පිටත සිට තමන්ගේ දේශපාලන වැඩ කටයුතු  කරන මුත් රවි කරුණානායක දැනට සති කිහිපයකට පෙර සිරිකොතේදී දේශපාලන කටයුතු කිහිපයකට අත ගසා තිබුණේය. ඒ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළකි. සඳුදා දිනයේදී සිරිකොතේදී පාක්ෂිකයන් හමුවන රවි ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදුන්නේ සිරිකොතේදී මහජන දිනයක් පවත්වමිනි. රවිගේ දේශපාලනික කාර්ය මණ්ඩලයක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම කටයුතු සංවිධානය කර තිබුණේය.

එහෙත් සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී තමන්ගේ දේශපාලන වැඩ කටයුතු වැඩියෙන් සිදුකරන්නේ නැත. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පැවැත්වෙන අවස්ථාවකදී සිරිකොතට පැමිණෙන ඔහු එහි විධිමත් ලෙස කාර්යාලයක් පවත්වාගෙන යන්නේ නැත. ඒ වෙනුවට දිස්ත්‍රික් හා ගම් මට්ටමින් තමන්ගේ දේශපාලන ජාලය වර්ධනය කිරීමට උනන්දු වන සජිත් හා පක්ෂ මූලස්ථානයේ තම බලය  තහවුරු කරගැනීමට උත්සාහ ගන්නා රවි අතර දේශපාලන අර්බුදය කරළියට පැමිණියේ පසුගිය සතියේදීය.

විදුලි අර්බුදය සම්බන්ධයෙන් සජිත් කළ කතාවක් රවිට දේශපාලන වශයෙන් බරපතළ ලෙස රිදවීමට සමත්වී තිබුණේය.  එයට ප්‍රතිචාර දැක්වූ රවි යාපනයට ගොස් සජිත්ට දේශපාලනික වශයෙන් පහර දුන්නේය. එයට සජිත් ප්‍රතිචාර දැක්වූයේ රවිගේ දෙමාපියන් ගැන සිහිපත් කරමින්ය.

රවිට දෙමළ සම්භවයක් ඇතැයි දේශපාලන ලෝකයේ නිල නොලත් ජාතිවාදී කතාවට රවි පසුගිය සතියේදී පැහැදිලි පිළිතුරක් ලබාදුන්නේය. ඒ ඔහුගේ යටතේ ක්‍රියාත්මක වන වන සමාජ ජාල ක්‍රියාකාරිකයන් රවිගේ උප්පැන්න සහතිකය ප්‍රසිද්ධියට පත් කිරීමෙනි. රවිගේ දෙමළ සම්භවය ගැන සදහන් වන දේශපාලන ඕපාදූපවලට රවි පිළිතුරු ලබා නොදුන්නේ ඔහු උතුරු කොළඹ කේන්ද්‍ර කරගෙන දේශපාලන කටයුතු කරන නිසාය. උතුරු කොළඹ දෙමළ ඡන්ද කෙරෙහි අවධානය යොමු කරගෙන සිටින රවිට මෙවර නම් වක්‍රාකාරයෙන් හෝ ඊට පිළිතුරු ලබාදීමට සිදුවිය.

මේ අතර නැවත වරක් සජිත් අලුත් අවුරුද්ද උණුසුම් කළේ රවිට නැවත ප්‍රතිචාර දක්වමින්ය. රවිගේ නම නොකියමින් ඔහු දැරූ ඇමැති ධුර ගැන සිහිපත් කළ සජිත් රවි ඇමැති ධුර දරන විට රටට ආලෝකයක් බලා‍පොරොත්තු වුවත් ඔවුන් ලබාදෙන්නේ අඳුරක් යැයි කීවේය. ඒ රවිගේ යටතේ විදුලිබල මණ්ඩලය විසින් විදුලි කප්පාදුවක් කළ නිසාය.

ඒ අතර එයට රවි ප්‍රතිචාර දැක්වූවේ පිස්සු බල්ලෙක් හපා කෑවට තමන් නැවත එසේ හපා නොකන බව කියමින්ය.
“කුමන තරාතිරමේ අයෙක් වුණත් ද්‍රෝහීවීමට මම ඉඩ දෙන්නේ නෑ. කුමන්ත්‍රණ කිරීමට මම ඉඩ දෙන්නේ නෑ”රවි නැවත වරක් ප්‍රතිචාර දැක්වූවේය.

සජිත් සහ රවි අතර ඇතිවෙමින් තිබූ ගැටුමට මැදිහත් වීමට අලුත් අවුරුදු නිවාඩුව ගත කරමින් සිටි රනිල්ටද සිදුවිය. එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරු කිහිපදෙනෙක්ම රනිල්ට කතාකරමින් පැවසුවේ මේ ගැටුමට මැදිහත් නොවන්නේ නම් එය එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතුවලට බරපතළ හානියක් වන බවය. ඒ අතරම එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් තිස් අට දෙනෙක් එක්ව රනිල්ගෙන් ඉල්ලා තිබුණේ මෙයට මැදිහත් වන ලෙසය.

ඒ අනුව රනිල් වහාම සජිත්ටත් රවිටත් කතා කළේය. ඔවුන් දෙදෙනාටම තරයේ අවවාද කළේ අභ්‍යන්තර දේශපාලන ගැටුම් ඇති කර නොගන්නා ලෙසය.

අලුත් අවුරුදු සමයේදී රනිල් සිය අවුරුදු නිවාඩුව ගත කිරීමට තෝරාගෙන තිබුණේ ගාල්ලයි. දකුණු මුහුදු තීරයේදී සිය අලුත් අවුරුදු නිවාඩුව ගත කිරීමට සැලසුම් කරගෙන සිටි රනිල් හදිසියේම සිය සැලසුම වෙනස් කළේය. ඒ වෙනුවට ඔහු තෝරාගත්තේ නුවරඑළියයි.

වෙනදාට අලුත් අවුරුදු චාරිත්‍ර සිදුකරන ආකාරය ගැන මාධ්‍ය වෙත ඡායාරූප නිකුත් නොකරන රනිල් මේ අවුරුද්දේ මාධ්‍යයට ඡායාරූප කිහිපයක් නිකුත් කළේය. නොනගතයට ආගමික වතාවත් සිදුකරන ආකාරයේ ඡායාරූප මෙන්ම අලුත් අවුරුද්දේදී සිය බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ සමග කිරි උතුරවන ඡායාරූපද ඔහු මාධ්‍යයට නිකුත් කළේය.

අලුත් අවුරුද්ද නුවරඑළියේ අගමැති නිල නිවසේ ගත කළ ඔහු එක් දිනයක් ශාරීරික ව්‍යායාම කිරීම සදහා සිය නිල නිවසින් පිටතට පැමිණියේය. කාලයක් රනිල් සමග සමීපව දේශපාලන කටයුතු කළ රෝහිත බෝගොල්ලාගම හිටපු ඇමැතිවරයාගේ නිවසක්ද අගමැති නිල නිවසට අල්ලා තිබේ. රනිල් ශාරීරික ව්‍යායාම සදහා ඇවිදිමින් සිටියදී බෝගොල්ලාගමද රනිල්ගේ මුහුණට හමුවිය. ඔවුන් දෙදෙනා ටික වේලාවක් කතාබහ කළේ අලුත් දේශපාලන නෑකමකට මුල පුරමින්ය.

අලුත් අවුරුද්දට නුවරඑළියට ගිය රනිල් නැවත කොළඹ පැමිණිමට නියමිතව තිබුණේ සෙනසුරාදාය. එහෙත් ඔහු අලුත් අවුරුද්ද අවසන් වූ වහාම නැවත කොළඹ පැමිණියේය. ඒ සජිත් ප්‍රේමදාස අගමැතිවරයා බවට පත් කිරීමට සූදානම් බවට පළවී තිබූ වාර්තා දේශපාලනය උණුසුම් කර තිබූ නිසාය.

“අලුත් අවුරුද්දේදී ජනාධිපතිවරයා සජිත් අගමැති කරන්න හදන්නේ. ඒ නිසා මාධ්‍යයත් අවධානයෙන් ඉන්න. අලුත් අවුරුද්දට පත්තර ගහන්නේ නෑනේ. ඒ නිසා විශේෂ පත්තරයක් ගහන්න වේවි”මාධ්‍ය ක්ෂේත්‍රයට ඇතැම් දේශපාලන අධිකාරයන්ගෙන් තොරතුරු ලැබෙමින් තිබුණේය.
මේ ගැන මාධ්‍යවේදීන් සජිත්ගෙන් විමසුවේය.

“මේක මහා බොරුවක්. එහෙම කිසිම දෙයක් වෙන්නේ නෑ. මේක කීපදෙනෙක් එකතුවෙලා හදපු බොරු ප්‍රවෘත්තියක්. මේකෙන් ජනාධිපතිතුමාත් අපහසුතාවට පත්වෙලා ඇති” සජිත් තමන්ට ඇමතූ මාධ්‍යවේදීන්ට පිළිතුරු දුන්නේය.
බදාදා දිනයේම රනිල් අරලියගහ මන්දිරයට ගියේ කලින් කර තිබූ සැලසුම් වෙනස් කර ඇතිවී තිබෙන දේශපාලන වෙනස්කම් හමුවේ සිය දේශපාලන කටයුතු ආරම්භ කිරීමටය. අලුත් දේශපාලන වටපිටාව ගැනත් අවධානය යොමු කළ රනිල් කොළඹ වරාය නගරයේ නිලධාරීන් කැදවූවේය. ඒ  එහි වැඩ කටයුතු ගැන අවධානය යොමු කිරීමටය. ඒ අතර අලුත් අවුරුද්දට සුබ පැතීමට මැති ඇමැතිවරු කිහිපදෙනෙක්ම රනිල් හමුවීමට අරලියගහ මන්දිරයට පැමිණියේය.

“සර් අලුත් අවුරුද්දට ආණ්ඩුව පෙරළනවා, අලුත් අගමැතිවරයෙක් පත් කරනවා වගේ කතා කිව්වට ඒවා එකක්වත් වුණේ නෑනේ”අලුත් අවුරුද්දට සුබ පැතීමට පැමිණ සිටි ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා ඇසුවේය.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කලින් සැලසුම් කර තිබූ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් අවලංගු වීම ගැනත් රනිල් සමග සිටි ඇමැතිවරුන්ගේ අවධානය යොමුව තිබුණේය.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කළේ කොළඹ පිහිටි නිල නිවසේදීය. අවුරුදු අවසන් වනවාත් සමග ඔහු ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබුණි.

අලුත් අවුරුද්දේදී දේශපාලන හිතවතුන් හමුවීමට අවස්ථාව නොලැබෙන නිසා ජනාධිපති කාර්යමණ්ඩලය විසින් නොනගතය පැවැත්වෙන කාලයේදීම අමුත්තන්ට පැමිණෙන්නැයි දැනුම් දී තිබුණේය.
“මොකක්ද මේ නොනගතය වෙලාවේ කට්ටියට එන්න කියලා තියෙන්නේ. අවුරුද්ද දවසේ නොනගතයට එන්න කියන එක හරි නෑනේ”මෛත්‍රී අලුත් අවුරුද්දේ දෝස් මුරයක්ද දැම්මේය. කෙසේ වෙතත් අවසානයේදී අලුත් අවුරුද්දට මෛත්‍රී හමුවීමට අමුත්තන් පැමිණියේ නොනගතය අවසන් වීමෙන් පසුවය.

අලුත් අවුරුදු චාරිත්‍ර අවසන් කළ මෛත්‍රී ඉන්දියාව බලා පිටත්ව ගියේය. ඉන්දියාවේ සිට ඔහු සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතය. ඒ සිය පවු‍ලේ සාමාජිකයන් සමග පෞද්ගලික සංචාරයක් සඳහා එක්වීමටය. එම සංචාරය අවසන් කර ලංකාවට පැමිණි පසු දේශපාලන පෙරළියක් වෙතැයි ආරංචි පැතිර ගියේය. එවැනි කතාවක් ගිය සති අන්තයේ ප්‍රචාරය වුවද අලුත් අවුරුද්දේ කිසිවක් වූවේ නැත.


පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබුණේ ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙනි. පුද්ගලික සංචාරයක් සඳහා ඇමෙරිකාව බලා ගිය ගෝඨාභය සංචාරය අතරතුර දී සිය ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීමේ කටයුතුවල ද නියැළුණේය. ඒ අතරතුර මෙරට දේශපාලනක්ෂේත්‍රය ඇවිලී ගියේ ගෝඨාට එරෙහිව ඇමෙරිකාවේදී නඩු දෙකක් පැවරීමත් සමගය.


ඒකාබද්ධ විපක්ෂය චෝදනා කළේ ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙතැයි බියෙන් ආණ්ඩුව මෙවැනි කටයුතුවල නියැලෙන බවටය. මේ සියලු අකලංචි අතර සිය කටයුතු නිම කළ ගෝඨාභය අප්‍රේල් 12 වැනිදා මෙරටට යළි පැමිණීමට නියමිතව තිබුණි.


 ගෝඨාභය මෙරටට පැමිණෙන අවස්ථාවේදී ඔහු පිළිගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තීන්දුවකට එළඹ තිබුණි. සමාජ මාධ්‍ය ජාලා හරහා ද ජනතාවටද ගෝඨාභය පිළිගැන්මට ගුවන්තොටට පැමිණෙන ලෙසට ආරාධනා හුවමාරු වෙමින් තිබුණේය.


මේ අතර 12වැනිදා උදෑසනම ප්‍රසන්න රණතුංගට මහින්ද රාජපක්ෂගෙන් දුරකථන ඇමතුමක් ආවේය.
“ප්‍රසන්න කොහෙද ඉන්නේ?” මහින්ද ඇසුවේය.

“සර් මං එයා‍පෝර්ට් එකට යන්නයි හදන්නේ” ප්‍රසන්න උත්තර දුන්නේය.

“ඒක හොඳයි ප්‍රසන්න. ඔයා ගිහින් එතන වැඩ ටික බලලා කරන්න. විශේෂයෙන් ආරක්ෂාව ගැනත් බලන්න ඕනේ. ගෝඨාභය කොළඹට එනකම් ඔයාට බාරයි මහින්ද උපදෙස් දුන්නේය.

“හරි සර්. මං ඒවා බලාගන්නම්. ඔය හැමතැනම ඉන්නේ අපේ කොල්ලෝ. ඒ හින්දා සර් බය වෙන්න එපා” කී ප්‍රසන්න ගුවන්තොට බලා පිටත්ව ගියේය.

මේ අතර ඩලස් තවත් යෝජනාවක් කළේය. ඔහු කීවේ ගෝඨාභය පිළිගන්න නෙලුම් ‍පොහොට්ටු තිබුණොත් හොඳයි කියාය. ඒ වන විට ගෝඨාභය එන්නට තිබුණේ පැය භාගයකටත් අඩු කාලයකි. වහාම ප්‍රසන්න සිය ආධාරකරුවන් දෙදෙනකු මෝටර් බයිසිකලයකින් ග‍ලේ දේවාලය වෙත පිටත් කර යවා නෙළුම් ‍පොහොට්ටු ගෙන්වා දුන්නේය.


සියලු ඉල්ලීම් ඉටු කරමින් මනාව උත්සවය සංවිධාන කළ ප්‍රසන්නට ඩලස් පැවැසුවේ “අපේ ආණ්ඩුවක් ආපු කාලයක මෙයා තමයි ගුවන් තොටුපළ ඇමැති. අද අපි කොළඹ ගිය ගමන් මහින්ද මහත්තයාට ඒ ඉල්ලීම කරනවා” කියාය.
ඩලස්, නාමල් රාජපක්ෂ, ප්‍රියංකර ජයරත්න, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ ඇතුළු පිරිස නියමිත වේලාවට ගුවන් තොටු‍පොළින් ඇතුළු වී ගුවන් යානයටම ගොස් ගෝඨාභය පිළිගත්හ.

අලුත් අවුරුදු සමයේදී ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ මැති ඇමැතිවරු රැසක්ම සිටියේ කොළඹින් පිටතය. කිහිපදෙනෙකු විදේශගතව සිටි නමුත් බොහෝ දෙනෙක් අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරීමට තමන්ගේ ගම්බිමි බලා පිටත්ව ගොස් සිටියහ. සාමාන්‍යයෙන් සිදුවන ආකාරයට අවුරුදු සතියේදී රටේ දේශපාලනය වැඩි කලබලයකින් තොරව ගෙවීගියේය. එහෙත් සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාත් රවි කරුණානායක ඇමැතිවරයාත් රටේ දේශපාලනය උණුසුම් කළහ.

සජිත් සහ රවි අතර ගැටුම පසුගිය සතියේදී දේශපාලන කරළියට  පැමිණියත් මේ අර්බුදය පසුගිය කාලයේදී එක්සත් ජාතික පක්ෂය තුළ දිගින් දිගමට මතුව තිබුණේය. සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ නායකයා බවට පත් කළ යුතු බවට පවසතත් පක්ෂයේ අභ්‍යන්තරයෙන් ගැටුම් ඇතිවූ අවස්ථාවේදී රවි ඇතුළු පිරිස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂකයන් බවට පත්ව සිටියහ. සජිත් සමග රවි ගැටුම ඇතිකරගත්තේ සජිත් නියෝජ්‍ය නායකයා ලෙසින් පක්ෂය අභ්‍යන්තරයෙන් ඉදිරියට එන විට ඔහුට අභියෝග කිරීමට හැකි චරිතයක් නිර්මාණය කිරීමට රනිල් කටයුතු කිරීමත් සමගය.

සජිත් නියෝජ්‍ය නායකයා බවට පත්වන විට අලුතින් තවත් තනතුරක් රනිල් ඇති කළේය. ඒ එක්සත් ජාතික පක්ෂ උප නායක තනතුරයි. වැඩි බහුතරයත් සෑම විටම තමන්ට හිතවත් පිරිසගෙන් පුරවාගෙන සිටින එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සම්මත කරගත් යෝජනාවක් අනුව රනිල් උප නායක ධුරයක් ඇති කළේය. එම උප නායක ධුරය ඔහු ඇති කළේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පමණක් නොව එක්සත් ජාතික පක්ෂ සම්මේලනයකදී පාක්ෂිකයන්ගේ අනුමැතියද ඇතිවය.

උප නායක ධුරය සදහා රනිල් පත් කළේ රවිය. නියෝජ්‍ය නායක ධුරය සදහා නිශ්චිත වගකීම් හා කාර්යයන් නොපවරා ඇති ආකරයටම උප නායක ධුරය සදහාද එවැනි නිශ්චිත වගකීමක් පවරා තිබුණේ නැත. දේශපාලන වේදිකාවලදී හා ප්‍රවෘත්ති සාකච්ඡාවලදී තමන්ගේ නමට ඉදිරියෙන් තනතුරක් ලෙස පමණක් භාවිත කිරීමට හැකි ආකාරයේ තනතුරක් වූ මේ තනතුර සදහා එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත තුළද පහසුකම් ලබාදී තිබුණේ නැත.

සජිත් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පිටත සිට තමන්ගේ දේශපාලන වැඩ කටයුතු  කරන මුත් රවි කරුණානායක දැනට සති කිහිපයකට පෙර සිරිකොතේදී දේශපාලන කටයුතු කිහිපයකට අත ගසා තිබුණේය. ඒ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළකි. සඳුදා දිනයේදී සිරිකොතේදී පාක්ෂිකයන් හමුවන රවි ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදුන්නේ සිරිකොතේදී මහජන දිනයක් පවත්වමිනි. රවිගේ දේශපාලනික කාර්ය මණ්ඩලයක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම කටයුතු සංවිධානය කර තිබුණේය.

එහෙත් සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී තමන්ගේ දේශපාලන වැඩ කටයුතු වැඩියෙන් සිදුකරන්නේ නැත. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පැවැත්වෙන අවස්ථාවකදී සිරිකොතට පැමිණෙන ඔහු එහි විධිමත් ලෙස කාර්යාලයක් පවත්වාගෙන යන්නේ නැත. ඒ වෙනුවට දිස්ත්‍රික් හා ගම් මට්ටමින් තමන්ගේ දේශපාලන ජාලය වර්ධනය කිරීමට උනන්දු වන සජිත් හා පක්ෂ මූලස්ථානයේ තම බලය  තහවුරු කරගැනීමට උත්සාහ ගන්නා රවි අතර දේශපාලන අර්බුදය කරළියට පැමිණියේ පසුගිය සතියේදීය.

විදුලි අර්බුදය සම්බන්ධයෙන් සජිත් කළ කතාවක් රවිට දේශපාලන වශයෙන් බරපතළ ලෙස රිදවීමට සමත්වී තිබුණේය.  එයට ප්‍රතිචාර දැක්වූ රවි යාපනයට ගොස් සජිත්ට දේශපාලනික වශයෙන් පහර දුන්නේය. එයට සජිත් ප්‍රතිචාර දැක්වූයේ රවිගේ දෙමාපියන් ගැන සිහිපත් කරමින්ය.

රවිට දෙමළ සම්භවයක් ඇතැයි දේශපාලන ලෝකයේ නිල නොලත් ජාතිවාදී කතාවට රවි පසුගිය සතියේදී පැහැදිලි පිළිතුරක් ලබාදුන්නේය. ඒ ඔහුගේ යටතේ ක්‍රියාත්මක වන වන සමාජ ජාල ක්‍රියාකාරිකයන් රවිගේ උප්පැන්න සහතිකය ප්‍රසිද්ධියට පත් කිරීමෙනි.

රවිගේ දෙමළ සම්භවය ගැන සදහන් වන දේශපාලන ඕපාදූපවලට රවි පිළිතුරු ලබා නොදුන්නේ ඔහු උතුරු කොළඹ කේන්ද්‍ර කරගෙන දේශපාලන කටයුතු කරන නිසාය. උතුරු කොළඹ දෙමළ ඡන්ද කෙරෙහි අවධානය යොමු කරගෙන සිටින රවිට මෙවර නම් වක්‍රාකාරයෙන් හෝ ඊට පිළිතුරු ලබාදීමට සිදුවිය.

මේ අතර නැවත වරක් සජිත් අලුත් අවුරුද්ද උණුසුම් කළේ රවිට නැවත ප්‍රතිචාර දක්වමින්ය. රවිගේ නම නොකියමින් ඔහු දැරූ ඇමැති ධුර ගැන සිහිපත් කළ සජිත් රවි ඇමැති ධුර දරන විට රටට ආලෝකයක් බලා‍පොරොත්තු වුවත් ඔවුන් ලබාදෙන්නේ අඳුරක් යැයි කීවේය. ඒ රවිගේ යටතේ විදුලිබල මණ්ඩලය විසින් විදුලි කප්පාදුවක් කළ නිසාය.

ඒ අතර එයට රවි ප්‍රතිචාර දැක්වූවේ පිස්සු බල්ලෙක් හපා කෑවට තමන් නැවත එසේ හපා නොකන බව කියමින්ය.
“කුමන තරාතිරමේ අයෙක් වුණත් ද්‍රෝහීවීමට මම ඉඩ දෙන්නේ නෑ. කුමන්ත්‍රණ කිරීමට මම ඉඩ දෙන්නේ නෑ”රවි නැවත වරක් ප්‍රතිචාර දැක්වූවේය.

සජිත් සහ රවි අතර ඇතිවෙමින් තිබූ ගැටුමට මැදිහත් වීමට අලුත් අවුරුදු නිවාඩුව ගත කරමින් සිටි රනිල්ටද සිදුවිය. එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරු කිහිපදෙනෙක්ම රනිල්ට කතාකරමින් පැවසුවේ මේ ගැටුමට මැදිහත් නොවන්නේ නම් එය එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතුවලට බරපතළ හානියක් වන බවය. ඒ අතරම එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් තිස් අට දෙනෙක් එක්ව රනිල්ගෙන් ඉල්ලා තිබුණේ මෙයට මැදිහත් වන ලෙසය.

ඒ අනුව රනිල් වහාම සජිත්ටත් රවිටත් කතා කළේය. ඔවුන් දෙදෙනාටම තරයේ අවවාද කළේ අභ්‍යන්තර දේශපාලන ගැටුම් ඇති කර නොගන්නා ලෙසය.

අලුත් අවුරුදු සමයේදී රනිල් සිය අවුරුදු නිවාඩුව ගත කිරීමට තෝරාගෙන තිබුණේ ගාල්ලයි. දකුණු මුහුදු තීරයේදී සිය අලුත් අවුරුදු නිවාඩුව ගත කිරීමට සැලසුම් කරගෙන සිටි රනිල් හදිසියේම සිය සැලසුම වෙනස් කළේය. ඒ වෙනුවට ඔහු තෝරාගත්තේ නුවරඑළියයි.

වෙනදාට අලුත් අවුරුදු චාරිත්‍ර සිදුකරන ආකාරය ගැන මාධ්‍ය වෙත ඡායාරූප නිකුත් නොකරන රනිල් මේ අවුරුද්දේ මාධ්‍යයට ඡායාරූප කිහිපයක් නිකුත් කළේය. නොනගතයට ආගමික වතාවත් සිදුකරන ආකාරයේ ඡායාරූප මෙන්ම අලුත් අවුරුද්දේදී සිය බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ සමග කිරි උතුරවන ඡායාරූපද ඔහු මාධ්‍යයට නිකුත් කළේය.

අලුත් අවුරුද්ද නුවරඑළියේ අගමැති නිල නිවසේ ගත කළ ඔහු එක් දිනයක් ශාරීරික ව්‍යායාම කිරීම සදහා සිය නිල නිවසින් පිටතට පැමිණියේය. කාලයක් රනිල් සමග සමීපව දේශපාලන කටයුතු කළ රෝහිත බෝගොල්ලාගම හිටපු ඇමැතිවරයාගේ නිවසක්ද අගමැති නිල නිවසට අල්ලා තිබේ. රනිල් ශාරීරික ව්‍යායාම සදහා ඇවිදිමින් සිටියදී බෝගොල්ලාගමද රනිල්ගේ මුහුණට හමුවිය. ඔවුන් දෙදෙනා ටික වේලාවක් කතාබහ කළේ අලුත් දේශපාලන නෑකමකට මුල පුරමින්ය.

අලුත් අවුරුද්දට නුවරඑළියට ගිය රනිල් නැවත කොළඹ පැමිණිමට නියමිතව තිබුණේ සෙනසුරාදාය. එහෙත් ඔහු අලුත් අවුරුද්ද අවසන් වූ වහාම නැවත කොළඹ පැමිණියේය. ඒ සජිත් ප්‍රේමදාස අගමැතිවරයා බවට පත් කිරීමට සූදානම් බවට පළවී තිබූ වාර්තා දේශපාලනය උණුසුම් කර තිබූ නිසාය.

“අලුත් අවුරුද්දේදී ජනාධිපතිවරයා සජිත් අගමැති කරන්න හදන්නේ. ඒ නිසා මාධ්‍යයත් අවධානයෙන් ඉන්න. අලුත් අවුරුද්දට පත්තර ගහන්නේ නෑනේ. ඒ නිසා විශේෂ පත්තරයක් ගහන්න වේවි”මාධ්‍ය ක්ෂේත්‍රයට ඇතැම් දේශපාලන අධිකාරයන්ගෙන් තොරතුරු ලැබෙමින් තිබුණේය.

මේ ගැන මාධ්‍යවේදීන් සජිත්ගෙන් විමසුවේය.

“මේක මහා බොරුවක්. එහෙම කිසිම දෙයක් වෙන්නේ නෑ. මේක කීපදෙනෙක් එකතුවෙලා හදපු බොරු ප්‍රවෘත්තියක්. මේකෙන් ජනාධිපතිතුමාත් අපහසුතාවට පත්වෙලා ඇති” සජිත් තමන්ට ඇමතූ මාධ්‍යවේදීන්ට පිළිතුරු දුන්නේය.
බදාදා දිනයේම රනිල් අරලියගහ මන්දිරයට ගියේ කලින් කර තිබූ සැලසුම් වෙනස් කර ඇතිවී තිබෙන දේශපාලන වෙනස්කම් හමුවේ සිය දේශපාලන කටයුතු ආරම්භ කිරීමටය.

අලුත් දේශපාලන වටපිටාව ගැනත් අවධානය යොමු කළ රනිල් කොළඹ වරාය නගරයේ නිලධාරීන් කැදවූවේය. ඒ  එහි වැඩ කටයුතු ගැන අවධානය යොමු කිරීමටය. ඒ අතර අලුත් අවුරුද්දට සුබ පැතීමට මැති ඇමැතිවරු කිහිපදෙනෙක්ම රනිල් හමුවීමට අරලියගහ මන්දිරයට පැමිණියේය.

“සර් අලුත් අවුරුද්දට ආණ්ඩුව පෙරළනවා, අලුත් අගමැතිවරයෙක් පත් කරනවා වගේ කතා කිව්වට ඒවා එකක්වත් වුණේ නෑනේ”අලුත් අවුරුද්දට සුබ පැතීමට පැමිණ සිටි ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා ඇසුවේය.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කලින් සැලසුම් කර තිබූ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් අවලංගු වීම ගැනත් රනිල් සමග සිටි ඇමැතිවරුන්ගේ අවධානය යොමුව තිබුණේය.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කළේ කොළඹ පිහිටි නිල නිවසේදීය. අවුරුදු අවසන් වනවාත් සමග ඔහු ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබුණි.

අලුත් අවුරුද්දේදී දේශපාලන හිතවතුන් හමුවීමට අවස්ථාව නොලැබෙන නිසා ජනාධිපති කාර්යමණ්ඩලය විසින් නොනගතය පැවැත්වෙන කාලයේදීම අමුත්තන්ට පැමිණෙන්නැයි දැනුම් දී තිබුණේය.
“මොකක්ද මේ නොනගතය වෙලාවේ කට්ටියට එන්න කියලා තියෙන්නේ. අවුරුද්ද දවසේ නොනගතයට එන්න කියන එක හරි නෑනේ”මෛත්‍රී අලුත් අවුරුද්දේ දෝස් මුරයක්ද දැම්මේය. කෙසේ වෙතත් අවසානයේදී අලුත් අවුරුද්දට මෛත්‍රී හමුවීමට අමුත්තන් පැමිණියේ නොනගතය අවසන් වීමෙන් පසුවය.

අලුත් අවුරුදු චාරිත්‍ර අවසන් කළ මෛත්‍රී ඉන්දියාව බලා පිටත්ව ගියේය. ඉන්දියාවේ සිට ඔහු සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතය. ඒ සිය පවු‍ලේ සාමාජිකයන් සමග පෞද්ගලික සංචාරයක් සඳහා එක්වීමටය. එම සංචාරය අවසන් කර ලංකාවට පැමිණි පසු දේශපාලන පෙරළියක් වෙතැයි ආරංචි පැතිර ගියේය. එවැනි කතාවක් ගිය සති අන්තයේ ප්‍රචාරය වුවද අලුත් අවුරුද්දේ කිසිවක් වූවේ නැත.

පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබුණේ ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙනි. පුද්ගලික සංචාරයක් සඳහා ඇමෙරිකාව බලා ගිය ගෝඨාභය සංචාරය අතරතුර දී සිය ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීමේ කටයුතුවල ද නියැළුණේය. ඒ අතරතුර මෙරට දේශපාලන ක්ෂේත්‍රය ඇවිලී ගියේ ගෝඨාට එරෙහිව ඇමෙරිකාවේදී නඩු දෙකක් පැවරීමත් සමගය.

ඒකාබද්ධ විපක්ෂය චෝදනා කළේ ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙතැයි බියෙන් ආණ්ඩුව මෙවැනි කටයුතුවල නියැලෙන බවටය. මේ සියලු අකලංචි අතර සිය කටයුතු නිම කළ ගෝඨාභය අප්‍රේල් 12 වැනිදා මෙරටට යළි පැමිණීමට නියමිතව තිබුණි.


 ගෝඨාභය මෙරටට පැමිණෙන අවස්ථාවේදී ඔහු පිළිගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තීන්දුවකට එළඹ තිබුණි. සමාජ මාධ්‍ය ජාලා හරහා ද ජනතාවටද ගෝඨාභය පිළිගැන්මට ගුවන්තොටට පැමිණෙන ලෙසට ආරාධනා හුවමාරු වෙමින් තිබුණේය.
මේ අතර 12වැනිදා උදෑසනම ප්‍රසන්න රණතුංගට මහින්ද රාජපක්ෂගෙන් දුරකථන ඇමතුමක් ආවේය.
“ප්‍රසන්න කොහෙද ඉන්නේ?” මහින්ද ඇසුවේය.


“සර් මං එයා‍පෝර්ට් එකට යන්නයි හදන්නේ” ප්‍රසන්න උත්තර දුන්නේය.
“ඒක හොඳයි ප්‍රසන්න. ඔයා ගිහින් එතන වැඩ ටික බලලා කරන්න. විශේෂයෙන් ආරක්ෂාව ගැනත් බලන්න ඕනේ. ගෝඨාභය කොළඹට එනකම් ඔයාට බාරයි මහින්ද උපදෙස් දුන්නේය.


“හරි සර්. මං ඒවා බලාගන්නම්. ඔය හැමතැනම ඉන්නේ අපේ කොල්ලෝ. ඒ හින්දා සර් බය වෙන්න එපා” කී ප්‍රසන්න ගුවන්තොට බලා පිටත්ව ගියේය.


මේ අතර ඩලස් තවත් යෝජනාවක් කළේය. ඔහු කීවේ ගෝඨාභය පිළිගන්න නෙලුම් ‍පොහොට්ටු තිබුණොත් හොඳයි කියාය. ඒ වන විට ගෝඨාභය එන්නට තිබුණේ පැය භාගයකටත් අඩු කාලයකි.

වහාම ප්‍රසන්න සිය ආධාරකරුවන් දෙදෙනකු මෝටර් බයිසිකලයකින් ග‍ලේ දේවාලය වෙත පිටත් කර යවා නෙළුම් ‍පොහොට්ටු ගෙන්වා දුන්නේය.


සියලු ඉල්ලීම් ඉටු කරමින් මනාව උත්සවය සංවිධාන කළ ප්‍රසන්නට ඩලස් පැවැසුවේ “අපේ ආණ්ඩුවක් ආපු කාලයක මෙයා තමයි ගුවන් තොටුපළ ඇමැති. අද අපි කොළඹ ගිය ගමන් මහින්ද මහත්තයාට ඒ ඉල්ලීම කරනවා” කියාය.
ඩලස්, නාමල් රාජපක්ෂ, ප්‍රියංකර ජයරත්න, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ ඇතුළු පිරිස නියමිත වේලාවට ගුවන් තොටු‍පොළින් ඇතුළු වී ගුවන් යානයටම ගොස් ගෝඨාභය පිළිගත්හ.

 තිලකජය

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.