lakbima.lk

මැන්ගෝ රයිස්

 
අවශ්‍ය ද්‍රව්‍ය:
 
බාස්මතී සහල් ග්‍රෑම් 500 ක්
හොඳින් ඉදුණු බෙරි නොවූ අඹ ගෙඩි 3 ක්
ඉදුණු අමු මිරිස් කරල් 2 යි
ලොකු ලූණු ගෙඩියක්
බටර් මේස හැඳි 2 යි
සෝයා සෝස් මේස හැඳි 1 යි
ලුණු රසට අනුව
ලූනු ගස් 2 ක්
ගම්මිරිස් රසට අනුව
 
සාදන ආකාරය:
 
සහල් ගරා සෝදා සාමාන්‍ය ලෙස බත පිසගන්න. අඹ ගෙඩියේ ‍පොතු, ඇට අස්කර තීරුවලට කපාගන්න. ලූනු ගෙඩිය සහ අමු මිරිස් කරල්ද සිහින් කෙඳි ආකාරයට ලියාගන්න. ලූනු කොළ අඟ‍ලේ පමණ කැබලිවලට කපාගන්න. බටර් ටික ලිප තබා රත්වන විට ලූනු, අමු මිරිස් දමන්න. තෙම්පරාදු වීගෙන එනවිට, සෝයා සෝස්, ලුණු, ගම්මිරිස් දමන්න. අඹ කැබලි සහ බත්ද දමා හොඳින් මිශ්‍රකර කෑමට ගන්න.
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.