lakbima.lk

ෆ්‍රිෂ්විත් ග්‍රීන්පීස්

අවශ්‍ය ද්‍රව්‍ය -

ග්‍රීන්පීස් ග්‍රෑම් 100
තෝරමාළු ග්‍රෑම් 500
තක්කාලි ග්‍රෑම් 100
ලොකුලූනු ග්‍රෑම් 50
මිරිස්කුඩු මේස හැඳි 1
රතුලූනු ගෙඩි 15ක් පමණ
අබ ක්‍රීම් මේස හැඳි 1
කරපිංචා කිනිත්තක්
විනාකිරි මේස හැඳි 2
ටොමැටෝ සෝස් මේස හැඳි 3
‍පොල්තෙල් මේස හැඳි 4
අමුමිරිස් කරල් 5ක්
ලුණු රසට අනුව

සාදන ආකාරය -


මාළු ටික හොඳින් පිලී යන ලෙස සෝදා අඟ‍ලේ පමණ කොටු කපා ගන්න. ග්‍රීන්පීස් තම්බා ගන්න. නැතිනම් වෙළඳ‍පොළේ තිබෙන තම්බා සකස්කර තිබෙන ග්‍රීන්පීස් පැකට් එකක් ගත හැකිය.

තෙල් ටික ළිප තබන්න. දැන් සිහින්ව ලියා ගත් ලොකු ලූනු දමන්න. කරපිංචා දමන්න. මිරිස් කුඩු, ලුණු කුඩු දවටා ගත් මාළු කැබැලි දමන්න. එය මද ගින්දරේ තෙම්පරාදු වන අතරේ අබ ක්‍රීම්, විනාකිරි, ග්‍රීන්පීස් එකතු කරන්න.

හොඳින් කලවම් කරන්න. තීරු කපාගත් තක්කාලි සුද්ද කර සෝදා ගත් රතුලූනු ගෙඩි දිගට පලාගත් අමුමිරිස් දමා කලවම් කර ගන්න.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.