lakbima.lk

බැදගත් ගල් මාළු

අවශ්‍ය ද්‍රව්‍ය -


එකම තරමට දිග මලටි මාළු කූරි 3යි
රසට අනුව ලුණු
රසට අනුව ගම්මිරිස්
කහ ස්වල්පයක්
දෙහි යුෂ රසට අනුව
තෙල් අවශ්‍ය තරමට
අඹරාගත් ඉඟුරු සුදුලූනු මේස හැඳි 1
චිලි පේස්ට් මේස හැඳි 3-4ක්
ලොකු ලූනු ගෙඩියක්
කෑලි මිරිස් තේ හැඳි 1
අමුමිරිස් කරල් 2-3ක්
ලූනු ගස් 5ක් පමණ
ඔයිස්ටර් සෝස් මේස හැඳි 3
වතුර අඬු කෝප්ප 1/4
කෝන්පිටි මේස හැඳි 2
ලුණු රසට අනුව

සාදන ආකාරය -


සීසන් කරගත් මාළු කූරි ගැඹුරු තෙලට දමා රන්වන් පාටට බැද ගන්න. එය පසෙකින් තබන්න. දැන් බටර් ටිකක් ළිප තබා රත්වන විට අඹරාගත් ඉඟුරු, සුදුලූනු දමන්න.

චිලි පේස්ට් දමන්න. සිහින්ව කපාගත් ලූනු, කෑලි මිරිස්, සිහින්ව කපාගත් අමුමිරිස් දමන්න.

දැන් ඔයිස්ටර් සෝස් ලුණු වතුර එකතු කරන්න. වතුර ටිකක දියකරගත් කෝන්පිටි දමන්න. මේ උකු සෝස් එක මාළු මත දමා පිළිගන්වන්න.
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.