lakbima.lk

ග්‍රිල් කරගත් තෝර මාළු


අවශ්‍ය ද්‍රව්‍ය -

තෝර මාළු පෙති 3ක්
දෙහි යුෂ රසට අනුව
ලුණු රසට අනුව
ගම්මිරිස් රසට අනුව
කහ කුඩු බිඳක් පමණ
රතු පාට වුනු අමුමිරිස් කරල් 5ක්
ලොකු ලූනු ගෙඩියක්
බටර් මේස හැඳි 2
චිලි පේස්ට් මේස හැඳි 3
ලුණු රසට අනුව

සාදන ආකාරය -

මාළු පෙති සෝදා එයට ලුණු, ගම්මිරිස්, කහ කුඩු, දෙහි යුෂ දමා හොඳින් සීසන් වන්නට හරින්න. ඉන්පසු බටර් ගා ගත් පෑන් එකක දමා දෙපැත්ත දමමින් ග්‍රිල් කර ගන්න. එය පැතලි තැටියක අඩුක් කර ගන්න.

දැන් බටර් ටිකක් ළිප තබා මද ගින්දරේම එයට සිහින් රවුම් ලෙස කපාගත් රතු පාට අමුමිරිස් එකතු කරන්න.

ලොකුවට කොටු කපාගත් ලූනු ගෙඩිය දමන්න.

ලුණු, චිලි පේස්ට් එකතු කර සාදාගත් සෝස් එක මාළු පෙති මත දමා කෑමට ගන්න.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.