lakbima.lk



පවතින අයහපත් කාලගුණය හේතුවෙන් රාජංගනය‍,දැදුරුඔය සහ තබ්බෝව ජලාශ වල වාන් දොරටු විවෘත කිරීමට සිදුවී ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
අද (01) පෙරවරුව වන විට රාජංගනය සහ දැදුරුඔය ජලාශ වල වාන් දොරටු 02 බැගින් විවෘත කර ඇත.ඒ අඩි 02 බැගිනි.තබ්බෝව ජලාශයේ වාන් දොරටු 04 ක් අඩි 02 බැගින් විවෘත කර ඇත.රාජංගනය ජලශයේ ජලය කලාඔයටත්, දැදුරුඔයේ ජලය දැදුරුඔයටත්,තබ්බෝව ජලාශයේ ජලය මී ඔයටත් මුදා හරින බැවින් පහත් ප්‍රදේශ වල පදිංචිකරුවන් අවදානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කරන්නේ යැයි පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.
කලාඔයේ ජල මට්ටම ඉහල යාම  හේතුවෙන් පුත්තලම - මන්නාරම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට එළුවන්කුලම ප්‍රදේශයේදී බාධා එල්ලවී ඇත. එළුවන්කුලම ප්‍රදේශයේදී පුත්තලම - මන්නාරම මාර්ගය හරහා අඩියක් පමණ ජලයෙන් යටවී ඇති බව ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.  

ජුඩ් සමන්ත

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.