lakbima.lk

දේශගුණික බලපෑම් අවම කිරීමට ලෝක බැංකුවෙන් ආධාර

දේශගුණික බලපෑම් අවම කිරීමේ ක්‍රියාකාරී ව්‍යාපෘතිය  ක්‍රියාත්මක  කිරීම සඳහා ලෝක බැංකුවේ  ප්‍රතිසංස්කරණය  හා සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික බැංකුව වෙතින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.8ක්  පිරිනමා ඇත
 
ජාතික දේශගුනික විපර්යාස සදහා වූ ප්‍රතිපත්ති, ක්‍රමෝපාය හා ක්‍රියාකාරකම්  ක්‍රියාත්මක  කිරීමට සහ  වෙළඳ පොල හෝ වෙළද පොල නොවන අවම කිරීමේ භාවිතවන් නිර්මාණය කිරීම සදහා ශ්‍රී ලංකාව තුල ධාරිතාවයන් හා පද්ධතීන් ශක්තිමත් කිරීම මේ ව්‍යාපෘතියේ අරමුණුයි

ඇමරිකා එක්සත්  ජනපදයේ වොෂිංටන් හි මේදිනවල පැවැත්වෙන  ලෝක බැංකු හා ජාත්යන්තර මූල්ය අරමුදලේ වාර්ශික  රැස්වීම් අතරතුරදී  ශ්‍රී  ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්.සමරතුංග මහතා සහ ලෝක බැංකුව වෙනුවෙන් දකුණු ආසියානු කලාපයේ ලෝක බැංකුවේ උප සභාපති හර්ට්විග් ෂාෆර් මහතා විසින්  ඊයේ (11) අත්සන් කරන ලදී.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.