lakbima.lk

දිවයිනේ බො‍හෝ ප්‍රදේශවලට සවස ගිගුරුම් සහිත වැසි

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද උදෑසන 8.30න් අවසන් වූ පැය 24 තුළ උපරිම වර්ෂාපතනය මි.මී.40ක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ කොටුව ප්‍රදේශයෙන් වාර්තා විය.

සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර, උතුරු මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසා සිටී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.