lakbima.lk

ලබන වසර මැද වනවිට උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරිම් අවසන්

"අපි උමා ඔය විදුලි බලාගාරයේ වර්තමාන ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට පැමිණියා. අපට අවශ්‍ය වන්නේ හැකි ඉක්මනින් මෙවැනි ව්‍යාපෘති නිම කරලා, ජාතික විදුලි බල පද්ධතියට ලබාදිය හැකි දායකත්වය ලබාදෙන්නයි. ලබන වසර මැද වනවිට උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු නිම කරලා. ඉන් අපේක්ෂිත  මෙගාවොට් 120 ක ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන්න අපට හැකිවේවි " යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

ඒ මහතා මෙම අදහස් පළකරන ලද්දේ, පසුගියදා උමා ඔය බලාගාරයේ ඉදිකිරීම් ප්‍රගතිය නිරිකෂණය කිරීම සදහා පැවති නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ හා ලංකා විදුලිබල මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වෙමින් පවතී.

ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇමර්කානු ඩොලර් මිලියන 529ක් හෙවත් රුපියල් බිලියන 06 කි. ඉරාන රජය, ඉරාන අපනයන සංවර්ධන බැංකුව (Export Development Bank of Iran) මගින් ඇමරිකානු ඩොලර් මිලියන 450 ක්, ණය මුදලක් ලෙස සපයයි.

මෙම නිරීක්ෂණ චාරිකාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ විෂයභාර අමාත්‍යවරයා,

"අද පවතින විදුලි ඇනහිටීම් වලට ප්‍රධානම හේතුව තමයි, යම් යම් හේතූන් මත මෙවැනි ව්‍යාපෘති ප්‍රමාදවීම. අපේ එකම අධිෂ්ඨානය මෙන්ම ප්‍රයත්නය වන්නේ, තිබෙන බාධක, අවහිරතා ඉවත් කරලා, මෙවැනි ව්‍යාපෘති කඩිනමින් නිම කරලා,  විදුලි ජනනය වර්ධනය කිරීමයි "යැයි පැවසීය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.