lakbima.lk

වර්ෂාවත් සමග හැමූ දැඩි සුළඟකින් නිවාස 10කට හානි


නෝර්වූඩ්, වෙන්චර් ප්‍රදේශය හරහා ඊයේ (11) පස්වරුවේ අධික වර්ෂාව සමග පැවති සුළං තත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ වතු නිවාස 10 ක සෙවිළි තහඩු ගැලවී යාම නිසා එම නිවාසවල පදිංචි වතු කම්කරුවෝ දැඩි අසීරුතාවකට පත්ව සිටිති.
එම නිවාස වල පදිංචිකරුවන් මේ වන විට ඔවුන්ගේ නිවාසවලම තවමත් අසීරුවෙන් පදිංචිව සිටිති. ඉදිරියටත් වැසි සහ සුළං සහිත කාළගුණයක් පැවතියහොත් තමන් අසීරුතාවට පත්වන බව එම ජනතාව පවසති.

 

ඡායාරූප හා සටහන- මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.