lakbima.lk

අවුරුදු සමයේ අනතුරු වලට ලක් වූ 413ක් කොළඹ ජාතික රෝහලට

පසුගිය 13 සහ 14 දෙදින තුලදී හදිසි අනතුරු වලට ලක්වූ පුද්ගලයන් 413 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය ඇතුළත් කළ  බව  ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය පවසයි.

එය පසුගිය වසරට සාපේක්ෂව 08% ඉහළ යාමක් බවත් මහා මාර්ග වල අනතුරු හේතුවෙන් තුවාල ලැබූවන් 113 දෙනෙකු ඒ අතර සිටින බව පැවසිය.

පසුගිය වසරට සාපේක්ෂව මහා මාර්ග අනතුරු 06%කින් පමණ අඩුවි තිබේ.

නිවසේ සිදුවූ අනතුරු හේතුවෙන් පුද්ගලයන් 49 දෙනෙකු සහ හිංසන ක්‍රියා හේතුවෙන් පුද්ගලයන් 36 දෙනෙකු මෙන්ම ගිනි කෙළි අනතුරු හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන් 06 දෙනෙකුද එම කාලය තුළ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.