lakbima.lk

අභිරහස් ලෙස ඝාතනය කළ කාන්තා මළසිරුරක් වළ දමා තිබියදී සොයා ගැනේ

සිය බිරිද පසුගිය දා 10 වන දින සිට අතුරුදහන්ව ඇතැයි කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ මෙහයවු තිරුක්කෝවිල් පොලීසිය විසින් පැමිණිලිකරුගේ නිවස පිටුපස වත්තේ  අභිරහස් ලෙස ඝාතනය කර වල දමා තිබණු ඇයගේ සිරුර අද (12) දහවල් අක්කරපත්තුව මහේස්ත්‍රාත් පී.ශිවකුමාර් මහතා ඉදිරිපිටදී ගොඩ ගෙන ඇත.  

අභිරහස් ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තිරුක්කෝවිල් 2, විනයාගපුරම්, ආරියම්පති පාරේ පදිංචිව සිටි  පනස් දෙවහැවිරිදි වඩිගල් කනගම්මා නැමති දෙදරු මවකි. ඇයගේ දරුවන් දෙදෙනා විවහා වී වෙන්ව පදිංචි වී ජීවත්වන බවත්  මියගිය කනගම්මා සහ පැමිණිල්ල සිදු කළ ස්වාමිය පමණක් නිවසේ පදිංචිව සිට ඇති බව පොලීසිය තොරතුරු හෙළිදරව් කර ගෙන ඇත. ගොඩගත් සිරුර අම්පාර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

පැමිණිල්ලට අනුව පරීක්ෂණ ආරම්භ කළ පොලීසිය අතුරුදහන්වු කාන්තාවගේ නිවස සහ වත්ත පරීක්ෂාවට ලක් කිරිමේදී දුගදක් වහනය වීමත් සමග ඒ පිළිබදව විමසිලිමත් වීමේදී සැකකටයුතු ලෙස වලක් කපා තිබු ස්ථානයක් පිළිබදව සැක සිතී මහේස්ත්‍රාත් වරයාගේ මුලිකත්වයෙන් හාරා බැලීමේදී සිරුර හමුවී ඇත. මරණයට පත්ව ඇති කාන්තාවගේ ස්වාමියා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්දව තිරුක්කෝවිල් පොලීසියේ ස්ථානාධිපති වරයා ඇතුලු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.

සමන් මාණික්ක ආරච්චි - අම්පාර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.